වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රංශය නියෝජනය කරන ශ්‍රී ලාංකිකයකුගේ චිත්‍රපටයක්

ප්‍රංශය නියෝජනය කරන ශ්‍රී ලාංකිකයකුගේ චිත්‍රපටයක්

රැය තවම තරුණයි මූම්බායි උළෙලට - La nuit Est Encore Jeune

රැය තවම තරුණයි මැයෙන් නිර්මිත ඉන්දික උඩුගම්පොළගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයේ මංගල ලෝක දැක්ම මූම්බායි අන්තර් ජාතික සිනමා උළෙලේදී තිරගත වීමට නියමිතය. ඉන්දිකගේ මෙම චිත්‍රපටය ප්‍රංශය නියෝජනය කරමින් තිරගතවීම විශේෂත්වයකි.

මෙම මස 14 වැනිදා සිට 21 දක්වා ඉන්දියාවේ පැවැත්වෙන මූම්බායි අන්තර් ජාතික සිනමා උළෙල සඳහා රටවල් හැටපහක් නියෝජනය කරමින් චිිත්‍රපට එකසිය අසූපහක් තිරගත වනු ඇත. මෙහි පැස්කලින් බෙල්ග්‍රාඩ්, ඇන් ලෙමොනාකි සහ ලක්ෂාන් අබේනායක රංගන දායකත්වය සපයති. චන්ද දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන් ද, පියර් එම්මෑනුවෙල් ශ්‍රව්‍ය සංකලනයෙන් ද, ෂයිලේශ් මැක්වැන්ගේ සංස්කරණයෙන් ද, නදීක ගුරුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් වී ඇත. දිලීකා සෙව්වන්දි ගායනයෙන් දායක විය.