පෙම්වතාට එරෙහිව ප්‍රීති නඩු දමයි
පෙම්වතාට එරෙහිව
ප්‍රීති
නඩු දමයි
තමාට මරණ තර්ජනය කළේ යැයි චෝදනා නඟමින් සුරූපී නිළි ප්‍රීති සින්තා පසුගියදා සිය
දීර්ඝකාලීන පෙම්වතා වන කෝටිපති ව්‍යාපාරික නේස් වාඩියාට එරෙහිව පැමිණිලි කරඇත.
නේස් වාඩියා පසුගිය මැයි 30 වැනිදා වන්කේඩේ ක්‍රීඩාංගනයේ පැවැත් වූ අයිපීඑල්
තරඟයේදී නේස් ප්රීතිට තර්ජනය කිරීම මීට හේතුවයි.
‘මට උඹව අතුරුදන් කරන්න පුළුවන්. උඹ නිළියක් විතරයි. වෙන කවුරුවත් නොවෙයි. මං බලගතු
කෙනෙක්’ තමන්ගේ ජීවිතයට බියක් ඇති කරමින් ඔහු එසේ පැවසූ බව ඇය පවසා තිබේ.
නඩුව ගොනු කිරීමෙන් පසු පැතිර ගියේ ප්රීතිට ඔහු අතවර කිරීමට උත්සාහ කිරීම
සම්බන්ධයෙන් ඇය නඩු පවරා ඇති බවයි. එහෙත් ප්‍රීතිගේ නීතිඥයා හිතේෂ් ජෙයින් පවසන
පරිදි නඩුවේ කොතැනකවත් අපචාර ගැන සඳහන් කර නොමැත.
මේ අතර වාඩියා පැවසුවේ, පදනමක් නැති, මුළුමනින්ම අසත්‍ය වූ ප්‍රීතිගේ කථාව අසා තමන්
කම්පාවට පත් වූ බවයි.
පොලීසිය දෙදෙනා අතර හුවමාරු වූ විද්‍යුත් පණිවුඩ ගැන අවධානය යොමුකර ඇත. විද්‍යුත්
පණිවුඩවලින් පවා දෙදෙනා දබර කරගනිති.
නේස් වාඩියා පාකිස්තානයේ නිර්මාතෘ මොහමඩ් අලි ජින්නාගේ මුනුබුරකු වෙයි. 2004 වසරේ
සුනාමි මොහොතේ තායිලන්තයේ නිවාඩුවක් ගතකරමින් සිටි නේස් සහ ප්‍රීති දිවි ගලවා ගත්තේ
අසීරුවෙනි.
|