සිරස ඉදිරිපිට උද්ඝෝෂණ
සිරස ඉදිරිපිට උද්ඝෝෂණ
උද්ඝෝෂණය කළාට ගන්න බැහැ - සිරස
ඉකුත් ඉරිදාවේ සිරස සුපර් ස්ටාර් තරඟ බිමෙන් ඉවත් වූ රාජගිරියේ හර්ෂ චතුරංග නැවතත්
තරඟයට ගන්නා ලෙස බල කරමින් සිරස නාලිකාවේ රත්මලාන සහ කොළඹ බේබෲක් පෙදෙසේ කාර්යාල
අසල පිරිසක් උද්ඝෝෂණය කරන බවට එම ආයතනයෙන් කළ විමසීමකදී අපට දක්නට ලැබිණ.
සිරස
ආයතනයේ නිලධාරීන් මෙම තත්ත්වය සමථයකට පත් කිරීමේ අරමුණින් ඔවුන්ව සාකච්ඡාවකට කැඳවා
විසඳුමක් ලබාදීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
කෙසේ නමුත් සුපර් ස්ටාර් නිෂ්පාදක
කණ්ඩායම වෙනුවෙන් නිෂ්පාදක දිදුල බෝගහකුඹුර පැවසුවේ පිරිසක් උද්ඝෝෂණය කළ පමණින්
තරඟකරුවකු කෙසේවත් නැවතත් තරඟයට නොගන්නා බවයි.
- ප්‍රසාද්
|