කරිෂ්මාගේ පවුල් අවුල්
කරිෂ්මාගේ
පවුල් අවුල්
රාජ් කපූර් මිනිබිරියන්ගේ වෘත්තීය ජීවිතය තරම් විවාහ ජීවිත සාර්ථක වූයේ නැත.
කරිෂ්මා කපූර්, කපූර් පවුලේ කාන්තාවන්ට තහනම් අඩවියක් වූ සිනමාවට මුලින් රැහැන් බිඳ
දමා පැමිණි යෞවනියයි. නිළියක් ලෙසින් ඇය අති සාර්ථක වුව ද, පේ‍්‍රමයෙන්, විවාහයෙන්
ඇය පරාජිතයකු වූවාය. පාසලේ හයවැනි පන්තියට පමණක් ගිය ඇය තෝරා ගත්තේ රංගනයයි. ළාබාල
වියේදීම රංගනයට පිවිසි ඇය මුලින්ම පෙමින් බැඳුණේ අජේ දේව්ගන් සමඟයි. එහෙත් එය
තෙවසරකින් බිඳ වැටිණි.
2002 වසරේ කරිෂ්මා, අභිෂේක් බච්චන් සමඟ විවාහ ගිවිස ගත්තාය.
එය ද සිව් මසකට සීමා විය. 2003 වසරේ සැප්තැම්බරයේදී ඇය ව්‍යාපාරිකයකු වූ සංජේ කපූර්
සමඟ විවාහ වූවාය. ඔවුන් 2005 මාර්තු 11 වැනිදා උපන් දියණියට සමයිරා රාජ් කපූර්
ලෙසත්, 2010 මාර්තු 12 වැනිදා උපන් පුතු කියාන් රාජ් කපූර් ලෙසත් නම් කරන ලදී.
එහෙත් 2012 දී සංජේගෙන් වෙන් වූ කරිෂ්මා දරුවන් සමඟ මව බබිතා සමඟ ජීවත් වෙති. 2014
වසරේදී කරිෂ්මා නිල වශයෙන් දික්කසාද වීමට තීරණය කර තිබේ. තිස් නව හැවිරිදි කරිෂ්මා
දැන් සටන් වදින්නේ දරුවන්ගේ අයිතිය ලබා ගැනීමටයි. සංජේ කපූර් දරුවන්ගේ අයිතිය ඉල්ලා
පෙත්සමක් ගොනුකර තිබේ. දබර නොවී දෙන්නා නීතියෙන් වෙන්වීමට ගත් අදහස නුවණක්කාර බව
බොහෝ දෙනාගේ අදහසයි.
සංජේ කපූර්, වික්‍රම් චත්වාල්ගේ හිටපු බිරිය, ප්‍රියා සච්දේව් සමඟ සබඳතාවක් පවත්වන
බවට රාවයක් පවතින්නේ කලක සිටය.
චම්පිකා දීපානි රණසිංහ
|