‘අපි පොඩි මිනිස්සු. උන් ලොකු මිනිස්සු. අපිට බෑ උන් එක්ක හැප්පෙන්න’
‘අපි පොඩි මිනිස්සු. උන් ලොකු මිනිස්සු. අපිට බෑ උන් එක්ක හැප්පෙන්න’
සුදේශ් වසන්ත පීරිස්ගේ
තිර රචනය ඇසුරෙනි
සුනිල් ටී.ප්‍රනාන්දුගේ
නිෂ්පාදනයක්
රන්ජා එනතුරු විහඟි බලා සිටියාය. බොහෝ වේලාවක් බලා සිටි විහඟි රන්ජා සොයා දහම්ගේ
නිවසට ගියාය.
‘උදේ මාත් එක්ක රන්ජා කියලා කෙනෙක් ආවනේ. එයා තවම එළියට ආවේ නැද්ද’
විහඟි ආරක්ෂක නිලධාරියාගෙන් ඇසුවාය.
‘එයා ඇමතිතුමා හම්බ වෙන්න ගියා. තවම ආවේ නැහැ’
ආරක්ෂක නිලධාරියා කිසිවක් වසන් කරන්නට තැත් කළේය. මේ ඇහැට කනට පෙනෙන යුවතිය කෙරහි
ඔහුගේ සිතෙහි අනුකම්පාවක් ඉපදෙමින් තිබිණි.
‘මෙතන ඉන්නේ නැතුව ඉක්මනට ගෙදර යන්න නෝනා’
ඔහු එසේ පවසා ගේට්ටුව වසා ගත්තේය. ඒ මොහොතේ නිවෙසෙහි ඇතුළත තවත් බොහෝ දේ සිද්ධ
වෙමින් පැවතිණ. දහම් පොලිස් නිලධාරියාට කතා කළේය.
‘පැමිණිල්ල දාපු අය ඒ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්න කියනවා. ඉන්ස්පෙක්ටර් ඉස්සෙල්ලා
ඔය මිනිස්සු රිලීස් කරන්න’
‘හරි පැමිණිල්ල දාපු එක්කෙනා මට ඇවිල්ලා කිව්වහම මම මේ අයව එළියට දාන්නම්’
පොලිස් නිලධාරියාද කියා සිටියේය. අලුතෙන් පැමිණි මේ පොලිස් නිලධාරියා ගැන දහම්ගේ
සිතේ උපන්නේ කෝපයකි.
‘ඌ ඉන්ස්පෙක්ටර්ට බයේ ආයෙමත් මේ පැත්තේ එන්නේ නෑ. ඒ මිනිහට ගහල බය කරලනෙ මේ
පැමිණිල්ල ලියව ගෙන තියෙන්නේ. ඒකා දැන් මේ පළාතෙවත් නෑ’
දහම් පොලිස් නිලධාරියාට කීවේය.
විහඟිට රන්ජා සොයා ගත හැකි වූයේය. ඔහු සිටියේ කෝපයෙන් දත්මිටි කමිනි.
‘පුතා අපි ගමට යමු. ආපු වැඩේ කර ගන්න බැරි වුණාට කමක් නෑ. අපි ගෙදර යමු. ගමේ
මිනිස්සුන්ට මොනව හරි කියන්න බැරියැ’
‘එහෙම නෙමෙයි අත්තම්මේ දැන් තමයි අපිට ගොඩක් වැඩ තියෙන්නේ’
‘අපි පොඩි මිනිස්සු. උන් ලොකු මිනිස්සු. අපිට බෑ උන් එක්ක හැප්පෙන්න’
අත්තම්මා හිසෙහි අත ගසාගෙන කීවාය.
‘ඇයි බැරි, මම හැප්පිලා පෙන්වන්නම්. හැම එකාම කට පියාගෙන හිටියම කවුද මේව කතා
කරන්නේ. ඔය ඇමැති පට්ටම් තානාන්තර ඔක්කොම අපේ ඡන්දෙන් ලබා ගත්ත ඒවා’
රන්ජා පැවසුවේ ස්ථිර අධිෂ්ඨානයෙනි.
දවස් කිහිපයක් ඉර පෑව්වා ද කියා කියන්නට දන්නේ නැත. දහම් ඇමතිතුමා මහජනතාව මැද
පැමිණියේ මල් මාලා රැසක් කර පැලඳගෙනය. එහෙත් ඔහු එකවරම තිගැස්සුණේය. රන්ජා ඔහු
ඉදිරියේ සිටගෙන සිටියේය. ස්වර්ණා පැවසූ අන්දමට මේ වන විට රන්ජා ඉතුරු වන්නට විදියක්
නැත. එනමුදු රන්ජා අත මල් මාලයකි.
‘මම ඇමැතිතුමාට මේක පලඳන්නයි ආවේ. ඇයි මට පිස්තෝල එල්ල කරගෙන. මොකක්ද ඇමතිතුමා මේ
විහිළුව’
රන්ජා ඇමතිතුමාට මල් මාලය පැලඳ වූයේය.
‘මල් මාලයක්නේ ඇමතිතුමා. ඒක කරේ දාන්නනේ ඇවිල්ලා ඉන්නේ’
මල් මාලය දමා අවසානයේ ඒ මුවාවෙන් ඇමතිතුමාගේ කන ළඟට ළං වූ රන්ජා මෙසේ කීවේය.
‘මොකද උඹ බය වුණාද? උඹව නැති කරන්ඩ මේ රන්ජා අර ගත්තු අවතාරය කියලා හිතපන්. උඹව
දැම්මම මෙතැනම විනාශ කරලා දාන්න මට පුළුවන්. උඹ කිව්වා නේද උඹ මහා බලසම්පන්න
මිනිහෙක් කියලා. බලමු උඹ බේරෙන්නේ කොහොමද කියලා. මම ගිහින් ආයෙත් එන්නම්’
ඇමතිගෙ මුහුණට යක්ෂාරූඪ විය. කෙනෙකුගේ බැල්මට තවෙකෙකු දවාලිය හැකි නම් දහම්ගේ
බැල්මට රන්ජා දැවී අළු වන්නේය. දහම් යමක් කියන්නට පෙර රන්ජා ඔහුගේ අතගෙන ඉහළට එස
වූයේය.
‘අපේ ඇමතිතුමාට . . .’
රන්ජා කෑගෑවේය.
‘ජයවේවා’
පිරිස ඔල්වරසන් දුන්නාහ. දහම් ඇමතිට එතැනින් පලා යන්නට අවශ්‍ය විය. ඔහු කෙළින්ම
ගියේ තම නිවෙසට ය. ස්වර්ණා සහ ඇගේ සොහොයුරු කළු විජේ සැරැසී සිටියේ සාදයකට මෙනි.
නිවෙසට පැමිණි වේගයෙන්ම දහම් ගැසූ පහරෙන් කළු විජේ කැරැකී වැටුණේය.
‘අද ලොකු සෙනඟක් මා මුණ ගැහෙන්න ආපු වෙලාවේ හෙනහුරෙක් වගේ රන්ජා එතැනට ආවා. මට මල්
මාලෙකුත් දාලා අභියෝග කරලයි ගියේ’
එක් වරම ස්වර්ණාගේ මුහුණේ පළ වූයේ පුදුමයකි.
‘ඇමතිතුමා, මට විශ්වාස කරන්නත් බැහැ’
‘විශ්වාස කරන්න බැහැ. උඹට විශ්වාස කරන්න බැහැ තමයි. ඌ කොහේ හිටියත් අල්ලලා, මේ
සැරේවත් හරියට ඉවරයක් කරපං. ඌව මේ ලෝකෙන් සදහටම තුරන් කරපං’
ඇමති කෑගෑවේය. කිසිවකුත් ඊට පිළිතුරු දෙන්නට ගියේ නැත.
ඒ අතර රන්ජා ක්‍රියාත්මක වී තිබිණ. දහම් ඇමතිතුමාට සම්මානයක් ලැබුණේ ඒ අතරවාරයේය. ඒ
වෙනුවෙන් ඇමැති අත්සනෙන් ලිපියක්ද පළ විණ. ලිපිය දුටු දහම් හිස අත ගසා ගත්තේය.
‘දැනට ප්‍රදර්ශනය වන ‘දිය රෙද්ද ගඟේ ගියා’ චිත්‍රපටය මා නැරැඹුවා. අපේ රටට ලිංගික
අධ්‍යාපනය සුදුසුද නැද්ද කියන විවාදය පැත්තකට දාලා, මේ රටේ තියෙන හැම පාසලකම ශිෂ්‍ය
ශිෂ්‍යාවන්ට නොමිළේ පෙන් විය යුතු චිත්‍රපටයක් ලෙස මම යෝජනාවක් ළඟදී ඉදිරිපත්
කරනවා. මගේ බිරිඳත්, දරුවනුත් චිත්‍රපටය දෙතුන් වරක්ම නරඹා තිබෙනවා විතරක් නෙවෙයි,
එහි රඟපෑ ප්‍රධාන නිළියවත් අගය කරනවා. මේ චිත්‍රපටය ආදායම් බද්දෙන් නිදහස් කරන්න
කියලා ඉල්ලීමකුත් ළඟදීම ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම මේ චිත්‍රපටයේ
ප්‍රධාන නිළියට ගෞරව උපාධියකුත් පිරිනමන්න මා බලාපොරොත්තු වෙනවා.’
ප්‍රකාශනයේ තිබුණේ එයයි. දහම් පුවත්පත් කාර්යාලයට කතා කළේය.
‘තමුසෙලා මොකක්ද මේ කෙරුවේ. මාව විනාශ කෙරුවා නේද? කවුද තමුසෙලට මේ වගේ දෙයක් කරන්න
කිව්වේ’
‘ඇමතිතුමානේ’
කතුවරයා පිළිතුරු දුන්නේය.
‘මම’
‘අපිට ලිපියක් ලැබුණා. ඒක ඇමතිතුමා අත්සන් කරලයි තිබුණේ. මම ටිකක් අවිශ්වාස හිතිලා
ඇමතිතුමාගේ ලේකම් මහත්තයගෙන් ඇහුවා මේකේ ඇත්ත නැත්ත දැනගන්න.
‘තමුසෙලා මේක පළ කරනවද නැත්නම් මේ නිවුස් එක වෙන පත්තරයකට දෙන්න ද කියලා ඇහැව්වා.’
ඒ මොහොතේ තවත් කාන්තාවක් දහම්ගේ කාමරයට කඩා වැටුණේය.
ඊයේ සිට තිරගත වන රන්ජා මේ කතාව ඔබට සම්පූර්ණයෙන් කියනු ඇත. හිතේ හයියත්, මනා
සැලැස්මත් රන්ජා සිය සතුරක් පරදවන්නට යොදා ගන්නේය. ඔබ කිය වූ කොටස් සතරකින් යුත් මේ
කතාන්තරය කියන්නට අපි තෝරා ගත්තේ ‘රන්ජා’ චිත්‍රපටයෙන් තෝරාගත් කොටස් කිහිපයක්
පමණි. මෙහි නොකී බොහෝ සිදුවීම් හා අවස්ථා රන්ජා රිදී තිරයේදී මවනු ඇත.
තිලානි ශානිකා විතානාච්චි
|