දස්කොන් සමඟින් ජැක්සන් තවත් පෙරළියකට
දස්කොන් සමඟින් ජැක්සන් තවත් පෙරළියකට
රොෂාන් – දස්කොන්, පූජා - ප්‍රමිලා, අකිල – නරේන්ද්‍රසිංහ

ජැක්සන් අන්තනී රංගනයට වගේම අධ්‍යක්ෂණයට හපනකු බව අවස්ථා ගණනාවකදී ඔප්පු කළා. ඔහුගේ
නිර්මාණ වටා තරාතිරමක් නොමැතිව රසිකයන් රොක් වුණේ ඒවාහි ඇති ගුණාත්මකභාවය නිසාමයි.
ඒ හැමෝටම මේ ආරංචිය නම් සතුටුදායක එකක් වනු නොඅනුමානයි. දිගු කලකට පසු ජැක්සන් ටෙලි
නාට්‍යයක් නිර්මාණය කරන්නට සූදානම් වෙනවා. එහි නම ‘දස්කොන්’. දස්කොන් ප්‍රමිලා
ඓතිහාසික ප්‍රේම වෘතාන්තය ඇසුරෙනුයි ජැක්සන් මෙය නිර්මාණය කරන්නේ.
දස්කොන් ටෙලි
සිතුවමෙහි ප්‍රමිලාගේ චරිතය රඟමින් සුපිරි සිනමා තාරකාවක් පළමු වතාවට පුංචි තිරයට
පැමිණෙනවා. ඒ පූජා උමා ශංකර්. දස්කොන්ගේ චරිතය රඟන්නෙත් නව පරපුරේ රංගන ශිල්පිියෙකු
වන රොෂාන් රවීන්ද්‍රයි. නරේන්ද්‍රසිංහගේ චරිතය ජැක්සන්ගේ පුතු වන අකිල ධනුද්දරටයි.
ඔවුනට අමතරව බිමල් ජයකොඩි ඇතුළු නළු නිළියන් රැසක් දස්කොන් සඳහා රංගනයෙන් දායකවීමට
නියමිතයි. ඒ අය සමඟ අලුත්ම නළු නිළියන් කිහිප දෙනෙකුම දස්කොන් සමඟින් හඳුන්වාදීමට
ජැක්සන් අපේක්ෂා කරනවා.
ඔවුන් තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණයක් මෙම මස 07, 08 යන දෙදින පුරා බණ්ඩාරනායක
අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති මිහිලක මැදුරේදී පැවැත්වීමට නියමිතයි. අබා
හරහා රිදී තිරයේ මහත් පෙරළියක් කළ ජැක්සන් දස්කොන් පුංචි තිරයට ගෙන එමින් එවන්ම වූ
නවමු රැල්ලක් පුබුදුවාලනු ඇතැයි සිතිය හැක.
- ප්‍රසාද්
|