වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

සමන්ති ලැනරෝල් යළි සිනමාවෙන් එන්න

එදා සිනමාවේ දමිල සහ අහිකුණ්ඨක චරිත වැඩිපුර ඉදිරිපත් කළ සමන්ති ලැනරෝල්ව යළි සිනමාවෙන් දක්නට ආසාවෙන් සිටිමි. විකට රජු ෆෙ‍්‍රඩී සමඟ ඔබ රඟපෑ රැඟුම් සදා අමරණීයයි.
 

දයානන්ද ද සිල්වා

හික්කඩුව

පුර කලනි සමාජ පැතිකඩක්

පුරකලනි ටෙලි සිතුවම තුළින් සමාජයේ පැතිකඩයන් කිහිපයක්ම විග්‍රහ වේ. නාගරික රෑ සමනළියන්ගේ හැසිරීම් රටාව ද, කාර් සේල් එකක අයිතිකරු සහ ඔහුගේ පවුලේ සංසිද්ධීන් ද, ග්‍රාමීය දිළිඳු පවුලේ තරුණිය අනාරක්ෂිතභාවය නිසා බාප්පාගේ ගොදුරක් වන අයුරු ද මනාව රූපයට නඟා තිබිණ. මට සිතෙන පරිදි සංජීව උපේන්ද්‍රගේ රංගනය විශිෂ්ටය. ලූෂන්, ජී. ආර්., නිල්මිණි බුවනෙක, දුලීකා මාරපන, ජයලාල් රෝහණ ආදීන් ද කැපී පෙනෙන රංගනයක යෙදෙයි.
 

රෝෂිනී ඩිල්රුක්ෂි ගෝමස්

කටුබැද්ද

මොරටුව

භාරත ගී වින්දන දැනුම රැගෙන එයි

භාරත ගී වින්දන වැඩසටහන විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයකගේ ඇගයීමට ලක්ව තිබෙනු මට දැනේ. එයට හේතුව වන්නේ නිවැරැදි හින්දි ගීතය සහ එය අඩංගු සිනමාපටයේ තොරතුරු සිංහල බසින්ම අපට ලබාදීමය. මෙමඟින් අපට හොඳ දැනුමක් එක් රැස් කර ගත හැකිය. මෙය මෙහෙය වන නිවේදක දෙපොලගේ කතා ශෛලිය අපව වසඟ කිරීමට සමත්ය.
 

පාලක සමන් පෙරේරා

හැඳල

උද්දික ඉහළට

කළු අරලියා ටෙලි නාට්‍යයේ උද්දික ප්‍රේමරත්නගේ රංගනය හරි ඉහළයි. ඔහු නැවතත් ඔප්පු කළා ඔහුට ඕනෑම චරිතයක් ලස්සනට කරන්න පුළුවන් කියලා.
 

නන්දන ලියනගේ

මහවැව

මුතු

අම්බලන්ගොඩ

පැරැණි භක්ති ගීත

හරිම අපූරුයි වෙසක් අසිරිය වෙනුවෙන් කාලගුණ දෙපාර්තමේන්තුව හා එක්ව කුමාරි මුණසිංහ ඉදිරිපත් කළ අපේ ජනප්‍රිය පරැණි ගීතවලින් සමන්විත වූ භක්ති ගීත වැඩසටන ඉතාමත් අගෙයි. බෞද්ධාලෝක මාවත පුරා ඔබ සැමගේ කන්කළු රාවය පැතිරුණේ බුද්ධාලම්භන ප්‍රීතිය කාගෙත් සිත් තුළ ඇති කරමින්.
 

රාජිනී ගුණවර්ධන

වල්පොළ

සෙත් එෆ් එම් සිත නිවනවා

අධ්‍යාත්මක සුවය ගුවනින් පතුරවා සෙත් ගුවන් විදුලිය බෞද්ධ, කතෝලික, හින්දු බැතිමතුන්ට අගනා දැහැමි සිත් නිවනා පණිවුඩ ලාබ දෙයි. මීගමු පුරවරයෙන් ගුවනට මුසුව සැම සවන්පත් නන් අයුරින් පිනවන සෙත් ගුවන් විදුලියට මාගේ ප්‍රණාමය.
 

මල්ලිකා අබේසේකර

කටාන

මෞලි පුතුගේ රඟපෑම් හරිම අපූරුයි

ස්වර්ණවාහිනියේ විකාශය වන මුතුපලස ටෙලි නාට්‍යයේ රඟපාන මෞලින් පුංචි පුතු කදිමට කිසිදු බියක් නැතිව තම චරිතයට මනා සාධාරණයක් ඉටු කරනවා. ඔහුගේ මව ජනප්‍රිය රංග ශිල්පිණී නිමන්ති පෝරගේයි. ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියන්නේ නිකම්ම නෙවෙයිනේ.
 

කමලා සෙනෙවිරත්න

හෝකන්දර

S.M.S.

රනා ටෙලි සිතුවම බබලවන තාරකාව ආශා එදිරිසිංහයි. ඇයගේ අවිහිංසක මුහුණ සහ සියුම් ඉරියව් රසික අප ඇද බැඳ තබා ගැනීමට සමත්.
 

රචිත

අනුරාධපුර

ගාමා ගාමිණී සුබසිංහ වියෝ වී වසරක් ගත විය. එනමුදු ඔහු අප අතර සිටින්නාක් මෙන් දැනේ.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

රූපවාහිනී නාලිකාවන්හී ආගමික වැඩසටහන් ටිකක් වැඩිපුර විකාශය කරනවා නම් කාලෝචිතයි. වල්මත් වූ සමාජයකට එවන් වූ වැඩ සටහන් මල් වැස්සක් වැනිය.
 

මිහින් අරවින්ද

කවුඩාන

අසහාය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන් වසර විසි හතකට පෙර වියෝ වුවත්, ඔහුගේ ගීත සදාකාලික බව අමුතුවෙන් කිව යුතු නෙවේ. ඒ තරම් ළෙංගතුª කට හඬක් මම අසා නොමැත.
 

ලක්මාලි

වරකපොළ

මා ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නරඹන්නේ ඇය සිටිනවා නම් පමණි. එතරම්ම මා ඇගේ රංගනයට කැමැතිය. නව පරපුරේ රංගන ශිල්පීන් අතර ඇයට ඇත්තේ සුවිශේෂී තැනකි. මා මෙතෙක් පැවසුවේ අනර්කලී ආකර්ෂා පිළිබඳවය.
 

දිල්ෂාන්

අකුරැස්ස

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක රෝස් අලගියවන්නගේ නවතම ගීතය අපව පුදුම විදිහට ආකර්ෂණය කර ගත්තා. ඔහු ප්‍රසංග වේදිකාවේ ගී ගයන අන්දමට අන් සෑම ගායකයකුම පරදිනවා කියලයි මට හිතෙන්නේ.
 

චතු

නිවිතිගල

නිල්මිණි තෙන්නකෝන්ට අපි හැමදාමත් ආදරෙයි. පුංචි තිරය බබලන තාරකාවක වූ ඇය චරිතාංග රංගනයට දක්ෂ නිළියක් බව වාදයකින් තොරව පැවසිය හැකිය.
 

මාලිංග

ඌරුවල

සූරියභානු ටෙලි සිතුවම හරහා ජීවන් කුමාරණතුංග දැකීම අප සිත්වලට සතුටක් ගෙන දෙන්නක්. ඔහු කලක් අපේ සිංහල සිනමාවේ කිරුළු නොපළන් රජෙක්. ජීවන්ව නැවතත් පුංචි තිරයට ගෙනා සූරියභානු අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකරට මාගේ ප්‍රණාමය.
 

පී. වයි. අනුලාතී

කුඩගම

සිහින පියාපත් මේ දිනල නැවත විකාශනයක් ලෙස අප හමුවට එයි. එහි කේතකීගේ චරිතය රඟන ඉෂාරා සඳමිනි ඒ තුළ නවකත්වය ඉක්මවා ගිය රංගනයක යෙදෙනු මට පෙනේ. ඇය පසුකාලීනව රන් තරු හි වන්දනා වූයේ පුංචි තිරයට නවමු ආලෝකයක් එක් කරමිනි.
 

සම්පත් ශ්‍රී ගුණසිංහ

ගම්පහ

මෙලෝ රසයක් නැති නාට්‍ය ගණනාවක්ම විකාශය වෙනවා. ඒවා නවත්තලා උයන පිහන වැඩසටහන් ටිකක් විකාශය කළා නම් අපිට මොනවා හරි ඉගෙන ගන්න තිබුණා.
 

සෝමා විතාරණ

අවිස්සාවේල්ල

රන්ගිරි ගුවන් විදුලියේ ශ්‍රාවක ප්‍රසාදිනී තුළින් සඳුදා රාත්‍රියේ අප අමතන දීපිකා රාජපක්ෂ නියම නිවේදිකාවකි. මා එලෙස කියන්නේ මා ඇයගේ වැඩසටහනෙහි ශ්‍රාවකයකු වීම සහ දීපිකාගේ කතා විලාශය ගැන පැහැදීමෙනි.
 

සමන් ගාල්ලගේ

කැටපළ

නාරද බක්මීවැව අයියේ ඔයා මෙහෙය වූ තරු පහක් වැඩසටහන මම එක දිගට බැලුවා. ඒත් දැන් සති කිහිපයක ඉඳලා එය විකාශය වන්නේ නැහැ. ඒ ප්‍රෝග්‍රෑම් එක දැන් නවත්වලද. ආයේ තරු පහක් විකාශය කරන්නකෝ.
 

ෆාතිමා

වැලිගම

චමල්ශා දෙව්මිණිට තිබුණේ සම්ප්‍රදායික නිළි පෙනුමක් නෙවෙයි. ඒක හින්දාමයි ඇය ජනප්‍රිය වුණේ. ඒත් අමන්දා ටෙලි නාට්‍යයෙන් පස්සේ ඇය රංගනයෙන් ඈත් වුණා. අපි හිතුවේ ඒක තාවකාලික සමු ගැනීමක් කියලා. ඒත් ආයේ ඔබේ රැගුම් නම් දැක්කේ නැහැ.
 

හර්ෂ

මාකඳුර

මාපිය ආභාෂයෙන් කලාවට පිවිසි සංකේත් වික්‍රමගේ අද වන විට රංගනයෙන් ලබා ඇති දියුණුව අති මහත්ය. මාපිය උරුමය හා බැඳුණු තමන්ගේ හැකියාව ඔප මට්ටම් කර ගනිමින් අප පිනවන ඔහු ළඟදීම දිනෙක සම්මානයක් අතට ගනු ඇත.
 

පියුමි

පල්ලේවෙල

මාධව විජේසිංහ මල්ලියේ,
ඔයා වැඩසටහනක මෙහෙය වන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඒ වගේම භාවිත කරන වචනත් සෞම්‍යයි. ඒ වාගේම ඔබ සිංහලෙන් නිවේදනය කරද්දී ඉංග්‍රීසි වචන භාවිත නොකිරීම ගැන කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා.

 

ධම්මික ඇල්හේන

ජාඇල

මට හමු වූ සොඳුරු මිනිසකු තමයි සීදූව සකුරා සංගීත කණ්ඩායමේ නායක අජිත් විතානගේ. ඔහුගේ සංගීත කණ්ඩයමයි මා දුටු හොඳම සංගීත කණ්ඩායම. ඒ වගේම ජූඩ් රොගෑන්ස්, චන්දන හෙට්ටිආරච්චි, සුපුන් සඳරු ඇතුළු ගෝල බාලයින් කිහිප දෙනෙකුම හැදුවා. තව දිගුª කාලයක් ඔහුගේ සංගීත කණ්ඩායම වැජඹෙවා යැයි පතනවා.
 

කාංචනා

මීගමුව

අද චිත්‍රපටවලට, ටෙලි නාට්‍යවලට, සංගීත කණ්ඩායම්වලට දාන්න නම් නැහැ. දාන්න නම් නැති හින්දා ඉදිරියේදී ඉන්ජෙක්ෂන්, ප්ලාස්ටර්, වතුර බෝතල් යන නම්වලින් චිත්‍රපට, ටෙලි නාට්‍ය, සංගීත කණ්ඩායම්වලට නම් තැබේවි.
 

විනීතා

අකුරණ

සිංහල සිනමාවේ බොදු බැති ගී කොපමණ තිබුණත් හැමදාම ඇසෙන්නේ එකම ගීත කිහිපයකි. ඒ ගැන මා කනගාටුව ප්‍රකාශ කරමි.
 

ජේ. ඒ. සුනිල් ශාන්ත

නාවලපිටිය

පොහොය දිනයට පමණක් මිනිස් වර්ගයා යහමඟට ගන්නා නාට්‍ය පෙන්වීමට වඩා සතියකට සැරයක්වත් ඒවා විකාශය කරනවා නම් හොඳයි. පෝය දිනයට පමණක් තම නාලිකාව හොඳ යැයි හුවා දක්වමින් පොහොය නාට්‍ය පෙන්වා අනෙකුත් දිනවලදී මනස විකෘති කරන අන්දමේ වැඩ සටහන් විකාශය කිරීම කනගාටුදායකය.
 

ලක්මාලි

වරකපොළ

ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 අංකයට කෙටි පණිවුඩ අයුරින් එවන්න. තැපැල් හෝ සටහන් පත් මඟින් නම්

ප්‍රතිචාර ‘සරසවිය’,
ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට.

මෙයට අමතරව සරසවිය ෆේස් බුක් පිටුව හරහා ද ඔබට ප්‍රතිචාර දැක්විය හැකිය.

ප්‍රතිචාර වාරණයෙන් තොරව www.sarasaviya.lk වෙබ් අඩවියට සහ Sarasaviya Facebook පිටුවට කමෙන්ට් කරන්න