|
|
ක්ෂේත්‍ර කිහිපයකම දස්කම් පාන නන්දික
හැරී විමලසේනයන්ගේ ‘මත දූ’ ඒකාංගික අවුරුදු ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසෙන ඔහු
නන්දික දීපාල්. රංගනය පිළිබඳ න්‍යායාත්මකව ඉගෙන කලා ක්ෂේත්‍රයට පැමිණි
මගේ කලා ගමන ඇරඹෙන්නේ හැරී මහත්මයාගේ මත දූ නාට්‍යයෙන්. එතනින් ඇරඹුණු ඒ ගමනින් අද මම යම් දුරක් පැමිණ තිබෙනවා. සිරස TV විකාශය වූ ‘කාව්‍යා’ නාට්‍යයෙත්, සිහින සක්මන හා පබළු ටෙලි නාට්‍යවලත් ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘ඇන් කොම්පැණි’ හි ‘රංජා’ කියන ප්‍රධාන චරිතය රඟපෑමටත් මට අවස්ථාව උදා වුණා. මේ දිනවල ජනප්‍රිය රොෂාන් සුගතපාලගේ ‘බලා ඉන්නම්’ ගීතයේ විෂුවල් එකටත් ඩෙමියන් ප්‍රනාන්දුගේ ‘සිහින සිත්තරාවී’ ගීතයේ විෂුවල් එකටත් සම්බන්ධ වෙන්න මට හැකි වුණා. ආධුනික රංගන ශිල්පියෙකු වන නන්දික තම හැකියාවන් සිනමාව හරහා ද ඉදිරියට ගෙන ගොස් ඇත. සිරස ඩාන්සින් ස්ටාර්ස්, හදවත මල් යායයි, බෝම්බ සහ රෝස, පොලිටිකල් ජෝක්ස් ඔහු රඟපෑ චිත්‍රපට වේ. වෙළෙඳ දැන්වීම්, සිනමාව, ටෙලි නාට්‍ය පමණක් නොව වේදිකා නාට්‍යය හරහා ද නන්දික තම කලා මඟ එළි පෙහෙළි කරගෙන ඇත. සරා, ලොකු අයියා, ටෝල් මෑන් ඇන්ඩ් ෆැට් මෑන්, නිර්වස්ත්‍ර, රෝස කටු හා දැනමුතු, අන්දරේ ඔහු රංගනයෙන් දායක වු වේදිකා නාට්‍යයි. දැනට මම වෘත්තියෙන් මොස්තර නිරූපණ ශිල්පියෙක් ලෙස රොෂෑන් ඩයස් මහත්මිය යටතේ කටයුතු කරනවා. කලක් මම වේදිකා පරිපාලන ශිල්පියෙකු ලෙස ද සේවය කළා. ප්‍රවීණයන්ගේ ගුරු හරුකම් ලබාගෙන කලා ක්ෂේත්‍රයෙන් ඉදිරි ගමනක් යන්නයි මං බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව ‘MANAZZ’ ප්‍රඩක්ෂන් හවුස් යනුවෙන් මගේම ව්‍යාපාරයක් මම කරගෙන යනවා. මගේ කලා කටයුතුවලට අම්මා, තාත්තා, මල්ලි ඇතුලු පවුලේ සැමත් උදව් කරනවා. SKY ආයතනයේ මහේෂ් මුණසිංහ, රොෂෑන් ඩයස්, හැරී විමලසේන හා අරුණ ප්‍රියන්ත යන මහත්ම මහත්මීන්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මට උපකාර කරනවාට. 0776727916 මගේ දුරකථන අංකයයි.
|



නන්දික ටෙලි
නාට්‍ය හා වෙළඳ දැන්වීම් ඔස්සේ තම කලා හැකියාවන් විදහා පා ඇත. කලාවේ විවිධ දස්කම්
පෑමට ඔබින සේම ඔහුට අඩි 6 අඟල් 2 ක අපූරු උසක් ද හිමි වී ඇත.