වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




විද්‍යාගේ නීති

විද්‍යාගේ නීති

විද්‍යා බාලන් සිනමා රජුන්ටත් නීති පනවන්නට තරම් ප්‍රබල තාරකාවක් වී අවසානය. ෂාරුක් සමඟ රඟපෑමට සෑම තරාතිරමකම තාරකාවන් පොර බදිද්දී විද්‍යා කියා සිටින්නේ කොන්දේසි මත ෂාරුක් සමඟ රඟපාන බවයි. ෂාරුක් ඛාන් සමඟ රඟපෑමට කැමැති වුවත් දෙදෙනාටම සාධාරණයක් සිදුවන පිටපතක් නොලැබුණොත් රඟ නොපාන බව ඇය පවසන්නීය. බොබී ජේ සූස් ඇයගේ නවතම සිනමා පටය දැන් තිරගත වෙයි.

තිස් හය හැවිරිදි විද්‍යා දැන් විවාහයෙන් පසු ගන්නේ පරිණත තීන්දුය. ඇය තවදුරටත් අයිටම් අංක සඳහා පෙනී නොසිටින බව ප්‍රකාශ කළේ ද මෑතකදීය.