වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

ළමා අපරාධවලට එරෙහි වූ

මර්ධානි (MARDAANI)

හින්දි සිනමාවේ සුපිරි චිත්‍රපට නිෂ්පාදක ආයතනයක් වන යාශ් රාජ් චිත්‍රපට නවතම නිිර්මාණය මර්ධානි මේ දිනවල ඩී. වී. ඩී. ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ඇති හොඳ චිත්‍රපටයකි.

හුසේන් සහීඩ් සහ විභා සින් ශේ දෙදෙනා සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් අදිත්‍ය චොප්රා නිෂ්පාදනය කළ ප්‍රදීප් සර්කාර් අධ්‍යක්ෂණය කළ මර්ධානි රංගනයෙන් රාණි මුඛර්ජි, තහීර් රාජ් බාසින්, කෙගර්, මීනු සේතෝජි සමග විශේෂ රංගන දායකත්වයෙන් ජිශු සෙන්ගුප්ත දායක වී ඇත. තහීර් රාජ් බාන්ස් සහ ප්‍රියංකා ශර්මා මර්ධානි තුළින් තිරයට අවතීර්ණය වේ.

ඉන්දියාව යනු ළමා ලිංගිකත්වය සඳහා ප්‍රචලිත ලෝක මධ්‍යස්ථානයකි. මෙය පිටුපස ඉන්දීය පාතාල මාෆියාව කෙළින්ම සම්බන්ධය. වසරකට ළමුන් 40000 ක් ලිංගික කටයුතු සඳහා යොදා ගනියි. සෑම මිනිත්තු අටකට වරක්ම ඉන්දියාව තුළ ගැහැනු ළමයකු අතුරුදහන් වනු ඇත.

මෙම තත්ත්වය හමුවේ මූම්බායි පොලිස් මූලස්ථානයේ අපරාධ අංශයේ කාන්තා පොලිස් පරීක්ෂකවරියක් වන ශිවානි සිවාජි රෝයි එම ළමා ගණිකා උවදුරට එරෙහිව කටයුතු කිරීම අරඹයි.

මෙම මෙහෙයුම ඇගේ ජීවිතය වෙනස් කරයිද. මෙය ඔබට මර්ධානි නරඹා තීරණය කළ හැකි වනු ඇත.

දෙදෙනෙකු අතරින් කවරකු තෝරා ගත යුතුද

මුජ්සේ දෝස්ති කරෝගේ (MUJHSE DOSTI KAROGE)

රාජ්, ටිනා සහ පූජා කුඩා කාලයේ සිට එකට හැදී වැඩේ. ඒ රාජ් සහ ටිනාගේත් පූජාගේත් පවුල් දෙක කළණ මිතුරන් නිසාය.

මේ අතර රාජ් සහ පවුලේ අය එංගලන්තයේ පදිංචියට යයි. වැඩි වියට පත් වුව ද රාජ් ටිනා සහ පූජා අතර සබඳතාවය පවතින්නේ විද්යුත් තැපැල් මගිනි.

එහෙත් ටිනා රාජ්ගේ විද්යුත් තැපැල් පණිවිඩ සඳහා පිළිතුරු යැවීම නොකරයි. මෙහිදී පූජා ටීනා ලෙස රාජ්ට විද්යුත් තැපැල් පණිවිඩ යැවීම් කරනු ලබන අතර එය රාජ් හෝ ටිනා නොදනී.

මේ අතර රාජ් සහ පවුලේ අය නැවත ඉන්දියාවට එන්නේ සති දෙකක නිවාඩුවක් සඳහාය. එහිදී රාජ් ටිනාගේ සුන්දරත්වයත් පූජාගේ පෞරෂත්වයත් දැක මවිත වෙයි.

රාජ් තෝරා ගන්නේ ටීනාව ද එසේත් නැතිනම් පූජාව ද. මෙය කලකට ඉහත යාශ් රාජ් චිත්‍රපට ඉදිරිපත් කළ ජනප්‍රිය චිත්‍රපටයකි.

රාණි මුඛර්ජි, රිතික් රෙෂාන්, කරීනා කපූර් රඟන මුජ්සේ දෝස්ති කරෝගේ අධ්‍යක්ෂණය කුමාර් කොහ්ලි ගෙනි.

මැඩ්රාස් (MADRAS)

නව පරපුරේ ජනප්‍රිය නළු කාර්ති රඟන නවතම චිත්‍රපටයයි මැඩ්රාස්.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සිනමාහල්වල ද තිරගත වන මැඩ්රාස් චිත්‍රපටයේ කාර්ති සමග කැතරින් ට්‍රිෂා, කලයිරාසන්, විනෝද්, නන්ද කුමාර් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

සන්තෝෂ් නාරායන් මෙහි සංගීත අධ්‍යක්ෂවරයායි. කේ. ඊ. ඥාණවෙල් රාජ් නිෂ්පාදනය කළ මැඩ්රාස් පා රන්ජිත් ගේ අධ්‍යක්ෂණයකි. මෙය තරුණ පාපන්දු ක්‍රීඩකයකු වටා ගෙතුන චිත්‍රපටයකි.

මැඩ්රාස් ද්‍රවිඩ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයාට මේ දිනවල මෙහි ඩී. වී. ඩී. පට මිලදී ගත හැක.

භීෂණයට එරෙහි වූ

ඔපරේෂන් රෝග් (OPEARTION ROGUE)

සම්පූර්ණයෙන්ම ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ඔපරේෂන් රෝග් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපට නිෂ්පාදක රොජර් තෝර්මන්ගේ නවතම නිෂ්පාදනයයි.

දරුණු ත්‍රස්තවාදී කල්ලියක් විසින් පැහැර ගන්නා ලදුව ආසියාවේ ඝණ වනාන්තරයක සැඟ වූ රසායනික අවියක් සොයා යෑම මේ චිත්‍රපටයේ තේමාවයි.

මෙය සෙවීමේ මෙහෙයුම කපිතාන් මැක්ස් රෙන්ඩෝල් සහ ඔහුගේ භට කණ්ඩායම කටයුතු කරයි. මෙහිදී ඔවුන් එම ත්‍රස්ත කල්ලියේ නායකයාගේ පුතාව ඝාතනය කරනු ලබයි. එයට පලිගැනීමක් වශයෙන් ත්‍රස්තවාදීන් විසින් කපිතාන් මැක්ස්ගේ දියණියව පැහැර ගනියි.

සියලු ව්‍යසනයන් පරාජය කිරීමට කපිතාන් මැක්ස් ඇතුළු භට කණ්ඩායම ගන්නා එඩිතර ක්‍රියාදාමය ඔපරේෂන් රෝග් සඳහා පාදක වී ඇත.

මාර්ස් ඩකස්කෝස්, සොහීයා පර්නස් සමඟ ට්‍රීට් විලියම්ස් රඟන ඔපරේෂන් රෝග් බ්‍රයන් ක්ලෝයිගේ අධ්‍යක්ෂණයකි.

ඝාතනයට උපන්

ස්නයිපර් ලෙගසි (SNIPER LEGACY)

ස්නයිපර් චිත්‍රපට මාලාව ඉංග්‍රීසි චිත්‍රපට රසිකයන් මහත් ඇලුම් කළ චිත්‍රපට පෙළකි. මෙහි නවතම චිත්‍රපටයයි සනයිපර් ලෙගසි චිත්‍රපටය.

ටොම් බෙරෙන්ජර්, චැඩ් මයිකල් කොලින්ස්, ඩෙනිස් නේස්බර්ට්, ඩොමිනික් මෆහන්, මර්සිඩීස් චේසන්, මාර්ත්ලිවිස් ජෝන්ස්, නෙස්ටර් සේරාන්ච්, ඩෙනිස් හෙස්බර්ට් වැනි ජනප්‍රිය බටහිර නළු නිළි කැළක් රඟන ස්නයිපර් ලෙගසි ඩොන් මයිකල් පෝල් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටයයි.

මයිකල් ෆෝරෝස් බෙක්නර් සහ කෑම් ලේලන්ඩ්ගේ චරිත වටා නිර්මාණය වී ඇති ස්නයිපර් ලෙගසි පියාත් පුතාත් කැමති සේම ඔවුන් ඉපදී ඇත්තේ ඝාතනයටමයි යන තේමාවෙන් නිර්මාණය වී ඇත.

හාස්‍යයෙන් පිරි

වල්ලවනක්කු පුල්ලම් ආයුධම් (VALLAVANAKKU PULLAM AAYUDHAM)

ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ ශ්‍රීනාත් ගේ නවතම චිත්‍රපටයයි වල්ලවනක්කු පුල්ලම් ආයුධම්.

ජනප්‍රිය විකට නළු සන්නනම් අශ්නා ශේවරි, මිර්චි, නගිනේඩු, රවි ප්‍ර‍්‍රකාශ්, වීටීවී ගනේෂ්, සෙන්තිල් කුමාර රඟන ආයුධම් එස්. එස්. රාජ මෞලි විසින් රචනය කර ඇත.

ප්‍රසාද් වී. පොට්ලුර් නිෂ්පාදනය කළ ආයුධම් හාස්‍ය මුසු වූ හාසොේ‍යීත්පාදක කතා පුවතක් රැගත් චිත්‍රපටයකි. එයට පාදක වනුයේ මර්යාදා රාමන්නා නම් දෙමළ චිත්‍රපටයයි.

ඩී. වී. ඩී. අනුග්‍රහය
නීරෝ සී. ඩී. හවුස්
මල්වත්ත පාර