වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිව්වැනි සාක් උළෙලේ හොඳම චිත්‍රපටය සූවිසි විවරණ

සිව්වැනි සාක් උළෙලේ හොඳම චිත්‍රපටය සූවිසි විවරණ
 

අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි

නළුවා - මාලදිවයිනට

නිළිය - නේපාලයට

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වැනි වරටත් සංවිධානය කළ සාක් චිත්‍රපට උළෙලෙහි සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය ඉරු දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. රුසියාව, ඉරානය සහ සිංගප්පූරුව යන රටවලින් තෝරා ගත් ජූරියක් මඟින් මෙහි විනිශ්චයන් සිදු කරන ලදී. පහත දැක්වෙනුයේ උළෙලේ සම්මානලාභී නාම ලේඛනයයි.

හොඳම චිත්‍රපටය - සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සූවිසි විවරණ.

මෙහිදී රිදී සහ ලෝකඩ වශයෙන් තවත් චිත්‍රපට දෙකකට සම්මාන දෙන ලදී. ඒ් අනුව හොඳම චිත්‍රපටයට හිමි රිදී සම්මානය ජොන්ස් පාන්ඩේ අධ්‍යක්ෂණය කළ ශාන්ග්හ්රු (නේපාලය) සහ ලෝකඩ සම්මානය රවී ෆාරුක් අධ්‍යක්ෂණය කළ ඉන්ග්ලි (මාලදිවයින) දිනා ගත්හ.

හොඳම අධ්‍යක්ෂ - සරත් ධර්මසිරි (සූවිසි විවරණ)

හොඳම නළුවා - ඉන්ග්ලි චිත්‍රපටයේ රඟපෑ ස්මයිල් රෂීඩ් (මාලදිවයින)

හොඳම නිළිය - පෝහ්ලා චිත්‍රපටයේ රඟපෑ ශරීමා පන්ටා (නේපාලය)

ජූරියේ විශේෂ සම්මාන - ජෝන්ස් පාන්සේගේ ෂාන්ග්හ්රූ (නේපාලය)

ජූරියේ සම්මාන - පිලිප් චේහ් - සිංගප්පූරුව

පා නබක්හෝදා රිසී චිත්‍රපටය (ඉරානය)

යුවෙයි බින් හා ජි ෂාරි චිත්‍රපටය (මලයාසියාව)