වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




තනිකඩයා තවම මම

තනිකඩයා තවම මම

විශ්ව රූ රැජන වී විසි වසරක් සපුරන සුෂ්මිතාට තවමත් විවාහ නොවීම ගැන පසුතැවිල්ලක් ඇති වී නැත. දහඅට හැවිරිදි වියේදී විශ්ව රූ රැජන වූ ඇයට කොපමණ පිරිසක් ආදර කිරුළ පලඳන්න සැදුව ද එය නිල වශයෙන් පිළිගැනීම ඇය ප්‍රතික්ෂේප කළාය.

රන්දීප් හොන්ඩා, වික්‍රම් බාත් ඇතුළු පෙම්වතුන් රැසකගේ නම් ඇයගේ නම හා පටබැඳී ඇත. වයස අවුරුදු විසි දෙකේදී විවාහ වී පළමු දරුවා අවුරුදු විසි හතේදී ලබන ජාන තමන් සතුව නැති බව සුෂ්මිතා පවසන්නීය. එහෙත් විවාහ වූවා නම් අලංකාර මංගලෝත්සවයක් පවත්වන්නට තිබූ බව නම් පවසන්නේ තරමක සිත් වේදනාවකිනි.