රන්ජා දැන් තිරයේ
රන්ජා දැන් තිරයේ
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය රඟන සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ පණස් හතර
වැනි සිනමා නිර්මාණය රන්ජා ඊයේ සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම
ඇරැඹිණ. කලක් විදේශගතව සිටි සුමනා ගෝමස් නැවතත් රංගනයට එකතුª වන රන්ජා හි කතාව,
දෙබස්, තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්ගෙනි.
ටෙනිසන් කුරේ, රොජර් සෙනෙවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, පියුමි ශානිකා, හිමාලි
සිරිවර්ධන, වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසිංහ, දෙනුවන සේනාධි, නිපුනි විල්සන්,
නිල්මිණි කෝට්ටෙගොඩ, ප්‍රේමදාස විතානගේ, සඳුන් විජේසිරි, කීර්ති රංජිත් පීරිස්,
ශාන් බන්දු වීරසිංහ, නිශාන්ත සඳබරණ, දොන් ලීලාරත්න ආදී පිරිස රන්ජා හි චරිත මවන
ලදී. ගාමිණී මොරගොල්ලාගම කැමරා අධ්‍යක්ෂවරයාය. කුමාරසිරි ද සිල්වා සහය අධ්‍යක්ෂවරයා
මෙන්ම සංස්කරණ ශිල්පියා ද වේ. කේෂාන් සුදන්ත පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයකි. සරත්
සමරවික්‍රම කලා අධ්‍යක්ෂණයෙන්ද, වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද, සංඛ අබේසිංහ
නැටුම් අධ්‍යක්ෂණයෙන් ද මේ සදහා දායක වෙති. සරත් රණවීරගේ අංග රචනයකි. දොන් ලීලාරත්න
නිෂ්පාදන කළමනාකරණයෙන් එක් වෙති. සුනිල් ධර්මසිරි ප්‍රචාරක කළමනාකරුය.
|