|
|
ගෙදර ගියේ පැදුර රැගෙන මගෙ බිරිඳම වෙන්න බැරි ද ?
සුනිල් ගුණවර්ධන ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය
අනේ දෙවියනේ මට වුණු වියෝයා
ගුවන් විදුලියෙහි වෙළෙඳ සේවයෙන් විකාශය වන ජන ගී වැඩසටහනකට සවන් යොමු කළ මගේ සවනතට ඇසුණු මේ ජන ගීය අතීතයේ බොහෝ ඈතකට මා කැන්දන් ගියේය. මීට වසර කිහිපයකට ඉහත අමරා ගුරුතුමිය සිය සොඳුරු ස්වරයෙන් ගයා කියාදුන් මේ ගීතය මට අද මෙන් මතකය. එකල පාසලෙහි තෙවැනි වසරෙහි ශිෂ්‍යයන් වූ අප අමරා ගුරුතුමියට බෙහෙවින් ආදරය කළෙමු. ඒ තරමටම ඈ අපගේ හදවත බැඳුණු සොඳුරු ගුරුතුමියක් වූවාය. ඈ අපට මවක් වූවාය. සුදු පසුබිමෙහි රතු මල් වැටුණු සාරිය ඇඟලා ගත් ඈ එනතුරු අප මඟ බලා සිටින්නේ දුර ගමනක් ගොස් ලොසින්ජර රැගෙන මව නිවෙසට පැමිණෙනතුරු බලා සිටින දරුවන් ලෙසිනි. පන්තියට පැමිණීමටත් පෙර අමරා ගුරුතුමිය සොයා යන අප ඇගේ සාරි පොටෙහි එල්ලෙන්නේ අපගේ ආදරය කොතරම් දැයි ඇයට පවසන්නට යත්න දරන්නාක් මෙනි. මා සමඟ මේ කාර්යයට හවුල් වන මා මිතුරා වන සුනිල්වද මට මේ වේලෙහි සිහිපත් වන්නේ නිතැතිනි. (මහාචාර්ය සුනිල් ආරියරත්න නම් ගී පද රචකයා ලෙස වර්තමානයේ මෙරටෙහි නමක් දරා සිටින්නේ එකම පන්තියෙහි මා සමඟ අකුරු කළ මිතුරාය) කුඩා දරුවන් ලෙස එහි උගත් අපට අමරා ගුරුතුමිය ගයන ජන ගී කට පාඩම් වූයේ ඉබේමය. ඇගේ මියුරු ස්වරය පාසල් වත්ත අවසාන වන ඉම දක්වාම ගලා යන්නේ යැයි අපට සිතෙන්නේ අනෙක් පන්තිවලද මීයට පිම්ඹා සේ නිශ්ශබ්දතාවයක් පැතිර ගිය හෙයිනි. ඒ කුමක් වුවද කලාවට හිතැති, සෞන්දර්යයට ළැදි අප වැනි දරුවන් නිර්මාණය කිරීමේ ලා මූල බීජය සපැයූයේ ඇය බව මම නිතරම සිහිපත් කරන්නේ හදබැති ගෞරවයෙනි. අද අප යම් තැනක සිටින්නේද එහි මූලික ගෞරවය හිමිවිය යුත්තේ අමරා ගුරුතුමියට බව කිවහොත් සුනිල් ද මා සමඟ එකඟ වනු නොඅනුමානය. මේ කවියෙහි ආභාසය ඇසුරු කර ගනිමින් ඔහු ලියූ ‘පැදුර මගේ’ නම් පහත සඳහන් ගීතයට මම එක ලෙස පි‍්‍රය කරමි. ඒ ගීතය අසන සෑම මොහොතකම මෙන් මගේ කුඩා අවධියත්, අමරා ගුරුතුමියත්, ජන කවියත් මා සිතට පිවිසෙන්නේ සැනෙනි. මේ ගීතයෙහි සැඟව ඇති ඒ අපූරු අතීතයට මම බෙහෙවින් පි‍්‍රය කරමි.
රෑ සීතල වැඩිවෙන කොට
ඉව වැටිලා මගේ වෙනස ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය – එච්. එම්. ජයවර්ධන ගායනය – මහාචාර්ය සනත් නන්දසිරි මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ පන්හිඳෙන් පද බැඳුණු මේ ගීතය අසන විට මගේ මතකයට නැෙඟන අනෙක් අපූරු සිදුවීම වන්නේ මා ඉපදී හැදී වැඩුණු සොඳුරු ගම් පියසය. ඒ වර්තමානයේ ජනාකීර්ණ වී ඇති නුගේගොඩ නගරයයි. වෙල් ඉපනැල්ලේ දුව පැන නැටූ අපගේ ඒ සොඳුරු කුඩා අවධිය පිළිබඳ සිතුවිලි මාත්‍රයක් මගේ සිතේ ඇඳී නෑඳී යයි. අද මෙන් නොව එකල ජනාකීර්ණ නොවූ වන ගහනයෙන් යුක්ත වූ, ලඳු කැලෑවෙන් හා වෙල් යායෙන් විහිදී ගිය මගේ නුගේගොඩ ගම් පියස මා දෙනෙතෙහි මේ දැනුදු විද්‍යාමාන වෙයි. ඉඳහිට හෝ නුගේගොඩ නගරයෙන් ගමන් කරන මොහොතක මා ඒ අතීතය සිහිපත් කරන්නේ සොඳුරු හැඟීම් හදවත උපද්දවමිනි. එවිටම මගේ සිතට පිවිසෙන සුනිල් ලියූ මේ ගීතය මම දෙතොල් අතරෙන් මුමුනන අයුරෙන්ම මේ මොහොතෙහිත් මුමුනමි. සුනිල් ආරියරත්නයන් ලියූ මේ ගීතය ඔහුගේ නිර්මාණ අතර එන අපූරු ගේය පද රචනයකි. ජන කවියෙහි ආභාසය ලබමින්, ඔහු පද බැඳ ඇති මේ ගීතයෙන් කියැවෙන්නේ ශෘංගාරාත්මක සිතුවිල්ලකි. ඒ පිළිබඳ මනා සංයමයකින් සියුම්ව මැදහත්ව ඉදිරිපත් කිරීමට ඔහු දැරූ තැත අප අගය කළ යුතුය. එපමණක් නොව පවුල් සංස්ථාවක තිබෙන මානසික ඝට්ටනය මනා ලෙස හසුකර ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබේ. එමෙන්ම සනත් නන්දසිරි ගේ මියුරු ස්වරයත්, එච්. එම්. ජයවර්ධන ගේ මියුරු සත්සර රටාත් මේ ගීතය ශ්‍රවණය කරන්නන්ගේ හදවත ඇඳ බැඳ තබනු ඇත. මතකයේ ලියැවී ඇති විදියට මේ ගීතය ඇතුළත් වූයේ සනත් නන්දසිරි නම් මා මිතුරාගේ අවසාන කැසට් පටය ලෙස ගැනෙන ‘බොඳ මීඳුම්’ කැසට් පටයටයි. අපේ මිතුදම නිසාම ඔහු ගීත පටිගත කරන ස්ථානයට යෑම පුරුද්දක් කරගෙන සිටි මම ඔහුගේ මේ ගීතය පටිගත කළ ස්ථානයට ද ගියෙමි. ඒ දෙල්කඳ නෙකෝ ශබ්දාගාරයට බව මට මතකය. කාටත් කලින් මා සවනත ගැටුණු මේ ගීතයට එදා පටන්ම මම බෙහෙවින් පි‍්‍රය වීමි. වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ගේය පද රචනා කෘතියට මා සමඟ තරගකරු වී සිටියේ සුනිල් ය. ඔහුගේ මේ ගීතය ඇතුළත් වූ ‘විසිතුරු රෑ අහස’ හා මගේ ‘සිත් වැවට වැසි වැටී’ කෘති ද්විත්වය අතරෙන් ඔහුගේ ගේය පද රචනා කෘතියට මුල් තැන ලැබිණි. එය එසේම විය යුතුය. අප හා සම්බන්ධ ජීවිතයේ මේ සා දිගු පරාසයක ඉතිහාසයක් සිහිපත් කරන මේ ගීතයට මම සැමදා පි‍්‍රය කරමි. අගය කරමි. වික්ටර් රත්නායකයන් ගයන මේ ගීතයට ද මම බෙහෙවින් ආදරය කරමි.
මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
සොමි සඳවත ලෙස රුසිරු නොවී නම් ගේය පද – බණ්ඩාර කේ. විජේතුංග සංගීතය – වික්ටර් රත්නායක ගායනය – වික්ටර් රත්නායක
බණ්ඩාර කේ. විජේතුංග නම් සොඳුරු මිනිසා මට පළමුවෙන්ම මුණගැසෙන්නේ මිතුරු සනත් නන්දසිරිගේ නිවෙසෙහිදීය. ඒ එකල සනත් හා මල්කාන්ති විසුවේ නුගේගොඩ, පාගොඩ පාරෙහි ය. සනත් සමඟ මා සුහද ඇසුරක වෙලී සිටි දිනෙක එහි පැමිණි බණ්ඩාරව හඳුනා ගන්නට මට වැඩි වෙලාවක් ගත නොවුණි. ‘සුනිල් මේ බණ්ඩාර’ සනත් බණ්ඩාරව මට හඳුන්වා දුන්නෙත් එවිටමය. ඒ වනවිටත් ඔහු පිළිබඳ අසා සිටි මම ඔහුගේ දැක්මෙන් ප්‍රමුදිත වීමි. මුවෙහි එක් කොණකින් නැඟෙන සුන්දර සිනහවෙන් ආලෝකමත් වූ ඔහුගේ උවන දෙසම මම බලා සිටියෙමි. ඔහුගේ හඬ ඇසුණු සැනෙන් අප අසලට පැමිණි මල්කාන්ති නැවත වරක් බණ්ඩාරව පිළිගත්තේ සිය පවුලේම හිතවතකු පිළිගන්න අයුරෙනි. ළඟ ඇසුරක් නොමැතිව බණ්ඩාර යන නමින් පමණක් හඳුනාගෙන සිටි ඔහු මා බෙහෙවින් ආදරය කරන මිනිසුන් අතර සිටියෙකි. එලෙස මගේ ආදරය හිමි වූ මිනිසුන් අතර කේ. ඩී. කේ.ධර්මවර්ධන ද, ප්‍රේමකීර්ති ද අල්විස් ද සිටිය වග මට මතකය. බොහෝ කලකට පෙර මා ගුවන් විදුලියෙහි මහ ගෙදර වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි ස්වදේශීය සේවයට කෙටිකතා ලියා සුගතපාල ද සිල්වාණන්ට යවන්නට පුරුදු වී සිටි තරුණයකු වීමි. එහිදි කෙටිකතා කියවන ලද්දේ බණ්ඩාර කේ. විජේතුංගය. ගුවන් විදුලියේදී ඔහුගේ ස්වරයෙන් මා ලියූ කෙටිකතා කිහිපයක්ම කියැ වූ අයුරු මගේ මතකයෙහි තැන්පත් වී තිබෙන්නේ නොමැකෙන ලෙසිනි. ඒ අතීතය යළි යළිත් සිහිපත් කළ ඔහුගේ හමුව සොඳුරුම විය. අපූර්වත්වයෙන් යුතු සොඳුරු මනුස්සකම් රැසක් උරුම කරගත් ඔහු වැනි මිනිසකු ඇසුරු කිරීමට ලැබීම සොඳුරු අත්දැකීමක් ලෙස මගේ හදවත පෙලන්නේය. ඔහු ලියූ මේ ගීතය අසන මොහොතේ ඒ අතීතය සොයා මා රැගෙන යන්නේ නිතැතිනි. ඔහු හා මා ඇසුර වඩාත් ආශක්ත කළ සිදුවීම් කිහිපයක්ම එකල සිදුවිය. ඒ ඔහු හා යසපාලිත නානායක්කාර ත් අතර තිබුණා වූ ඇසුරයි. යසපාලිතගේ චිත්‍රපට සඳහා ගී පද බඳින්නට ඔහුට නැතිවම බැරි ගේය පද රචකයකු වූයේ බණ්ඩාර කේ. විජේතුංගය. ඔහුත්, මමත් යසපාලිතගේ චිත්‍රපට දාහතකට පමණ ගීත ලියා ඇත්තෙමු. ඒ අවස්ථා අතරෙන් ඔහු ගීතයක් පද බඳින ලද අපූරු ආකාරයක් පිළිබඳ මගේ මතකයේ එයි. ඒ කුමන චිත්‍රපටයකට දැයි නම් මට මතක නැත. සුපුරුදු ලෙස ඔහු ගීත ලියන්නට එදිනද පැමිණියේ යසපාලිත ගේ ආරාධනයෙනි. ඒ ගීිතයේ පාද විසිතුනක් ඇතුළත් විය යුතු අතර ගීතය ආරම්භ කරන්නට කිසිදු අදහසක් ඔහුගේ සිතෙහි පහළ නොවිණි. එවර ඔහු අපූරු ක්‍රමයක් අනුගමනය කළේය. ඒ විසිතුන් වැනි පාදයෙන් ආරම්භ කරමින් පළමු පාදය දක්වා ගීතය ලියා ගෙන යෑමය. එවැනි ක්‍රමයක් කළ හැක්කේ ප්‍රතිභාපූර්ණ වූ ගේය පද රචකයකුට පමණක් බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ. ඔහුගේ ගීත සඳහා පාදක වූයේ ඔහුගේම පෞද්ගලික කාරණා බව සත්‍යයකි. එහෙත් ඒ පෞද්ගලික කාරණා ගේය පද රචනයකට පරිවර්තනය කිරීමේදී වන විශේෂත්වයක් මම ඔබට හෙළි කරමි. ඒ ඔහු සිය පෞද්ගලිකත්වය සැමටම පොදු වූ කාරණයක් බවට පත් කිරීමය. ඒ පොදු බව නිසාම ඔහු ලියූ ගීතයක් අපට දැනෙනුයේ අපගේ අත්දැකීමක් ඇසුරෙන් ලියන ලද්දක් ලෙසය. මේ ගීතය බණ්ඩාර ලියන ලද්දේ තම අත්දැකීමක් ඔස්සේ බව මම දනිමි. ඔහු සිය ගීතය මඟින් කොතරම් ආත්මාර්ථකාමී පෙම්වතකු අප හදවතෙහි සිත්තම් කරන්නේ දැයි අපට පෙනෙයි. අපගේ සිත පුදුමයට පත් කරන මේ ගීතයෙහි පද පෙළ ගයන වික්ටර් රත්නායකයන්ගේ මියුරු සංගීතයත්, මියුරු ස්වරයත් අපූරුවට ගැලපී ඇත.
මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
|



සිය අතීත මතකය අතර සැරිසරන විටෙක ඒ අතීතයේ විසූ මිතුරන්ගේ මතකය නැවත අපගේ සිත
ජීවයෙන් පණ ගන්වන්නේ ඉබේමය. ඒ අපූරු සොඳුරු හැඟීමෙන් අපගේ හදවත ඒ අතීතය කරා රැගෙන
යන්නේ ද ඉබේමය. එවැනි අතීතයකට සිත රැගෙන යන ‘මතක ගී පොත’ට මෙවර සහභාගි වන්නේ ගේය පද
රචකයකු මෙන්ම ගුරුවරයකු ලෙස ඔබ හමුවට පැමිණෙන සුනිල් ගුණවර්ධනය.
පැදුර මගේ සොයා දෙන්න
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ