අමිතාබ් - රේඛා නැවත
අමිතාබ් - රේඛා නැවත
රේඛා සහ අමිතාබ් ප්‍රේමය දෛවයෙන් දෙකඩ වූව ද දෙදෙනාගේ ජීවිතවල ඇත්තේ පුදුමාකාර
සබඳතාවකි. රේඛා මෙන්ම අමිතාබ් බච්චන් ද ඉපදී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේයි. රේඛාගේ
උපන් දිනය ඔක්තෝබර් 10 වැනිදාට යෙදී තිබෙන අතර බච්චන්ගේ උපන් දිනය යෙදී ඇත්තේ
ඔක්තෝබර් 11 වැනි දිනයටය.
එනම් දෙදෙනාගේ උපන් දිනවල තිබෙන්නේ දිනක වෙනසකි. දශක
තුනකට පසු අමිතාබ් සහ රේඛා ‘ෂම්තාබ්’ සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන්ට දක්නට ලැබෙනු ඇත.
දෙදෙනා අවසන් වරට රැඟුවේ 1981 තිරගත වූ ‘සිල්සිලා’ සිනමාපටයේයි.
|