හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් අමරදේවයන් දිගු කලකට පසු ගැයූ නවතම ගීත ‘නිකිණ්නේ සඳ පායලා’ රූප රචනාවක්ද සහිතව ලබන ඉරු දින සවස 5.30 ට ජාතික රූපවාහිනියේ හද රැඳි පැය වැඩ සටහන ඔස්සේ ප්‍රේක්ෂක ඔබට රස විඳීය හැකිය. එමෙන්ම එම වැඩ සටහනේ තවත් විශේෂත්වයකි. ඒ එය කාංචනා මෙන්ඩිස් විදෙස් ගතවීමට මත්තෙන් මෙහෙය වූ අවසන් වැඩ සටහන වීමයි. හද රැඳි පැය බී. සිරිතුංග පෙරේරාගේ නිෂ්පාදනයකි.
- ප්රසාද්