වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 175

සිංහල සිනමා විස්තරය 175

දෑසේ මල් පිපිලා

තිරගත වූ දිනය – 1990 පෙබරවාරි 11
ඉදිරිපත් කිරීම - ශ්‍රී අමර
චිත්‍රපට නිෂ්පාදනය - ශි‍්‍රයාණි අමරසේන
කතාව, දෙබස්, තිරනාටකය සහ අධ්‍යක්‍ෂණය – ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා
කතා සැකසුම - ශ්‍රී ලාල් පි‍්‍රයදේව
සහාය අධ්‍යක්‍ෂණය - ෂෙල්ටන් පෙරේරා
කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ඒ. ගපූර්
නිෂ්පාදන සහාය - සරත් කරුණාරත්න, ගුණසේකර
කැමරා සහාය – මාෂල් ස්ටැන්ලි, රවීන්ද්‍ර තලගල
විදුලි ආලෝක සහාය – ජී. නන්දසේන, ලලිත් තෝමස්, එම්. අනුර, ෆ්‍රැන්ක්ලීන් රූප්, ඒ. ඩී. පේ‍්‍රමදාස, එම්. රියාස්
සංස්කරණය – එම්. එස්. අලිමාන්
අංග රචනය - බෙනට් ජයතුංග
සටන් අධ්‍යක්‍ෂණය - සරත් ද සිල්වා
සටන් සහාය – ලක්‍ෂමන් ද සිල්වා, දයානන්ද සිල්වා, සුනිල් සතරසිංහ
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, රැජිනි සෙල්වනායගම්
ශබ්ද පරිපාලනය – නිමල් වික්‍රමරත්න (රජයේ චිත්‍රපට අංශය)
උපදේශක (ශබ්ද) – බර්ටි ප්‍රනාන්දු
ශබ්ද සහාය – මහේන්ද්‍ර මිලන්, මහින්දසිරි සමන්තිලක, එම්. එම්. ලියනගේ
රසායනාගාර කටයුතු – ඩිල්මන් ජයරත්න (ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්)
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය - ෂෙල්ටන් පෙරේරා
කැමරා උපකරණ – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
විදුලි ආලෝක උපකරණ – වාසනා චිත්‍රපට, සමරසිංහ
චිත්‍රපට කොණ්ඩා සැරසිලි සහ ඇඳුම් – ලලිත් ධර්මවර්ධන
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (දිසානායක චිත්‍රපට)
සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා, සෝමපාල ලීලානන්ද

ගීත – හීන් සැරේ නුවන් පුරා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
මගේ පුංචි මල්ලිට සැමදා – ලතා වල්පොල
මල් පාරේ රෝස මල් පාරේ – ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
වරෙල්ලා නටල්ලා - ෆ්‍රෙඩී සිල්වා
නිල් දියවැල් වියලි - චන්ද්‍රලේඛා පෙරේරා, ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් – විජය කුමාරණතුංග, ශි‍්‍රයාණි අමරසේන, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, සමන්ති ලැනරෝල්, අග්‍රා සජීවනී, ඇග්නස් සිරිසේන, මානෙල් චන්ද්‍රලතා, ගයනා මධුවන්ති, සිරිමතී රසාදරී, නිල්මිණි දේවිකා, ක්ලීටස් මෙන්ඩිස්, නවනන්දන විජේසිංහ, රන්ජන් රාමනායක, මාක් සැම්සන්, ස්ටැන්ලි වර්ණකුල, සේන ප්‍රේමචන්ද්‍ර, සුරංග පි‍්‍රයරත්න, මංජුල සමරසේකර, ඉෂාන් රත්නතිලක, චන්දිමා වාසනා පෙරේරා, ඩී. ආර්. නානායක්කාර, සැන්ඩි ද අල්විස්, අශෝක පීරිස්, කල්පගේ වික්‍රමසිංහ.

තන්හා ආශා

තිරගත වූ දිනය – 1990 මාර්තු 23
ඉදිරිපත් කිරීම – දිල්හාරා චිත්‍රපට
නිෂ්පාදනය සහ කතාව - සිරිල් වීරසිංහ
සම අධ්‍යක්‍ෂණය - සිරිල් වීරසිංහ, අශෝක නිශ්ශංක
දෙබස් සහ තිරනාටකය – අශෝක නිශ්ශංක
සහාය අධ්‍යක්‍ෂණය - සැම්සන් කුමාරගේ, පද්මසිරි රණවක
කැමරා අධ්‍යක්‍ෂණය – බන්දුල කුරේ
කැමරා සහාය – නිමල් නාකන්දල, ඊ. එම්. ලක්‍ෂමන්, ඩබ්ලිව්. කොස්තා, එන්. ඩී. පියසේන, එම්. ඇරෆින්, ආරියරත්න, පි‍්‍රයන්ත
සංස්කරණය – අශෝක නිශ්ශංක
සංස්කරණ සහාය - සිරිල් වීරසිංහ, සැම්සන් කුමාරගේ, ප්‍රේමලාල් ගන්ගේ
අංග රචනය – රංජිත් මතඟවීර, සහාය – ලකී මතඟවීර
කලා අධ්‍යක්‍ෂණය - සිරිනාථ වික්‍රමසිංහ
ශබ්ද පරිපාලනය – මහේන්ද්‍ර මිලන් ප්‍රනාන්දු
රසායනාගාර අධිපති - ජෙරල් බී. ජයවර්ධන
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ්
සැකසුම – රජයේ චිත්‍රපට අංශය (සංස්කරණ හා ශබ්දාගාර කටයුතු)
පිටපත් මුද්‍රණය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රගාරය
නාමාවලිය - සුජිත් පි‍්‍රයන්ත, නිමල්කා යටවර
නිෂ්පාදන කළමනාකරණය - සිඩ්නි වික්‍රමසිංහ
නිශ්චල ඡායාරූප – නිමල් නාකන්දල
කොණ්ඩා සැරසිලි - ලසඳා සිරිවර්ධන
රසායනාගාර සම්බන්ධීකරණය – ඩිල්මන් ජයරත්න
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (දිසානායක චිත්‍රාගාරය)
කැමරා සහ කාර්මික උපකරණ - සිනේකියුප් සර්විසස්
ඇඳුම් මෝස්තර – පර්ල් වීරසිංහ
සංගීත අධ්‍යක්‍ෂණය – ලයනල් අමරසිංහ, කිංස්ලි රාජසිංහ
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, අශෝක නිශ්ශංක

ගීත
චණ්ඩි චණ්ඩි චණ්ඩි පුතා - ටී. එම්. ජයරත්න
හැදුවාට බිඳුනාට කූඩු ගසේ - ලතා වල්පොල
සෝතාප මාරුතේ – චන්ද්‍රිකා සිරිවර්ධන
ආවා ආවා ආදරේ සොයා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රලේඛා පෙරේරා

නළු නිළියන් – විජය කුමාරණතුංග (මහේෂ්), සබීතා පෙරේරා (ලලනි), ජීවන් කුමාරතුංග (සුරේෂ්), රෙක්ස් කොඩිප්පිලි (සිඩ්නි හාමු), රොබින් ප්‍රනාන්දු (පොඩි මහත්තයා), ලීනා ද සිල්වා (අම්මා), විල්සන් කරුණාරත්න (විලී), ෆ්‍රෙඩී සිල්වා (අමදෝරු), බන්දු සමරසිංහ, සඳුන් විජේසිරි, සෙනරත් මාපිටිගම, සුමනා ගෝමස්, කපිල සිගේරා, දේවේන්ද්‍ර මාකස්, සුමිත් මුදන්නායක, අනිල් වීරසිංහ, සෂික සමර වික්‍රම, ෆ්‍රැන්සිස් වන්නිආරච්චි, විල්සන් ගුණරත්න, සුනිල් හට්ටිආරච්චි, රංජනී වන්නිආරච්චි, ශිරෝමී වනිගසිංහ, ගාමිණී කුමාර්, ලාල්කුමාර්, සරත් සිල්වා.

යුක්තියට වැඩ

තිරගත වූ දිනය – 1990 අපි‍්‍රයෙල් 06
නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය, දෙබස් සහ තිර රචනය - සුනිල්සෝම පීරිස්
සහාය අධ්‍යක්‍ෂණය – ලයනල් පඬුවාවල
කතාව - “ගුරු” දමිළ චිත්‍රපටය ඇසුරිනි
නිෂ්පාදන සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු, බේබි අයියා, සද්ධාසේන
නිෂ්පාදන අධිකාරී – මාලිනී අශෝක පීරිස්
කැමරා අධ්‍යක්‍ෂණය - ජේ. ජේ. යෝගරාජා
කැමරා සහාය - නෝබට් රත්නසිරි, ඊ. එම්. ලක්‍ෂමන්, පත්මසිරි පීරිස්, ෂෙල්ටන් කොස්තා, ජගත්
සංස්කරණය – කුමාරසිරි ද සිල්වා
අංග රචනය – ඊබට් විජේසිංහ
සහාය – ඩී. නන්දසේන
කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා සහාය සරත් සමරවික්‍රම
සටන් අධ්‍යක්‍ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම් - ජොර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඇස්. ගමගේ, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ටී. පී. සමරවීර, රේමන්ඩ් පෙරේරා, කේ. ආර්. ජයවර්ධන, සුනිල් පෙරේරා
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ්
සම්බන්ධීකරණය – ඩිල්මන් ජයරත්න
රසායනාගාර සහාය – ඇස්. ගමගේ, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ටී. පී. සමරවීර, රේමන්ඩ් පෙරේරා, කේ. ආර්. ජයවර්ධන, සුනිල් පෙරේරා අතිරේක
හඬ ගැන්වීම් – නිහාල් ජයවර්ධන
අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක
රසායනාගාර අධිකාරී - ජෙරල්ඩ් ජයවර්ධන
රසායනාගාර නිලධාරී – ඒ. අයි. ජොහාර්
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය – පියතිලක අතපත්තු
නිෂ්පාදන අධිකාරී – මාලිනී අශෝක පීරිස්
කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්
වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය
කොණ්ඩා මෝස්තර – වික්ටර් ලොයිඩ් ප්‍රචාරක පෝස්ටර් - සාති ඇඩ්වර්ටයිසිං
ගීත පටිගත කිරීම් – මර්වින් බෙන්ස් (ටරිටා ශබ්දාගාරය)
සංගීත අධ්‍යක්‍ෂණය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන
නිශ්චල ඡායාරූප හා කැමරා ක්‍රියාකරවීම – නිමල් නාකන්දල

ගීත

හිනැහෙන් සතුටේ කඳුළක් සලා - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
චන්ද්‍රකාන්ති ලෝකේ – වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
ඕ යාළුවෝ යාළුවෝ - වික්ටර් විජයන්ත, ග්‍රේෂන් ආනන්ද
ළඳුනේ මිතුරේ – වික්ටර් විජයන්ත, මායා දමයන්ති
මී පැණි මූදේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රි‍්‍රකා සිරිවර්ධන සහ පිරිස

නළු නිළියන් – ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, මර්වින් ජයතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ලයනල් දැරණියගල, නිහාල් සිල්වා, සෝනියා දිසානායක, රංජිත් පෙරේරා, සුදේශ් වසන්ත පීරිස්, නිලන්ති දේවගේ, කුසුම් කොන්දේගම, නිල්මිණි තෙන්නකෝන්, අරුණ ශාන්ති, බන්දු මුණසිංහ, ස්ටැන්ලි වර්ණකුල, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ගාමිණී කුමාර්, ලාල් කුමාර්, එම්. වී. බාලන්, පියතිලක අතපත්තු, කරුණාදාස අතුරුගිරිය, ශී‍්‍රනාත් මල්දෙනිය, ජයලත් ප්‍රනාන්දු, සුනිල් ප්‍රේමකුමාර, මහේෂ් ජයසිංහ, සිසිර කුමාරතුංග, සුසිලා කූරගම, දොන්ගයි, සෙනරත් මාපිටගම.

ජයශක්ති

තිරගත වූ දිනය – 1990 අපි‍්‍රයෙල් 06
ඉදිරිපත් කිරීම් - ඩෙවලොප් ලංකා සමාගම
නිෂ්පාදනය – එස්. ජී. ළමාබදුසූරිය
කතාව හා අධ්‍යක්‍ෂණය – කුසුම් චන්ද්‍ර ගමගේ
දෙබස් හා තිරරචනය – ආර්. ජයසිංහ
සහාය අධ්‍යක්‍ෂණය – ආර්. ජයසිංහ
කැමරා අධ්‍යක්‍ෂණය – ඩැනියෙල් ඇන්තනි
කැමරා සහාය – මාෂල් ස්ටැන්ලි
සංස්කරණය – වින්සන්ට් ඩේවිඩ් සහාය වී. එස්. මුක්කාලි
අංග රචනය - සනත් විජයවර්ධන
කලා අධ්‍යක්‍ෂණය – ආනන්ද පොල්ගහවෙල
සටන් අධ්‍යක්‍ෂණය - සරත් ද සිල්වා
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය – මහේන්ද්‍ර විලන් සහාය එච්. එම්. ලියනගේ
රසායනාගාර කටයුතු – එස්. එම්. සිරිල් සහාය ප්‍රේමසිරි සේනාරත්න
සැකසුම – රජයේ චිත්‍රපට අංශය
නිෂ්පාදන කළමනාකරණය – ඩී. තිරනාගම
නිෂ්පාදන විධායක - දේවිකා ළමාබදුසූරිය
සංගීත අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. දොඩංවල
කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන
ධාවන කාලය – පැය 2 විනාඩි 08,
දිග අඩි 14000
පිටපත් ප්‍රමාණය – 14 (හතරවන මණ්ඩලය)
ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ
නිශ්චල ඡායාරූප – හිල්මි සෙයිනුදීන්

ගීත

ලෝ ගිලී ගිය නිහැඬියාවේ - ප්‍රේම් හිඹුටාන
රන්වන් සියුමැලියේ - ග්‍රේෂන් ආන්නද, ලතා වල්පොල
ආශා වෙලී යෞවනයේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
මලෙක මෙලෙක හැඳින – ඇන්ජලීන් ගුණතිලක, අමිත් වල්පොල
වෛරයෙන් වෛරය - මොහිදීන් බෙග්

නළු නිළියන් - මාලිනී ෆොන්සේකා, ශෂි විජේන්ද්‍ර, ගෝතමී පතිරාජ, ලයනල් දැරණියගල, නවනන්දන විජේසිංහ, ලකී ඩයස්, වින්සන්ට් කරුණාරත්න, ලිලියන් එද්රිසිංහ, මානෙල් වානගුරු, මාක් සැම්සන්, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, ඡායා මල්කාන්ති, එම්. වී. බාලන්, සැන්ඩෝ හැරිස්, සරත් ද සිල්වා, රේණුකා අබේවික්‍රම, ආනන්ද වික්‍රමගේ, සුමිත් යහම්පත්, ආනන්ද අමරසිංහ, ප්‍රදීපා පෙරේරා,

විශේෂතා - මි. මී. 16 නිපදවා මි. මී. 35 ට රජයේ චිත්‍රපට අංශයේදී පුළුල් කරන ලද කළු සුදු වෘත්තාන්ත චිත්‍රපටය.