වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




විචාරක පැසසුමට ලක් වූ Equalizer

විචාරක පැසසුමට ලක් වූ Equalizer

විශ්‍රාමික අමෙරිකානු රහස් මෙහෙයුම් නිලධාරියකු වූ රොබට් මැක්කෝල් තම අභිරහස් මෙන්ම බිහිසුණු අතීතය අමතක කර දමා සරළ සාමකාමී දිවිපෙවතකට මුල පුරයි. එහෙත් මේ සියල්ල වෙනස් වෙන්නේ ටෙරී නම් කාන්තාව මුණ ගැසීමත් සමගිනි. බලවත් රුසියානු මැර කණ්ඩායමක ගොඳුරක්ව සිටින ටෙරී කුඩා කාලයේ සිටම ගණිකාවක ලෙසින් ඔවුන් යටතේ සේවය කරන්නීය.

ටෙරී වැටි සිටන අනතුර වටහා ගන්නා මැකෝල් ඇය ඉන් මුදවා ගැනීමට මුදල් ටෙරීගේ භාරකරුහට ලබාදීමට සූදානම් වුවත් ඔහු එය ප්‍රතික්ෂේප කරයි. සටන ඇරඹෙන්නේ එැතැන් සිටය. එහි සිටින සියළුම දරුණු මැරයන් සමගින් සටන් වදින මැකෝල් තත්පර විස්සකදී ඔවුන් සිටල්ල නිහඬ කර ටෙරීද රැගෙන එතැනින් ඉවත් වෙයි.

අතීතයේදී ලද සුවිශේෂ හැකියාවන්ගෙන් සන්නද්ධ වූ මැකෝල්, තමන් මුලපිරූ සාමකාරී ජීවිතයෙන් ඉවත්ව නැවතත් නැගී සිටින්නේ අසරණයන් වෙනුවෙනි. කිසිම තැනකින් සාධාරණයක් ඉටු නොවන අසරණයන්හට ඔහු ශක්තියක් වෙයි. නැතහොත් අසරණයන් සිටින බලය අඩු දිශාවට ගොස් අනෙකුත් පාර්ශවය හා සම කරයි. මේ අනුව මැකෝල් Equalizer නම් වෙයි.

ඩෙන්සල් වොෂින්ටන් සහ ච්ලෝ ග්‍රේස් මොරට්ස් ප්‍රධාන චරිත රඟන The Equalizer ඇන්ටනි ෆ්‍රක්වාගේ අධ්‍යක්ෂණයකි. එය 1985 සිට 1989 දක්වා විකාශිත The Equalizer රූපවාහිනි කතා මාලාව ඇසුරින් නිර්මාණය වූ මෙය විනාඩි 131ක ධාවන කාලයකින් යුතු වූ ත්‍රාසජනක චිත්‍රපටයකි. අමෙරිකානු ඩොලර් මිලියන 55ක පිරිවැයක් නිෂ්පාදනය කළ The Equalizer IMDB දර්ශකයේ ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය 10න් 7.6කි.

මෙම චිත්‍රපටය බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් වී ඇති අතර සිත් ගන්නා සුළු ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසින් ඔවුන් එය සඳහන් කර තිබේ. ඩෙන්සල් මෙහිදි තම චරිතයට උපරිම සාධාරණයක් ඉටුකර ඇති බවත් The Equalizer හැම අයෙක්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙසත් විචාරකයන්ගේ මතය වී තිබේ.