|
|
ඔහු හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක්
අනුර මාධව ජයසේකර විස්තර කරයි
මේ ‘සරසවිය’ට හිතවත් පාඨකයෙක් අප ඇමතූ වෙලාවක කියූ කතාවක්. ඇත්තෙන්ම ඔහු මෑත කාලයේ විකාශය වූ ඒකකාරී නාට්‍යය නරඹලා හෙම්බත් වෙලා කියලයි ඒක ඇහුවාම මට හිතුණේ. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක අනුර මාධව ජයසේකර හමු වූ මොහොතක මට අපේ පාඨකයාගේ අදහස මතක් වුණා. අනුරටත් මං ඒ ගැන කිව්වා. ඔහු එතැනින්ම මේ සංවාදය ආරම්භ කළා. ඊට මත්තෙන් යමක් කියන්න ඕනෑ. අනුර මාධව ජයසේකරගේ නවතම අධ්‍යක්ෂණය වන සූරියභානු ටෙලි සිතුවම සතියේ සෑම දිනකම රාත්‍රී නවයට ස්වාධින රූපවාහිනියේ විකාශය වෙනවා. එය අන් නාට්‍යවලට වඩා වෙනස් වන්නේ දිගු කාලයකට පසු විකාශය වන රහස් පරීක්ෂක කතා මාලාවක් හින්දයි. ඒ ගැන හිතේ තියාගෙන අපි දැන් බලමු අනුර මාධව මොනවද කියන්නේ කියලා. පාඨකයා පැවසූ අදහසට මා එකඟයි. මං හිතනවා අද වැඩි වශයෙන් නිපද වන්නේ ගත යුත්තක් නැති නිර්මාණ. මං සූරියභානු හැදුවෙත් ඒ හින්දාමයි. ප්‍රේක්ෂකයා වල්මත් නොවී සූරියභානු නරඹලා වින්දනයක් ලබාවි.
කවුද මේ සූරියභානු? ඔහු හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක්. නික් නේම් එක තමයි සූරි. ඇත්ත නම භානුක. නම් දෙක එකතු කරලයි සූරියභානු කියන නම තිබ්බේ.
ඔබ සූරියභානුගේ චරිතය බාර දෙන්නේ ජීවන් කුමාරණතුංගට? ජීවන් එක්තරා යුගයක සිංහල සිනමාවේ හීරෝ කෙනෙක්. ඔහුගේ ඒ තරු ගුණය තවමත් එහෙම්මමයි. ජීවන් වටා අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එකතුª වී සිටිනවා. අංග ලක්ෂණ, හැසිරීම, කතාබහ කිරීම ආදී කරුණු මත සූරිය භානුට ජීවන් හැර වෙනත් කිසිදු නළුවෙක් ගැළපුනේ නෑ. ඒ තිරණය සාර්ථකයි. එහෙම කියන්නේ මට ඇහෙන දැනෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක.
ඊළඟට මං අහන්නේ සූරියභානු හි අන්තර්ගතය ගැන? මේක කොටස් සියයක කතාවක්. ඒ කොටස් සියය ඇතුළේ කොටස් පහළොවෙන් පහළොවට විතර කතා මාරු වෙනවා. ඒ කිව්වේ පළමු කොටස පහළොව එක කතාවක්. ඊළඟ කොටස් පහළොව තව කතාවක් වශයෙන්. ඇතැම් විට සමහර කතාවක් කොටස් දහතුනකින් හෝ දොළහකන් ඉවර වෙන්න පුළුවන්. ඒ අනුව මේ කොටස් සියයට රහස් පරික්ෂක කතා හයක් විතර ඇතුළත්. සූරියභානු ඇතුළු ප්‍රධාන චරිත කිහිපයක් ඒ කොටස් සියය ඇතුළේ වෙනස් වන්නේ නැහැ. හැබැයි කතාවට අනුව අනෙකුත් චරිත මාරු වෙනවා.
ඔබ අවසන නිර්මාණය කළේ ‘සඳට අහස ආදරෙයි’ නම් වූ සංවේදී ආදර කතාවක්. සූරියභානු ඊට හාත්පසින්ම වෙනස්. ඇයි ඔබේ ගමන් මග වෙනමම තැනකට ඉලක්ක කර ගත්තේ?
කාලයක් ඔබ මහතලා හටන, චක්‍රායුධ වැනි ඓතිහාසික නාට්‍යයන් නිර්මාණය කළා? මම සතුටුයි. ඒ නාට්‍ය නිර්මාණය කරලා ඓතිහාසික නාට්‍ය නිර්මාණකරණයට රැල්ලක් මං ඇති කළා. මං ඒවා තැනුවේ ජනවාර්ගික අර්බුදය තිබුණු කලේ. හමුදාවේ පිරිස එය නරඹලා දිරිමත් වුණා කියලා පෞද්ගලිකව කතා කරලා කිව්වා.
ඒ පිළිතුරෙන් ඔබ කියන්න හදන්නේ සූරියභානුගෙන් පසුව ඔබ අනුගමනය කරමින් රහස් පරීක්ෂක කතා හැදෙයි කියලද? හැදෙයි නෙවෙයි. හැදෙන්න ඕනෑ. රහස් පරීක්ෂක කතා නැතුව වෙනස් ටෙලි නාට්‍යයි හදන්න ඕනෑ. මගේ අප්පේ කොච්චර කතා තියෙනවද ටෙලි නාට්‍ය කරන්න.
පසුගිය සමයේ කොරියන් කතා හඬ කවා විකාශය කරන රැල්ලක් ඇති වුණා. ඒවා ඇයි මෙතරම් ඉක්මනට ජනප්‍රිය වුයේ? හඬකවා විකාශය කරන එවන් කතාවලට මගේ විරුද්ධත්වයක් නැහැ. ඒවාට ඇති පොදු ආකර්ෂණය වැඩියි. එහි පිටපතේ පෙළ ගැස්ම, යොදා ගන්නා දර්ශන තල එක කොටසකට දරන පිරිවැය උසස් වීම යනාදී කරුණු මත එම කතා මිනිසුන් ඉක්මනින් වැළඳ ගත්තා කියලායි මගේ විශ්වාසය.
අපේ නිර්මාණකරුවන්ට එවන් නිර්මාණ කරන්න බැරි ඇයි? ඔය කොරියන් කතා බොහොමයකට මුදල් වියදම් කරලා තියෙන්නේ ඒ ඒ රටවල රජයට අනුබද්ධ ආයතන. එහෙයින් ඔවුන් ඒවාට බය නැතුව මුදල් වියදම් කොට හදනවා. මොකද රාජ්‍ය මැදිහත්වීම තියෙන නිසා ඒවා අනිවාර්යයෙන්ම විකාශය වෙනවා කියලා දන්නවා. අපේ නිර්මාණකරුවන්ට ඉන්න නිෂ්පාදකයෝ පෞද්ගලික ආයතන හෝ තනි මිනිස්සුනේ. ඒ අය බයයි ඉහළින්ම වියදම් කරලා නිර්මාණය කරන්න. බැරි වෙලාවත් රූපවාහිනි නාලිකාවක විකාශයට වෙලාවක් ලැබුණේ නැත්නම් නිෂ්පාදක අමාරුවේ වැටෙනවනේ.
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය එහෙමත් නැත්නම් ‘ටෙලිනිස’හි ඔබ උප සභාපති. වර්තමානයේ පවතින ටෙලි නාට්‍ය අර්බුදය හමුවේ ටෙලිනිස නිද්‍රාශීලීව සිටින බවක් පෙනෙන්නට තියෙනවා? ඇත්ත. අපට එහෙම ඉන්න සිද්ධ වෙලා තියෙනවා. අප එක්තරා ප්‍රතිපත්තියක් ගෙනාවා නාට්‍යයක කොටස් ගණන සියයකට සීමා කිරීම සහ එකම අධ්‍යක්ෂවරයාට එක දිගට ගුවන් කාලය වෙන් නොකිරීම කියලා. ඒක රාජ්‍ය මාධ්‍යවලට වලංගුª වුණා. නමුත් පෞද්ගලික නාලිකා එහෙම ක්‍රියාත්මක වන්නේ නැහැ.
හේතුව? අපි ප්‍රතිපත්ති ගෙනාවේ එම නාලිකාවල ආචාර ධර්ම මාලාවට එකතු කරන්න කියලා. එහෙම ආචාර ධර්ම මාලාවක් අඩංගු වන කිසිම ප්‍රඥප්තියක් එම නාලිකාවල නැහැ. ඉතින් කොහොමද අපේ ප්‍රතිපත්ති ඊට එකතුª කරන්නේ. ඇතැම් නාලිකා ආරම්භ කරලා තියෙන්නේ හුදු ලියමනකින් පමණයි.
ඇයි මේ පෞද්ගලික නාලිකා සමඟ ටෙලිනිස නිතරම ගැටෙන්නේ? පෞද්ගලික නාලකාවන්හී ඒකාධිකාරයක් තියෙනවා. එකම අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුගේ නිර්මාණ මතයි එම නාලිකා යැපෙන්නේ. එහෙත් ටෙලි නාට්‍ය කරන්නන් ඇතුළේ තිස්දාහක විතර කණ්ඩායමක් සේවය කරනවා. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගත්තොත් ලක්ෂ දෙකක් පමණ. ඒ සියල්ල මේ මාර්ගයෙන් හම්බ කර ගන්නේ. ඒකාධිකාරයක් හට ගත්තොත් අර පවුල් ටිකට මොකද වෙන්නේ. ඒ වගේම පෞද්ගලික නාලිකා එක කොටසකට ගෙවන ගණන ප්‍රමාණයක් නැහැ. යම් මුදලක් තීරණය කරලා ඒක ඇතුළෙයි නාට්‍ය හදන්න කියන්නේ. එහෙම කරන කොට අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ ශක්තියට මොකද වෙන්නේ. හැදෙන්නේ දෙබස් පමණක් ඇති නාට්‍යයක්. අපි මේවා එකතු කරලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න සැලසුම් කරනවා. ටෙලි නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ටෙලිනිස හැකි පරිදි ක්‍රියාත්මක වෙනවා.
ඔබ පෞද්ගලික නාලිකා විවේචනය කරන නිසා ද ඔබේ ටෙලි නාට්‍ය ඒ නාලිකාවන්හි විකාශය නොවන්නේ? පෞද්ගලික නාලිකා විවේචනය කිරීමක් නෙවෙයි මං ඒ කළේ. ඒ හැම නාලිකාවකම ක්‍රියාත්මක වන්නේ එකම න්‍යායක්. අනික මං මුලින් කිව්වා වගේ නාට්‍යයක් නිර්මාණය කරද්දී ඔවුන් දෙන කොන්දේසි වැඩියි. මට පෞද්ගලික නාලිකා තහනම් නැහැ. මගේ ඊළඟ නිර්මාණය පෞද්ගලික නාලිකාවක විකාශය වන්නත් පුළුවන්.
අධ්‍යක්ෂවරු වේ යැයි හිතන්නවත් නොහැකි අය අද අධ්‍යක්ෂවරු වෙලා කියලා ඇතැම් අය කියනවා? ඉතාම පහළ මට්ටමේ ඉඳලා අධ්‍යක්ෂවරයකු දක්වා දිගුª ගමනක් ආව අය මං දැකලා තියෙනවා. ඒ ඔවුන් ටෙලි නාට්‍ය කියන විෂය හොඳින් හදාරපු නිසා. ඒ වගේම ඒ අය තමන්ගේ නිර්මාණ ශක්තිය කාලයත් සමඟ වර්ධනය කර ගත්තා. එහෙම වුණාම අපට හිතන්නටත් බැරි අය අධ්‍යක්ෂවරු වෙනවා. ඉතිං ඒක හොඳයිනේ. වැඩ බැරි එක තැන පල්වෙන අයයි ඔවැනි චෝදනා කරන්නේ.
මං ආයෙත් එන්නේ සූරියභානු ළඟට. එය නරඹන්න මොන වගේ ප්‍රේක්ෂක කණ්ඩායමකටද ඔබ ඇරැයුම් කරන්නේ? හැමෝටම. පුංචි ළමයාගේ ඉඳලා වැඩිහිටියා දක්වා සියලු ප්‍රේක්ෂකයාට සූරියභානු ගෝචරයි.
සූරියභානු හි නිෂ්පාදකවරයා වන්නේ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු. මේ ඔහුගේ පළමු ටෙලි නාට්‍ය නිෂ්පාදනය. ආචාර්ය අරෝෂ ගැන කතා නොකළොත් ලොකු අඩුවක් වේවි? ඔහු මීට ප්‍රථම චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළ අයෙක්. අනිත්‍යා, රූපාන්තරණ ඉන් කිහිපයක්. ඩොක්ටර්ව රූපවාහිනියට ගෙනෙන්නේ මං. ඔහුට මේක ආගන්තුක වුණත් සූරියභානු වගේ නිර්මාණයක් නිෂ්පාදනය කරන්න දෙවතාවක් හිතුවේ නැහැ. කිසිදු බලපෑමක් නොකොට නිදහසේ මට සූරියභානු අධ්‍යක්ෂණය කරන්න ඔහු ඉඩ දුන්නා. ඒ වගේ නිෂ්පාදකවරු සිටීම ක්ෂේත්‍රය ප්‍රගමණයට අතිශය වැදගත් කියලා කියන්න පුළුවන්.
|



එකම පෙම්වතියට කොල්ලන් දෙතුන් දෙනෙකු මරා ගැනීම, පවුල් ප්‍රශ්න, අනියම් සබඳතා සහ
පාසල් ප්‍රේම කතාවලින් තොර මෙගා ටෙලි නාට්‍යයක් හදන්න අපේ අධ්‍යක්ෂවරුන්ට බැරි ඇයි?
අනේ මහත්තයෝ ඔයාලටවත් ඔය අධ්‍යක්ෂවරු හම්බු වෙච්ච වෙලාවක කියන්නකෝ අපිට ඒ වගේ කතා
බලලා බලලා ඇති වෙලා කියලා. ඉස්සර එහෙම නෙවෙයි. දූ දරුවො ගත්තොත් වෙනම කතාවක්,
බැද්දෙ ගෙදර ඊට හාත්පසින්ම වෙනස් තව . . . රහස් පරීක්ෂක කතාත් තිබුණ. බලන්නකෝ ඒවා
එකිනෙකට වෙනස්නේ . . .
ආදරය කියන විෂය සදාකාලිකයි. ඒ සොඳුරු මාතෘකාව රැගෙන කරන නිර්මාණවලින් බහුතරය අද
බොළඳයි. ප්‍රේම කතා අවශ්‍යයි ටෙලි නාට්‍යකරණයට. ඒත් ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නෑ
කියලා කියමනක් තියෙනවානේ. මේ කතාව පටන්ගන්න කලින් අර පාඨකයා වගේ වැඩි පිරිසක් මේ
ආදර කතා බලලා හෙම්බත් වෙලයි ඉන්නේ. මේ වෙනස් විය යුතු කාලයයි. සූරියභානු ඒ වෙනසට
හොඳ උදාහරණයක්.