වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




දත් ගැන කතාවක්

දත් ගැන කතාවක්

හාස්‍ය රංගනයට සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වූ චාර්ලි ෂීන්හට ලිංගික අතවර කළ බවට චෝදනාවක් එල්ල වෙලා. ඔහු දන්ත වෛද්‍යවරයකු හමුවීමට ගිය අවස්ථාවේදී ඇති වූ සිදුවීමක් හෙතුවෙන් ඔහුට මේ චෝදනා එල්ල වෙලා තියෙන්නේ.

චාර්ලි ෂීන්හට අවශ්‍ය ප්‍රතිකාර කරන අවස්ථාවේදී ඔහු එහි සිටි දන්ත තාක්ෂණ ශිල්පිනියකට අතවර කරන්න තැත්කර තිබෙන බවට චෝදනා එල්ල වෙලා. ඔහුට මුඛ ආවරණයක් පලඳවන්න තැත් කිරීමේදී දන්ත තාක්ෂණ ශිල්පිනියට අසභ්‍ය වචනයෙන් බැන වැදුනු ඔහු අයට අතවර කරන්න උත්සාහ දරා ඇති බවට එහි සඳහන්. ඉන් නොනැවතුණු චාර්ලි දන්ත වෛද්‍යවරයා අසලට ගොස් පිහියක් පෙන්වා තර්ජනය කර ඩොලර් පන්සියයක දඩයකුත් ඉල්ලා ඇති බව වාර්තා වෙයි. ඒ වුණත් චාර්ලි නම් කියන්නේ මෙය තමාට එල්ල කළ අභූත චෝදනාවක් බවයි.

චාර්ලි ෂීන් Two and Half Man, Anger Management රූපවාහිනි කතාමාලා සහ Scary Movie චිත්‍රපට මාලාවේ ප්‍රේක්ෂකයන්හට කිසිදා අමතක නොවන ආකාරයේ රංගනයක නිරතවීය.