හඳපානාගලට දමයන්ති ජයසූරිය එක් වෙලා
හඳපානාගලට දමයන්ති ජයසූරිය එක් වෙලා
බොහෝ කාලයක නිහඬතාවයෙන් පසු ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද දමයන්ති ජයසූරිය මියුරුතම
ගායනයක් සමඟින් කලා ලොව ගීතවත් කරන්නට එක්ව සිටිනවා.
‘හතර මහ නිධන් ළයේ නිධන් කර
නින්දේ පසුවන හඳපානාගල
දූදරු සම්පත අතපානා කළ
කොපුල් තෙමා ගත් හඳපානාගල . . .
මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වන හඳපානාගල ටෙලි නාට්‍යයේ තේමා ගීතය
ගායනය සමඟින් ඇය සිය හඬ ගුවනට මුදාලන්නීය.
ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කරන හඳපානාගල ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ රචනය රත්න
ශ්‍රී විජේසිංහ විසිනි. සංගීතය ගයාන් ගණකධාරගේය.
දමයන්ති ජයසූරිය මෙලෙස ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයට එක් වූයේ වසර තුනකට පමණ පසුවය.
හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ තේමා ගිත ගායනයෙන් ටෙලි තේමා ගී ගායනයට එක් වූ ඇය
තේමා ගී තිහකට අධික ප්‍රමාණයක් ගායනා කර තිබේ.
සිය මියුරු ස්වරයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීත රැසක් ගීත ක්ෂේත්‍රයට දායාද කළ
ඇය මේ දිනවල බෞද්ධ ගී එකතුවක් ආදරණීය රසික ඔබට තිළිණ කරන්නට සූදානම් වෙමින්
සිටින්නීය.
- යතේජා
|