|
|
වේදිකාවෙන් පුංචි තිරයට ආ සේපාලිකා
‘මම මුලින්ම වේදිකා නාට්‍යයක රඟපාන්නේ මට අවුරුදු පහළොවේදී. ඒ මගේ අයියා දේවි ශ්‍රී ධර්මානන්දයන්ගේ ‘අඳුර මැදින් මරු කතරට’ වේදිකා නාට්‍යයේ. එදා ඇරඹි මගේ කලා ගමනේ අද වෙන කොට මම වේදිකා නාට්‍ය පනහකට ආසන්න සංඛ්‍යාවක රඟපාලා තියෙනවා. මම රඟපාපු නාට්‍ය අතුරෙන් ‘මාතලන්’, ‘රංග කේසි’ හා ‘සංසාර චක්කරේ’ වේදිකා නාට්‍ය මාව ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආවා කීවොත් නිවැරදියි. මාතලන් නාට්‍යයේ මම රඟපෑවේ චික්‍රවාලි කියන ප්‍රධාන චරිතය. නටබුන්, ලේ කඳුළු දහඩිය, රෝමියෝ ජුලියට්, ප්‍රශ්නයක්, ගල්මල්, ලේ නෑයෝ, හතරේ වාට්ටුව, නායකයා ආදී නාට්‍යවලත් දයානන්ද ගුණවර්ධනගේ ‘ගජමන් පුවත’ රංජිත් ධර්මකීර්තිගේ ‘අංගාරා ගඟ ගලා බසී’ හා බර්ට්‍රම් නිහාල්ගේ ‘සිවුපා’ යන වේදිකා නාට්‍යවලත් මම රංගනයෙන් එක් වුණා. බොහෝ විට තලතුනා, වයසක හා මුඩුක්කු චරිත තමා මම නිරූපණය කළේ. අවුරුදු විසි එකක්ම මම නිශාන්ත ද අල්විස්ගේ ‘බූදලේ’ වේදිකා නාට්‍යයේ චරිත නිරූපණය කළා. මම විවාහ වුණාට පස්සේ දරුවන්ගේ හා සැමියාගේ කටයුතු නිසා නාට්‍යවල සම්බන්ධ වෙන්න නොහැකිව බොහෝ කාලයක් නිහඬව හිටියා. මුල් කාලයේදී සැමියාගෙන් බාධා තිබුණත් දැන් එහෙම නැහැ. ඒ නිසා ආනන්ද එස්. විජේසිරිගේ ‘පුරවර සුන්දරී’ නාට්‍යයෙන් මට නැවත වේදිකාවේ දස්කම් පාන්න අවස්ථාව ලැබුණා. වේදිකාවේ අත්දැකීම් බහුල ඇය මේ දිනවල ‘ස්ත්‍රී වයිරා’ වේදිකා නාට්‍යයෙත්, දෙව්ලොව යනකං හා යකා මහත්තයා නාට්‍යවල රඟපායි. එයට අමතරව ජයසේකර අපොන්සුගේ ‘පිට තටු’ නාට්‍යයේත් ‘සීලවතී’ හා ‘අල්ලපු ගෙදර අලුත් අය’ නාට්‍යවලත් ඇය රඟපාන්නීය. මට නැවතත් රඟපෑමට අවස්ථාව ලැබීම ගැන බොහෝම සතුටුයි. එදා වගේම පිළිගැනීම මට අදත් තියෙනවා. ගොඩක් නාට්‍යවලටත් ආරාධනා ලැබෙනවා. මම ප්‍රාර්ථනා කරන්නේ මගේ අයියත් එක්ක නැවත මට රඟපාන්න වාසනාව ලැබෙන්න කියලා. වේදිකාවට ලොබ බඳින ආශා සේපාලිකා දැනට බිෂොප් විද්‍යාලයේ අනධ්‍යන මණ්ඩලයේ සේවය කරන අතර රැකියාව කරන අතරතුර කලාවට කැපවීමට බලාපොරොත්තු වේ. වේදිකාවට පමණක් සීමා නොවී ටෙලි නාට්‍යවලට ද සිනමාවට ද සම්බන්ධවීමට ඇය බලාපොරොත්තු වේ. 0776851633 ඇගේ දුරකථන අංකයයි. මගේ කලා කටයුතුවලට පවුලේ සැවොමත්, නිහාල් සිල්වා, සොමී රත්නායක හා ජයසේකර අපොන්සු යන මහත්වරු ගොඩක් උපකාර කරනවා. ඒ සැමටත් මට මෙතෙක් උපකාර කළ අයටත් මගේ ජීවිතයට මඟ පෙන්වන දෙවියන් වහන්සේටත් මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා.
|



කලාවට හිතැති බොහෝ අය තම හැකියාවන් කරලියට ගෙන එනුයේ වේදිකාව මූලාශ්‍ර කර ගනිමිනි.
වේදිකාව තම ජීවිතය කර ගත් එවැනි රංගන ශිල්පිනියක් පසුගියදා සරසවියට පැමිණියා. ඇය
නමින් ආශා සේපාලිකා.