වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




උමයංගනා රඟන අලුත් ටෙලි නාට්‍ය මන්මාධවී

උමයංගනා රඟන අලුත් ටෙලි නාට්‍ය මන්මාධවී

ධම්මික තිසේරා අධ්‍යක්ෂණ්‍ය කරනු ලබන මන්මාධවී ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා රාජගිරිය ඔපියුලන්ට් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. උමයංගනා වික්‍රමසිංහ ප්‍රධාන චරිත මවන මෙය ආදර කතාවකි. කුමාරි මුණසිංහ, නිහාල් ප්‍රනාන්දු, දසුන් මධුශාන්, නුවන්ගි ලියනගේ, සුදත් විජේසේකර, සුනෙත් සැල්සිරිපුර, විශාකා සිරිවර්ධන, රෝහිත ඩයස්, දයාසිරි හෙට්ටිආරච්චි, ඩිලානි විජේසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, උපාලි කීර්තිසේන, තුෂාර ජයසූරිය, වොල්ගා කල්පනි මන්මාධවි රංගනයෙන් හැඩ කරති.

මෙය කේ. එම්. නිශාම්ඩීන්ගේ නිෂ්පාදනයකි. නුවන් විජේසිංහ නිෂ්පාදන කළමනාකරුය. ලෙස්ලි විමල් වීරසිංහගේ කලා අධ්‍යක්ෂණයකි. පුෂ්ප කුමාර බණ්ඩාරගම අංග රචනා ශිල්පියාය. උඩවත්ත ගාමින්ද ප්‍රදීප්ගේ රූපවාහිනි රචනයකි. නිශාන් හසිත කැමරාව මෙහෙයවයි. අජන්ත අයගමගේ සහාය අධ්‍යක්ෂණයකි.