වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තන්හා රතී රඟා’ ෂැංහයි සිනමා උළෙලට

නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තන්හා රතී රඟා’ ෂැංහයි සිනමා උළෙලට

නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තන්හා රතී රඟා’ සිනමා සිතුවම 17 වැනි ෂැංහයි සිනමා උළෙලට සහභාගි වේ. එය ලබන මස 14 – 22 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙනු ඇත.

කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වරණා මල්වාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලී මේ සඳහා රංගන දායකත්වය සපයා තිබේ.

කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල තිර රචනා කළ තන්හා රතී රඟා හී නතාෂා ඩ්‍රීම් සම අධ්‍යක්ෂවරයා මෙන්ම සම නිෂ්පාදකවරයාය.

නිලේන්ද්‍ර, සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ එච්. ඩී. ප්‍රේමසිරි මෙය නිෂ්පාදනය කෙට තිබේ. පසුගියදා නිමා වූ නවදිල්ලියේ දාදා සහාබ් පාල්කේ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වූයේ ද තන්හා රතී රඟා වේ. - ප්‍රසාද්