වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගිහාන් රෝහණගෙන් කොමඩි ටෙලියක්

ගිහාන් රෝහණගෙන් කොමඩි ටෙලියක්

වෙද මුදියන්සේ වැඩ අරඹයි

ගිහාන් රෝහණ පළමුවරට අධ්‍යක්ෂණය කරන ප්‍රහසන ටෙලි සිතුවම වෙද මුදියන්සෙ හි මූලික වැඩ කටයුතු පසුගියදා නුගේගොඩ ඩෙවෝන් හෝටලයේ පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ. රූගත කිරීම් අඩකටත් වැඩි ප්‍රමාණයක් රන්මිහිතැන්නේදී සිදුවන මෙය සනත් රෝහණගේ නිෂ්පාදනයකි.

ලයනල් වික්‍රම, සුනීතා විමලවීර, රහල් බුලත්සිංහල, ආනන්ද අතුකෝරාල, නන්ද වික්‍රමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, නිරෝෂා තලගල, ශෂිරංග වික්‍රමසේකර, කිෂානි අලංකි, ශාලිකා එදිරිසිංහ, ශාන්ත ප්‍රියදර්ශන, කපිල සිගේරා, කුමුදු නිශාන්ත, උදේනි නදීකා, බර්ටි නිහාල් සුසිරිපාල, කුසුම් ගුණවර්ධන, ගයාත්‍රි රාජපක්ෂ, රාජසිංහ ලෝලුවාගොඩ, චතුරි නිවර්තනා, ඇන්ටන් කුරේ, කුසුම් මල්දෙනිය, සයුරි ජයසේකර, නිමාෂා ද සිල්වා, නයනා රඹුක්කනගේ, පවිත්‍රා වික්‍රමසිංහ, එලීෂා නවරත්න, නාමල් ජයසිංහ ඇතුළු නළු නිළියන් සියයකට අධික ප්‍රමාණයක් වෙද මුදියන්සෙ රංගනයෙන් හැඩ කරයි.

භාතිය මදනායකගේ පිටපත් රචනයකි. රසික තෙන්නකෝන් අංග රචනා ශිල්පියාය. දිනේෂ් ප්‍රියන්ත පීරිස්ගේ කලා අධ්‍යක්ෂණයකි. බුද්ධික මංගල කැමරාව මෙහෙයවයි. චන්න සෙනෙවිරත්න විධායක නිෂ්පාදකවරයාය. වෙද මුදියන්සෙහි සියලු පිරිවර මුහුරත් උළෙල දා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අන්දමයි මේ.