|
|
සජීව මල්මාලආරච්චි පිල්ලෙ වෙයි
‘සිකුරහතේ’ දෙවර්ෂ පූර්ණය 11 වැනිදා
වැඩි වශයෙන් වේදිකා නාට්‍ය රංග ශිල්පියකු ලෙස අප හමුවට එන ඔහු මේ දිනවල සබඳ බබානිස්, එළියස් එළියට් සහ සිහින ටවුම යන ටෙලි නාට්‍යවලද රඟ දක්වයි. තම තිස් වසරක කලා දිවිය තුළ වේදිකා නාට්‍ය හැට පහකට වැඩි සංඛ්‍යාවක ද, ටෙලි නාට්‍ය පනහකට වැඩි සංඛ්‍යාවක හා චිත්‍රපට විසි හතක පමණ ඔහු රඟපා ඇත. සජීවගේ තිස් වසරක රූපවාහිනිය, සිනමාව සහ වේදිකාව සඳහා කළ මෙහෙවර අගයමින් පසුගියදා කළුතර දිස්්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2014 සාහිත්‍ය උත්සවයේදී උපහාර සම්මානයක් ධර්මසිරි බණ්ඩාරනායක ශූරීන් අතින් පිරිනැමිණි. වේදිකා නාට්‍ය හතක අධ්‍යක්ෂවරයකු වන ඔහු අවසන්වරට නිර්මාණය කළේ සිකුරහතේ හාස්‍ය වේදිකා නාට්‍යයයි. එයට තව නොබෝ දිනකින් වසර දෙකක් සපිරේ. සජීව සරසවිය අපත් සමඟ එකතු වුණේ සිකුරහතේ දෙවර්ෂ පූර්ණ දැක්ම ගැන කතා කරන්නටය. සිකුරහතේ වේදිකා නාට්‍යයේ දෙවර්ෂ පූර්ණ දැක්ම කොහොමද සමරන්නේ? ඇහෙන්නේ නැතිව, පේන්නේ නැතිව කතා නොකර ඉන්නතාක් ජීවිතේ ෂුවර් වන සිකුරහතේ වේදිකා නාට්‍යයේ දෙවර්ෂ වූර්ණ දැක්ම නිමිත්තෙන් මේ මස 11 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් රඟහලේදී සිකුරහතේ වේදිකා ගත කරන්නයි අපි සූදානම්ව ඉන්නේ. සිකුරහතේ නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ඔබ නාට්‍ය ගැන මොකද හිතන්නේ? පළවෙනි දේ තමයි සිකුරහතේ නාට්‍ය හාසේයීත්පාදක වීම. ආරම්භයේ සිට අවසානය දක්වාම සිනහවෙන් පිරි මේ නාට්‍ය පවුලේ සැමටම එකට සිට නැරඹිය හැකි නාට්‍යයක්. ප්‍රේක්ෂකයාට පුළුල් උපරිම රසවින්දනයක් ලබාදෙන නැටුම් ගැයුම්වලින් සපිරි නාට්‍යයක්. ඒ නිසා එහි අධ්‍යක්ෂවරයා ලෙස නාට්‍ය ගැන මට නිහතමානී තෘප්තියක් දැනෙනවා.
නාට්‍යයක් කියන්නේ සාමුහික ප්‍රයත්නයක්. සිකුරහතේ නාට්‍ය කණ්ඩායම එකාවගේ මේ වෙනුවෙන් කැප වෙනවා. මේ වසර දෙක තුළ කොළඹින් බැහැරව අපි පෙන්වපු දර්ශන වාරවලදීත්, පුහුණුවීම්වලදීත් මම ඒක කණ්ඩායම තුළ හොඳින් දුටුවා. රංගාවලෝකය, තාක්ෂණික ශබ්ද තරංග අවශ්‍ය වේලාවට ලබා දීම, රංග වස්ත්‍රාභරණ නිර්මාණය, වේදිකා පරිපාලනය, වේදිකා අලංකරණය හා පසුතල නිර්මාණ ආදී සියල්ලම බොහෝම අපූරුවට ‘සිකුරහතේ’ අපේ කණ්ඩායම කැපවීමෙන් ඉටු කරනවා. ඒ ගැන මම ඔවුනට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සිකුරු හතේ නාට්‍යයයේ රංගන දායකත්වය ගැන මතක් කළොත්? මෙහි ප්‍රධාන චරිත නවයක් තියෙනවා. ‘පිල්ලේ’ගේ චරිතය තමා ප්‍රමුඛ. එය රඟදක්වන්නේ මම. ජුලියාගේ චරිතයට සනෝජා බිබිලේ හා අනූෂා දිසානායක පණ පොවනවා. මුරකරුගේ චරිතයට අජිත් ලොකුගේ හා දමයන්ත පෙරේරා රංගනයෙන් එක් වෙනවා. මීට අමතරව ‘ස්ටේෂන් මාස්ටර්, පියා, තරුණිය, මහල්ලා, තරුණයා ඩොබී’ යන චරිත ද අඩංගු වෙනවා. සිකුරහතේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් මගේමයි. නිෂ්පාදනය ප්‍රියන්ත රංජන් විසින් සිදු කෙරෙනවා. ගීත රචනය හා සංගිතය ප්‍රදීප් ජයතිලකගෙන්. අංග රචනය ප්‍රේම් ජයන්ත කපුගේ අතින් සිදු වෙනවා. වසර ගණනක නිහැඩියාවකින් පසුව ඔබ 2012 වසරේදි නැවත වේදිකාවට පැමිණෙනවා. ඒ පැමිණීම සිද්ධ වුණේ සිකුරහතේ නාට්‍යයෙන්? ඔව්. 2000 වසරේදී මා අතින් රතු රුවල් වේදිකා නාට්‍ය නිර්මාණය වුණාට පස්සේ මම අවුරුදු දොළහකට පසුවයි ‘සිකුරහතේ’ නිර්මාණය කළේ. එය මගේ හත් වැනි නාට්‍යය. මා සිකුරහතේ ලිව්වේ මීට වසර දහතුනකට කලින්. එය පළමුවරට වේදිකා ගත වුණේ 2012 දී. බොහෝ විට කොළඹින් බැහැරවයි අපි ඒක ප්‍රදර්ශනය කළේ. මේ වසරට හාස්‍ය පිරි සිකුරහතේ නාට්‍යයට අවුරුදු දෙකක් සපිරෙනවා. ඒ වෙනුවෙන් තමයි ‘සිකුරහතේ’ දෙවර්ෂ පූර්ණ දැක්මක් අපි සූදානම් කළේ.
|



මෙරට නාට්‍ය ඉතිහාසයේ පළමු වතාවට ඇල්බීරියානු වේදිකා නාට්‍යයක් වේදිකාවට ගෙන ආවේ
සජීව මල්මාලආරච්චිගේයි. ඒ ‘රතු රුවල්’ වේදිකා නාට්‍යයයි. එය 2000 වර්ෂයේදී රාජ්‍ය
නාට්‍ය උළෙලේ සම්මානයට ද පාත්‍ර වුණි. ඔහු 1996 දී නිර්මාණය කළ ‘මායා දොරටුව’
නාට්‍යය ද යෞවන සම්මාන නාට්‍ය උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ඇතුලු කුසලතා සම්මාන
පහක් ලබා ගැනීමට සමත් වුණි. චරිත දෙකක්, වාලුකාවක් වූ පරාදීසයක්, ඔස්තාර්, වළාලය
ආදී නාට්‍යය ද සජීව මල්මාලආරච්චිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය විය.
වේදිකාවේ ප්‍රේක්ෂකයාට පෙනෙන දේට වඩා එහි පිටුපස දැවැන්ත ක්‍රියාවලියක් සිදු
වෙනවා. ඒ ගැන පැවසුවොත්?