සුනිල් ටී. නිපද වූ විශිෂ්ටතම චිත්‍රපටය - නිලේන්ද්‍ර දේශප්‍රිය මුල්ම
නිර්මාණය තණ්හා රතී රඟා 17 දා
සුනිල් ටී. නිපද වූ විශිෂ්ටතම චිත්‍රපටය - නිලේන්ද්‍ර දේශප්‍රිය මුල්ම
නිර්මාණය
තණ්හා රතී රඟා 17 දා

නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමාපටය තන්හා රතී රඟා මෙම මස 17 වැනිදා සිට ඊ.
ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹෙනු ඇත. සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ
සම්මානනීය චිත්‍රපට නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි සමග නිලේන්ද්‍ර නිෂ්පාදනයෙන් එක්
වූ මෙහි ඇති විශේෂත්වය වනුයේ සුනිල් ටී. ප්‍රනාන්දු මෙතෙක් නිෂ්පාදනයෙන් දායක වූ
සිනමාපටයන් හා සසඳා බලන කළ තන්හා රති රඟා ඒ සියල්ලටම වඩා නිර්මාණාත්මක හා කලාත්මක
අතින් ඉහළ ස්ථානයක් ගැනීමය.
සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ
සමඟ ස්වර්ණා මල්ලවආරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම්
ආදමලී තන්හා රති රඟා රංගනයෙන් හැඩ කරති. මෙහි කැමරාකරණය ධනුෂ්ක ගුණතිලකගෙනි.
ජාත්‍යන්තර සිනමා උළෙලයන් කිහිපයකින්ම හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ මෙය
සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ තිර රචනයකට අනුව තැනුණකි.
- ප්‍රසාද්
|