|
|
T o p T e nX-MEN පෙරට
පසුගිය සතියේ පෙරමුණ ගෙන සිටි ග්‍රේත් එඩ්වර්ඩ්ස් අධ්‍යක්ෂණය කළ Godzilla පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 31.4ක ආදායමක් ලබමින් දෙවැනි ස්ථානයට පත්වී ඇත. තෙවැනි ස්ථානයට පැමිණ තිබෙන්නේ ෆ‍්‍රෑන්ක් කොරාසි අධ්‍යක්ෂණය කළ Blended චිත්‍රපටය යි. හාස්‍යමය කතා පුවතක් රැගත් එය පසුගිය මැයි 23 වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. පළමු සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 14.2ක්. ආදම් සඩ්ලර්, ඩ්‍රීව් බැරීමෝ, වෙන්ඩි මැක්ලෙන්ඩන් මෙහි රංගනයෙන් දායක වෙති. නිකොලස් ස්ටොලර් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන Neighbours මෙවර දර්ශකයේ සිව්වැනි ස්ථානයට පැමිණ තිබෙන්නේ පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 13.9ක ආදායමක් වාර්තා කරමිනි. අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ මෙවර පස්වැනි ස්ථානය හිමි වන්නේ මාර්ක් වෙබ් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන The Amazing Spider – Man 2 චිත්‍රපටයටයි. අමෙරිකානු ප්‍රදර්ශනයේ සිව්වැනි සති අන්තය වන විට ලැබූ ආදායම ඩොලර් මිලියන 7.8කි. හය වැනි ස්ථානය හිමි වන්නේ ඩොලර් මිලියන 7.1ක් ඉපැයූ Million Dollar Arm චිත්‍රපටයටයි. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ පස්වැනි සතිය ගත කරන The Other Woman චිත්‍රපටය හත්වැනි ස්ථානයට පැමිණ තිබේ. පසුගිය සති අන්තයේදී එය ලද ආදායම ඩොලර් මිලියන 3.7කි. පරිගණක සජීවකරණ සංගීතමය චිත්‍රපටයක් වන Rio 2 අමෙරිකානු ප්‍රදර්ශනයේ හත්වැනි සතිය ගත කරමින් බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ අටවැනි ස්ථානයේ සිටියි. සූපවේදියෙක් වටා ගෙතුණු හාස්‍යමය කතාපුවතක් රැගත් Chef චිත්‍රපටය නමවැනි ස්ථානයේ රැඳී සිටියි. ජොන් ෆැව්රේව්, රොබර්ට් ඩොව්නි, ස්කාර්ලට් ජොන්සන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙන මෙහි අධ්‍යක්ෂණය ජොන් ට්ැව්රේව් විසිනි. දස වැනි ස්ථානයේ සිටින්නේ ගන්ඩොල් වොලන්ස් අධ්‍යක්ෂණය කළ Heaven Is for Real චිත්‍රපටය යි. |



අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි මෙවර පෙරමුණ ගෙන සිටින්නේ බ්‍රයන් සින්ගර්
අධ්‍යක්ෂණය කළ X – men : Days of Future චිත්‍රපටය යි. මාවල් චිත්‍රකතා
චරිත ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය එම චිත්‍රපට පෙළෙහි හත්වැන්නයි. ක්‍රියාදාම
චිත්‍රපටයක් වන එය පළමු සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 90.7කි. පැට්‍රික්
ස්ටෙවාර්ට්, ඉයන් මැක්කෙලන්, හියු ජැක්මන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.