අත්තටු ලැබුණු පුංචි සිදුවීමක්
අත්තටු ලැබුණු පුංචි සිදුවීමක්
එහි රූපගත කිරීම් තිබුණේ අනුරාධපුරේ. එකල සිනමාවේ ජනප්‍රියම ප්‍රේමවන්තයා විජය
කුමාරණතුංග පළමුවරට මම දැක්කේ එහි රූපගත කිරීම්වලට ගිය අවස්ථාවේදියි. මාත් අම්මත්
රැගෙන ගිය පුද්ගලයා අපිව සියලුම නළු නිළියන් නවාතැන්ගෙන සිටි හෝටලයකට පළමුවෙන්ම එක්
කරගෙන ගියා. සාලයේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක්ම කතාබහේ යෙදිලා හිටියා. මම දන්න
අඳුනන එක මුහුණක්වත් ඒ අතර තිබුණේ නැහැ. මම හොඳීන්ම බැලුවා රවීන්ද්‍ර රන්දෙණියවත්
හිටියේ නැහැ. විජය කුමාරණතුංගව දැක නැතත් ඔහු හුඟාක්ම ප්‍රසිද්ධ කෙනෙක් නිසා මාව
අඳුරන්නෙත් නැති නිසා මම සාලයටවත් නොගිහින් මිදුලේ තිබුණ අරලිය ගහක් යට තිබුණ
බංකුවේ වාඩි වෙලා හිටියේ සුමිත්‍රා ඇන්ටි හරි ලෙස්ටර් සර් හරි මාව අවශ්‍ය වෙලාවට
කතා කරාවිනේ කියලා හිතලයි.
ටික වෙලාවකින් විජය කුමාරණතුංග කියන සුප්‍රසිද්ධ නළුවා මං ගාවට ආවා.
‘ඔයා ප්‍රීති ද?’
මං වගේ ආගන්තුක පුංචි නිළියක් ළඟට ඇවිත් නම කියලා කතා කරන කොට මට පුදුම හිතුණා. අනේ
පොඩ්ඩක්වත් ආඩම්බර නෑනේ කියලත් හිතුණා.
මම කිව්වා ඔව් . . . මගේ නම දන්නේ කොහොමද කියලා.
‘මං ඔයා ගැන අහලා තියෙනවා’
‘ඔව්, රවී ඔයා ගැන මට හුඟාක් දේවල් කිව්වා.’
මට රවීන්ද්‍ර අයියව හම්බ වෙලා තියෙන්නෙත් තාම දවස් දෙකයි’ මම කිව්වා.
‘ඔව්, ඔව් දෑස නිසා එකේදී හම්බ වුණා කියලත් කිව්වා. එයා ඔයාට හරි කැමැතියි වගේ
නේද?’
‘මම . . . දන්නෙ නැහැ . . .
‘එයා ඔයා ගැන කියපු විදියට නම් මට හිතෙනවා එයා ඔයාව කසාද බඳීද දන්නෙත් නැහැ කියලා’
‘මාව . . . රවීන්ද්‍ර අයියා එහෙම කිව්වද?’
මම එහෙමම කිව්වේ නැහැ. ඒ වුණාට මට හිතුණා.
ඇත්තටම ඒ වෙලාවේ මට හිතුණේ විජේ අයියා මාව ලැජ්ජාවට පත් කරන්න මේ වගේ විහිලුවක්
හදලා කියන්න ඇති කියලා. මම ඉතින් මුකුත්ම නොකියා හිනා වෙලා හිටියා.
කියන්න උත්තරයක්
තිබුණෙත් නැහැ. ටික වෙලාවකින් සුමිත්‍රා ඇන්ටි මට පණිවිඩයක් එවලා තිබුණා මේකප් දාන
කාමරයට එන්න කියලා. මම විජේ අයියා කියපු දේ ගැන හිත හිතා කාමරයට ගියා. මෙහෙම දෙයක්
විජේ අයියා එක පාරටම මට කිව්වේ මොකක් නිසාද කියලා මගේ හිත හරියට නොසන්සුන් වෙලා
තිබුණේ. සුමිත්‍රා ඇන්ටි ඇහුවා ප්‍රීති සර් ඔයාට එන්න කියලා පණිවිඩේ ඇරිය කොහොමද
දන්නවද?
‘නෑ . . . ඇන්ටි . . . ඇයි . . .
අර . . . රවීන්ද්‍රගේ girl friend ට එන්න කියන්න කියලා . . .
එහෙම කිව්වම නම් මට කරගන්න දෙයක් නැති වුණා. මමවත් දන්නේ නැතුව මේ වගේ දෙයයක්
කොහොමද හැමෝම දන්නේ. හරිම පුදුමයි. අද වගේ වෙබ් අඩවි නැති වුණත් ඒ කලෙත් පුංචි
සිදුවීම්වලටත් අත්තටු ලැබෙනවා පියාඹන්න.
පී‍්‍රති රන්දෙනිය
|