|
|
||
සුදත් මහදිවුල්වැව සිනමාව පෝෂණය කරන අදිසි හත්දෙනෙක්
ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා
මට මතකයි කොටුවේ හයවැනි මධ්‍යස්ථානයේ තිබූ කුඩා සිනමා ශාලාවේ එතුමා මාසිකව ලෝක ප්‍රකට චිත්‍රපට මෙරට සිනමාව කෙරෙහි උනන්දු වූවන්ට නොමිළයේ දැක බලා ගන්නට අවස්ථාව සැළැස් වූවා. සෑම වසරකම තිරගත වූ චිත්‍රපට සහ විකාශය වූ ටෙලිනාට්‍ය අතරේ නිර්මාණශීලීත්වයෙන් උසස් නිර්මාණ සහ ශිල්පින් වෙනුවෙන් සම්මාන පිරිනැමෙන සිග්නීස් උත්තමාචාර උළෙල ද මෙම අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. ඒ සඳහා පුරෝගාමීව කටයුතු කළ උන්වහන්සේගේ මෙහෙය මෙරට සිනමා ක්ෂේත්‍රයේ සුවිශේෂිත වූ දෙයක්.
ප්‍රවීන සිනමා ලේඛකයෙකු, විචාරකයෙකු වන ඈෂ්ලි රන්ත විභූෂණ මෙරට සිනමාවට ඉතාමත්ම අගනා සේවයක් ඉටුකළ පුද්ගලයෙකු ලෙසින් මගේ මනසේ සටහන්ව තියෙනවා. ජාත්‍යන්තර හා දේශීය සිනමා සම්මාන උළෙල ගණනාවකම ජූරි සභිකයකු ලෙසින්ද කටයුතු කරන්නට එතුමා අවස්ථා ලද්දෙක්. සිනමා සංගම් කි‍්‍රයාකාරිකයකු වගේම‘සිනෙසිත්’ සිනමා සඟරාවේ කතුවරයා ද ලෙසින් අපේ සිනමාවේ උන්නතියට කැප වී ක්‍රියා කළ අයෙක්. විදෙස් සිනමා කරුවන්, විදවතුන් ගෙන්වා මෙරටදී විශේෂ දේශන පවත්වන්නට කටයුතු යෙදුවා. ඒවා තරුණ සිනමාකරුවන්ට තම දැනුම වැඩි කරගන්නට මහෝපකාරි වුණා. ඒ වගේම සිනමා ප්‍රකාශන හරහා මෙරට සිනමා දැනුම බෙදා හරින්නට එතුමා කළ කැපවීමත් එසේමයි. සිනෙසිත් සඟරාව හරහා අපට ඒ දැනුම ලබා ගන්නට අවස්ථාව ලැබුණා. අදටත් සිනමාව කලාව හදාරන සිසු සිසුවියන් එහි පැරැණි කලාප පරිශීලනය කරමින් ඒ දැනුම ලබා ගන්නවා. ආසියානු සිනමා කේන්ද්‍රය? නිර්මාතෘවරයා ලෙසින්ද ඈෂ්ලි රත්නවිභූෂණ මෙරට සිනමාවට කළා වූ මෙහෙවර සුළු පටු නොවන්නක්. ඒ හරහා අපට ඉරාන සිනමාව, ස්වීස් සිනමාව හඳුනා ගන්නට අවස්ථාවන් උදා වුණා. ඔහු අපේ සිනමාවේ ප්‍රබලතම කොටස්කරුවෙක්. මෙරට අධ්‍යක්ෂවරුන් ජාත්‍යන්තරයට ගෙන යාම වෙනුවෙන් ඔහු විශාල වශයෙන් මැදිහත් වු අයෙක්. ඒ නිසාම අපේ සිනමාවට සේවයක් ඉටු කළ මෙන්ම කරන්නා වූ චරිත අතරේ මට ඈෂ්ලි රත්නවිභූෂණ සුවිශේෂ වෙනවා.
එම්. ඩී මහින්දපාල මට මගේ ජීවිතයේ හමු වූ සුවිශේෂ ගුරුවරයෙක්. වෘත්තියෙන් සිනමා කැමරා ශිල්පියෙක් වගේම අපට දායාද වූ සිනමා ලේඛකයෙක්. අපේ සිනමාවට පහළ වූ විශිෂ්ට ගණයේ සිනමා කැමරා ශිල්පියෙක්.ඔහු සිනමාව වෙනුවෙන් විශේෂිත කෘති කිහිපයක්ම එළි දක්වා තිබෙනවා. ඒ හරහා ඔහු සිය දැනුම මීළඟ පරම්පරා වෙනුවෙන් බෙදා දෙන්නට ගත් ඒ පියවර අපේ රටේ යහපත් සිනමාවක් වෙනුවෙන් සුවීශේෂයි. පොතින් පතින් වගේම ප්‍රයෝගිකවත් සිනමාව හදාරන්නේ කෙහොමද කියලා ඔහු කියා දුන්නා. ලේඛනයෙන් සිනමාව පිළිබඳ වූ හිඩැස පුරවාලන්නට සුවිශේෂ මෙහෙවරක යෙදුණු ගුරුවරයෙක් ලෙසයි මා ඔහු දකින්නේ.
බොහොමයක් දෙනා අද චිත්‍රපට බලන්නේ හරිම උනන්දුවෙන්. සිංහල චිත්‍රපට වගේම ඉංගී‍්‍රසි, හින්දි, දෙමළ වගේම වෙනත් භාෂාවල චිත්‍රපටත් බලන්නේ උපසිරැසි සමඟින්. නොදන්නා භාෂාවක සිනමා නිර්මාණයක් සිංහලෙන් හෝ ඉංගී‍්‍රසි බසින් මෙලෙස උපසිරැසි සමගින් පේනවීම ප්‍රේක්ෂකයා චිත්‍රපටය බලන්නට වැඩි උනන්දුවක් දක්වනවා. රොබට් කෲස් කියන්නේ මෙරට වෘත්තීය මට්ටමෙන් උපසිරැසි යෙදීමේ නිරතව සිටිනා හොඳම පුද්ගලයා බව චිත්‍රපට නරඹන බොහොමයක් දෙනා නොදන්නා කරුණක්. චිත්‍රපටයේ සන්නිවේදන කාර්යය සාර්ථක වීමට විශාල බලපෑමක් කරන අංගයක් තමයි උපසිරැසි. එයින් නිර්මාණයට නව මානයක් එක් කළ හැකි වෙනවා. අපේ රටේ මේ අංශයේ නිරත සාර්ථකම පුද්ගලයා වන්නේ ද රොබට් කෲස් ය.
පැරණි චිත්‍රපට රැස් කිරීම හා සංරක්ෂණය කරමින් ලාංකේය සිනමාව වෙනුවෙන් විශේෂ මෙහෙවරක යෙදුණු පුද්ගලයෙක් ලෙසින් මා තිස්ස නාගොඩවිතාන දකිනවා. මෙරටට සිනමා සංරක්ෂණාගාරයක් නීත්‍යානුකූලව නොමැති වූ අවස්ථාවක පෞද්ගලිකව මැදිහත් වෙමින් කරන්නට වූයේ සැබෑම වූ සේවයක්. ඔහු විසින් සිංහල සිනමාවේ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් සංරක්ෂණය කර තිබෙනවා. සිනමාවේ ඉදිරි පරම්පරා වෙනුවෙන් එය ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් වේවි.
ඉෆාන් ඉෆාන් නමින් කිව්වම ගොඩක් දෙනෙක් හඳුනන්නේ නම් නැතුව ඇති. නමුත් ඉෆාන් නම් පුද්ගලයා සිනමාව වෙනුවෙන් වූ සේවයක් කරන අයෙකු ලෙසින් මා දකිනවා. ඔහු පාකිස්ථානු ජාතිකයෙක්. කොල්ලුපිටියේ බොලිවුඩ් නමින් ඩීවීඩි අලෙවිසලක් ඔහු විසින් පවත්වා ගෙන ගියා. ව්‍යාපාරික කටයුත්තක් වුනත් සහන මුදලට ලෝක සිනමාවේ සිනමා කෘතින් මෙරට ජනතාව අතරට ගෙන ආ පුද්ගලයෙක්. මගේ හැඟිම නම් සිනමාව පිළිබඳ ශාස්තී‍්‍රය අධ්‍යයනයක් කරන්නන්ට මෙම ස්ථානය දැඩි ලෙස ප්‍රයෝජනවත් ස්ථානයක් වූ බවයි. සිනමාවට ලැදියාවක් දක්වන්නන් සේම විශ්වවිද්‍යාල සිසුන් පවා මෙහි සේවාව ලබනවා මා දුටු දෙයක්. ඒ ඔස්සේ විශාල සේවයක් ඔහුගෙන් සිනමාවට සැළසෙන බැවින් සිනමාවට නිහඬ සේවයක් කරන පුද්ගලයන් අතරේ මා ඔහුවද දකිනවා.
ගෝඩ්න් ද සිල්වා සහ හේමපි‍්‍රය කණ්ඩම්බි හත් වැන්නට මම ගෝඩ්න් ද සිල්වා සහ හේමපි‍්‍රය කණ්ඩම්බි නම් වූ දෙදෙනාගේම සේවය එක හා සමානව දකිනවා. මේ දෙනොම සිනමාවේ පැරැණි දේ සුරකින්නන්. සිනමාව හා සෘජුවම සම්බන්ධයක් නැතත් ගෝඩ්න් ද සිල්වා ගේ සිනෙමායා කෞතුකාගාරය සහ හේමපි‍්‍රය කණ්ඩම්බිගේ සිනමා කෞතුකාගාරයෙන් කෙරෙන්නේ සිනමාවේ අතීතය ආරක්ෂා කිරීමයි. සිනමාවේ තාක්ෂණික උපකරණ, චිත්‍රපට, චිත්‍රපට පෝස්ටර්, ගීත තැටි, ගීත පොත්, සිනමා පොත් හා සඟරා, චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට වැනි බොහෝ දේ ඒ අතරේ වෙනවා. අද බොහෝ දෙනෙක් මේ පිළිබඳ දන්නේවත් නැහැ. නමුත් ඔවුන් මේ අයුරින් සිංහල සිනමාව වෙනුවෙන් කරන්නා වු සේවාව නම් අතිවිශිෂ්ටයි.
|
||




සුදත් මහදිවුල්වැව අපේ රටේ යහපත් සිනමාව වෙනුවෙන් වෙහෙසෙන අපූරුතම නිර්මාණකරුවෙක්.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සේම සිනමාවේත් නව මානයන් සොයා යන අත්දැකීම් වලින් පරිපූර්ණ
වූ කලාකරුවෙක්. පුදුම හත අද වෙන් වුණේ ඔහු වෙනුවෙන්. ඒ ඔස්සේ ඔහු අපිත් සමග කතා
කරන්නේ අපේ සිනමාවට විවිධාකාරයෙන් සේවයක් කළ පුද්ගලයන් හා ඔවුන්ගේ මැදිහත්වීම
පිළිබඳවයි. මේ අතුරින් බොහොමයක් දෙනා කරන්නා වූ නිහඬ සේවය සුදත් මහදිවුල්වැව නම් වූ
නිර්මාණකරුවා දකින්නා වූ ආකාරය අද මේ අයුරින් පුදුම හතෙන් දිගහැරෙන වගයි.
අර්නස්ට් පෝරුතොට පියතුමා තමයි ඕ.සී.අයි.සී. හෙවත් කතෝලික සිනමා පර්ෂදය
පිහිටුවීමෙන් පසුවඅපේ රට අන්තර්ජාතික සංගමයේ සාමාජිකත්වය ලබනවිටදී ජාතික අධ්‍යක්ෂක
ලෙස පත්වුණේ.ඒ හරහා උන්වහන්සේ මෙරට සිනමාව හා කලාව වෙනුවෙන් අති විශාල වූ සේවයක්
කළා. මෙරට යහපත් සිනාමාවක් බිහිකරන්න දක්ෂ සිනමා නිර්මාණකරුවන් බිහිකරන්නට විශාල
මෙහෙයක් එතුමාණන්ගෙන් සිදු වුණා. එය මම මෙරට සිනමාව වෙනුවෙන් වෙහෙසුනු පුද්ගලයන්
අතරේ සුවිශේෂි අන්දමින් දකිනවා.සිනමාව පංති කාමරයක් තුළදී උගන්වන්නට පුළුවනි යන
අදහස දරමින් සිනමාව සම්බන්ධ දැනුම බෙදා දෙන්නට එදා විවිධ සම්මන්ත්‍රණ, වැඩමුළු
පවත්වන්නට පුරෝගාමීව කටයුතු කළා.ඒ මගින් මෙරට සිනමාවට බිහි වූ දක්ෂයන් බොහෝමයි.
ඈෂ්ලි රත්නවිභූෂණ
එම්. ඩී මහින්දපාල
රොබට් කෲස්
තිස්ස නාගොඩවිතාන
