අර්ෂාඩ්ගේ නරක කාලය
අර්ෂාඩ්ගේ
නරක කාලය

1996 වසරේදී බොලිවුඩයේ තරුවක් වූ අර්ෂාඩ් වර්සි අධ්‍යක්ෂවරුන්ගෙන් චරිත ඉල්ලාගෙන යන
නළුවකු නොවෙයි. ඒ වාගේම ඔහු රඟන්නේ චරිත තෝරා බේරාගෙනය. ඔහු ප්‍රවීණ අධ්‍යක්ෂිකා
මීරා නයාර්ගේ සිනමාපටයක චරිතයක් ප්‍රතික්ෂේප කළේ, ඔහුට යෝග්‍යතා පරීක්ෂණයකට එන ලෙස
දැන් වූ නිසයි. අර්ෂාඩ් කිසි දිනක රඟපෑමේදී යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි වී නැති
නිසා දෙවරක්ම ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. අර්ෂාඩ්ගේ රංගන දකින්නට ලැබෙන්නේ
ඉඳහිටය.
ඔහු සිනමා නිෂ්පාදනයට ද අත ගසා ඇතත්, එයට ද උදා වී ඇත්තේ නරක කල දසාවකි. ඔහුගේ
ලුධියානා ප්‍රදේශයේ රූගත කිරීමට බාධා සිදු වූයේ අමිත් සාධ් තුවාල වීම නිසයි.
අමිත්ගේ පාදය තුවාල වූ නිසා ඔහුට වැඩිදුරක් ඇවිදීමට අපහසුය. එනිසා දැන් රූගත කිරීම්
පිණිස තෝරා ගෙන ඇත්තේ පන්ච්ගනීය. එහි උණුසුම ලුධියානා පෙදෙසට වඩා වැඩිවේවිදැයි යන
බිය සියල්ලන්ටම ඇත.
චම්පිකා දීපානි රණසිංහ
|