සතිෂ්ගේ 44 ජන්ම දිනයට ලේ දන්දීමේ පින්කමක්
සතිෂ්ගේ 44 ජන්ම දිනයට
ලේ දන්දීමේ පින්කමක්
අප අතරින් වියෝ වූ ගායක සතිෂ් පෙරේරාගේ 44 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෙම මස 29 දා
එනම් අද උදෑසන 9.30 ට පංචිකාවත්ත අභයසිංහාරාම විහාරස්ථානයේදී (ටවර් රඟහල ඉදිරිපිට)
ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කොට තිබේ. එදිනම සවස 6 ට පහන් දහසක ආලේක පූජාවක්,
අටවිසි බුද්ධ පූජාවක් සහ ධර්ම දේශනාවක් ද පැවැත්වෙනු ඇත. මේ අවස්ථාවන් සඳහා
සහභාගිවීමට සතිෂ්ට ළැදි ඔබ සැමට සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි.
- ප්රසාද්
|