සිසිර සේනාරත්න අගයමින් විශේෂ උපහාර උත්සවයක් මෙම මස 22 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ආරාධිතයිනට පමණක් වෙන් වූ මෙම විචිත්‍රවත් සැඳෑව රේගු නිලධාරීන්ගේ සංසදයේ සංවිධානයකි. මෙම ප්‍රසංගය නැරැඹීම සඳහා ‘සරසවිය’ පාඨකයින් කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදීමට සංවිධායක කමිටුව අපේක්ෂා කරයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ නම සහ ලිපිනය සඳහන් කළ කෙටි පණිවුඩයක් 0752805047 අංකයට එවීම පමණි.