වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




නියම රියැලිටි ස්ටාර් කෙනෙක්

නියම රියැලිටි ස්ටාර් කෙනෙක්

තේරේසා ගියුඩ්ස් අමෙරිකානු රියලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නියන් අතරේ ප්‍රමුඛ ස්ථානය දිනාගෙන සිටින්නියක්. ඇය ඉදිරිපත් කළ The Real Housewives of New Jersey සහ Celebrity Apprentice විශාල ජනප්‍රියත්වයක් දිනාගත් වැඩසටහන්. එහෙත් දැන් නම් ඇයට රියලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නට නොහැකි කාලයක් උදාවෙලා. ඒ ඇය කළ වංචා දූෂණ හේතුවෙන්. ඒ වෙනුවෙන් වරදකරුවන් බවට පත් වූ තෙරේසා සහ ඇයගේ සැමියාහට දැන් සිර දඬුවම් නියම වෙලා.

සැමියාට මාස 41ක සිර දඬුවමක් නියම වෙද්දි තෙරේසාට හිමි වූයේ මාස 15ක සිර දඬුවමක්. සැමියාගේ තීන්දුව ලබාදී පැය ගණනක් ගතවූවාට පසුවයි තෙරේසාගේ දඬුවම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. රූපවාහිනියේ රියලිටි වැඩසටහන් ඉදිරිපත් කළ තෙරේසාට සිරකුටියත් වෙනස්ම රියලිටි අත්දැකීමක් වේවි.