වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




විජය වගේ ගී ගයා තරුවක් වන්න

විජය වගේ ගී ගයා තරුවක් වන්න

විජය කුමාරතුංග අනුස්මරණ සහෘද පදනම සංවිධානය කරන විජය ගී තරුව 2015 ගීත තරගය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කොට ඇත.

මෙහිදී තරගකරුවන් විසින් ගායනා කළ යුතුව ඇත්තේ විජය ගැයූ ගී පමණි. ඔවුන් අතරින් විජයට වඩාත් සමානව ගයන ගායකයා තෝරා ත්‍යාග පිරිනමනු ලැබේ.

තරග වට තුනකින් සමන්විත මෙම තරගයෙහි අවසාන වටය ලබන වසරේ පෙබරවාරි 16 දින පැවැත්වෙනු ඇත. මෙහි අයැදුම්පත් බාර ගැනීම මෙම මස 25 දිනෙන් අවසන් වන අතර ඒවා අරුණ වික්‍රමසිංහ, කැඳවුම්කරු, විජය ගී තරුව, 2015, අංක 114, නුවර පාර, මුදුන්ගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.