|
|
හැකියාවන් රැසකින් සන්නද්ධ සඳුන්
සත්සියක් සක්වල සොයා ගිය
ඔබ ගැන විස්තර රටටම පැවසුවොත් . . . මගේ ගම පාණදුර. මම පාසල් ගියේ අළුබෝමුල්ල මහා විද්‍යාලයට සහ පාණදුර ශාන්ත ජෝන්ස් විද්‍යාලයන්ට. ඒ කාලයේ ඉඳලම මම ගීත ගායනය කළා. සංගීතය විෂයයක් හැටියටත් ඉගෙන ගත්තා. රැල්ලේ ගායකයකු නොවී දිගු ගමනක් යාමේ බලාපොරොත්තුවෙන් තමයි මම මේ ක්ෂේත්‍රයට එක් වුණේ.
ගායනයට අමතරව ඔබ සතු හැකියාවන් මොනවාද? මම කුඩා අවධියේ ඉඳන්ම ලේඛනයට දක්ෂයි. ඒ වගේම කාටුන් චිත්‍ර ඇදීමත් මගේ විනෝදාංශයක්. 1800 ගණන්වල ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය සහ වත්මන් තත්ත්වය පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයක් මම ග්‍රන්ථයක් ලෙස රචනා කරලා තිබෙනවා. වෙළෙද දැන්වීම් කිහිපයකත්, සිත නිවන කතා, ඇඟිලි සලකුණ කියන නාට්‍යවලත් රංගනයට දායක වුණා. ඇත්තටම අද වෙද්දී මම පූර්ණකාලීනව කලාව වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. කලාව මගේ ජීවිතය වගෙයි.
සංගීත දිවියේ ඉදිරි වැඩ කටයුතු කොහොමද සැලසුම් කර තිබෙන්නේ? මා ගැයූ සත් සියක් ගීතය ශ්‍රාවකයින් අතර ජනප්‍රිය දේශාභිමානී ගීයක් බවට පත්වෙමින් තිබෙනවා. ළඟදීම විවිධ තේමා යටතේ ලියැවුණු ගීත 16 ක් ඇතුළත් සංයුක්ත තැටියක් එළි දැක්වීමට සූදානමින් ඉන්නවා. ඒ සඳහා නවක ගී පද රචක, රචිකාවන්ගේ පද රචනා කිහිපයක් වගේම නවක සංගීත නිර්මාණකරුවෙකු තෝරා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. 0777-934543 යන අංකයෙන් ඔබට මා ඇමතිය හැකියි.
|



මෙම අර්ථ සම්පන්න ගීතය මේ දිනවල ගුවන් විදුලි නාලිකා ඔස්සේ නිතර අපට ඇසෙයි. නව
පරපුරේ ගායකයකු වන සඳුන් ඉන්දික මේ ගීතයේ හිමිකරුවාය. තමන් විසින්ම ලියා පද රචනා
කරන ලද ගීතය දේශාභිමානය අප හදවත් තුළ ජනිත කරලීමට සමත්, රැල්ලෙන් ඔබ්බට ගිය
නිර්මාණයකි. හැකියාවන් රැසකට උපන් හපන්කම් පාන සඳුන් සංගීතයට අමතරව ලේඛනයට සහ වෙළෙඳ
දැන්වීම්වල රංගනයට ද එක් වී සිටින දක්ෂ තරුණයෙකි. ඔහුගේ දක්ෂතාවයට ඉඩහසර සකසා
දෙමින් සරසවියේ අපි ඔහුත් සමඟ සිදු කළ කෙටි පිළිසඳරකි මේ.