ගැහැනු ළමයි ආදරේ ප්‍රකාශ කරනවා
ගැහැනු
ළමයි
ආදරේ
ප්‍රකාශ කරනවා
මම නුවණ
පාවිච්චි කරලා වැඩ කරනවා
“නිදුකින් ඉනුමැන මට වඩා කල්” ගැයූ
දිමංක
වෙල්ලාලගේ
මාව ඉදිරියට තල්ලු කරනවාට වඩා
පයින් ගහපු මිනිස්සු වැඩියි
සංගීතයට ළැදි හික්කඩුව පැත්තේ තරුණයකු සිටියේය. ඔහුගේ එකම අභිප්‍රාය වූයේ කවදා හෝ
මෙරට සංගීත අඹරේ ජනප්‍රිය තරුවක් වීමය. ඉගෙනුම් කටයුතු හමාර කළ විගස හෙතෙම සංගීතය
හැදැරීමට පටන් ගත්තේ දහසකුත් බලාපොරොත්තු ඇතුවය. ඔහු රැකියාවක පවා නියැලුණත් තම
සංගීත ගමන් මඟ එළි පෙහෙළි කර ගැනීමට අවැසි මුදල් සෙවීම සඳහාය. ස්වර සප්තකය යම්තාක්
දුරට හැදෑරීමෙන් පසු ඔහු තමාගේම ගීතයක් ගයා මාධ්‍ය ආයතනලට ලබා දෙන ලදී. හිතූ තරම්
එය ප්‍රචාරය නොවිණ. ඒ හේතුවෙන් සංගීත ලෝලීන්ට ද එම ගීතය ග්‍රහණය කර ගැනීමට අවස්ථාව
නොලැබිණ. ඔහු දෙවන වර ගැයූ ගියද පළමු ගීිතයේ ඉරණමට බඳුන් විය. ඉන් නොනැවතුණු හෙතෙම
මේ අයුරින් ගීත හයක් ගැයීය. එනමුදු ඉන් එකක්වත් බිඳකුඳු ජනප්‍රිය නොවිණ. බෙහෙවින්
සිත කලකිරී ඔහු සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත් වන්නට කල්පනා කළේය.
හරි . . . දැන් මෙතනින් ටිකක් නවතිමු. මම දැන් කියන්නම් ඒ තරුණයාගේ නම. දිමංක
වෙල්ලාලගේ. අද වන විට ඔහු අතිශය ජනප්‍රිය තරුවක්. එහෙම වුණේ කොහොමද. අර මං නවත්වපු
තැනින් ඔහු කතාව පටන් ගනීවි.
මං කියූ සමහර ගීත ඇතැම් ගුවන් විදුලි මාධ්‍ය ආයතන කෙලින්ම කිව්වා ප්‍රචාරය කරන්න
බැහැ කියලා. මං පුදුම විදිහට අසරණ වුණා. රැකියාව කරලා ලැබෙන මුළු පඩියම මාස
කිහිපයක් එකතු කරලා ලැබෙන මුදලින් තමයි ඒ ගීත කළේ. අර විදිහට කියපුවාම කොච්චර හිත
කලකිරෙනවාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට මං ක්ෂේත්‍රයේ කවුරුවත්ම හඳුනන්නේ
නැහැ. හරිම දුෂ්කරාතාවයන් මැද තමයි මේ ගමන ආවේ. ඒ අතරතුරදී ඉදිරියට තල්ලු කරනවාට
වඩා පයින් ගහපු මිනිස්සු වැඩියි.
මට වාසනාව උදා කරලා දුන්නේ හත්වැනියට මම ගැයූ ගීතයයි.
කලකිරීමේ අන්තෙටම ගොස් සිටින අතරතුරදි නව පරපුරේ සංගීතඥයකු වන රාජ් මට එක්තරා
ගීතයකට හඬ මුසු කරන්න ආරාධනා කරනවා. ඔහු මගේ ඉතිහාසය දැනගෙන හිටියා. මේ ගීතයෙන්වත්
මං ගොඩ යාවි යැයි රාජ් අනුමාන කරන්නට ඇති. නිදුකින් ඉනු මැන ලෙසට ආරම්භය තිබුණු එය
සජිත් වී. චතුරංගගේ පද රචනයක්. සංගීතය නිර්මාණය කරලා තිබුණේ කපිල්. වචන ටික
කියෙව්වාම සහ තනුව ඇහැව්වාම සිතට අමුත්තක් දැනුණා. රාජ්ගේ මඟ පෙන්වීම් මත ඒ ගීතයට
මං හඬ මුසු කළා. හත්වැනි ඉලක්කම වාසනාවන්ත යැයි කියන්නේ නිකමට නෙවෙයිනේ. හැබැයි
මෙයත් පළමුව ප්‍රචාරය කළේ නැහැ.
නිදුකින් ඉනු මැන ගීතය ගැන මේ වන විට නොදන්නා කෙනෙකු නැහැ. දිමංකව බොහෝ දෙනෙකු
හඳුනා ගන්නේ ද මෙම ගීතය හරහායි.
ක්‍රම ක්‍රමයෙක් අහම්බෙන් හෝ මෙය ගුවන් විදුලි ආයතවලින් ඇහෙන්න පටන් ගත්තා. පසුව
චාට් ෂෝ වලටත් ඇතුළත් වුණා. ඒවායින් ඉහළටම ගියා. මාව ගණණ් ගන්නේ නැතිව උන්නු අය මට
දැන් බලෙන්ම කතා කරනවා. ඇත්තටම කිව්වොත් මේක වාසනාවන්ත ගීතයක්.
දිමංක මෙතෙක් කළ කැප කිරීම්වල ප්‍රතිඵලය ඔහු අද ජනප්‍රිය තරුවක වීම. ඔහු මේ ලද
ජනප්‍රියත්වය වෙලාවකට ඔහුටම අදහගන්න බැහැලු.
ඉස්සර අපේ ගමේ සංගීත ප්‍රසංග පවත්වද්දී ගායක ගායිකාවෝ ඇවිත් සිංදු කියනවා. මං කට
ඇරගෙන බලාගෙන හිටියා. අත්පොඩි ගැහැව්වා. අද මං ඒ ගායක ගායිකාවොත් එක්ක ස්ටේජ්
නගිනවා. ගමේ අය මට අත්පොඩි ගහනවා. දෛවය අපිව කොච්චර වෙනස් කරනවාද කියලා හිතාගන්නත්
බැහැ.
නිදුකින් ඉනු මැන ගීතයේ වීඩියෝව සකසද්දී දිමංකට නොසිතූ විරූ අත්දැකීමකට මුහුණපාන්න
වෙලා. ඒ හින්දා වීඩියෝව රිලීස් කරන්නත් පමා වුණාලු.
වීඩියෝවෙ අන්තිම දර්ශනය රූගත කරන්නට ඔන්න මෙන්න තිබියදී එහි රඟපෑ ගැහැනු ළමයාගේ
හොඳම යහළුවා නැති වුණා කියලා ආරංචියක් ආවා. ඇයට එවලේ යන්න සිදු වුණා. මානුෂීය
හේතූන් මත ඇයව නවත්වගන්න බැහැනෙ. වීඩියෝවෙ අන්තිම ක්ලිප් එක නැති හින්දා එඩිට්
කරගන්නත් විදිහක් නැහැ. අන්තිමේ ඇය යළිත් එනතුරු ඉඳලා නැවතත් පෙර පරිදි දර්ශන තල
සකසලා රූගත කිරීම සිද්ධ කළා. මේ වෙලාවේ වීඩියෝව කළ කපිල් සහ සචිත් නුවන්කාන්තාවත්
මතක් කරන්න ඕනෑ.
දිමංකගේ සිංදුව අහන්නේ වැඩිපුරම ගැහැනු ළමයිලු. ඔහු එහෙම කියන්නේ නිමක් නැති
ප්‍රතිචාර ලැබෙන්නේ ඔවුන්ගෙන් නිසා.
ගැහැනු ළමයි පුදුමාකාර විදිහට මේ ගීතයට ආකර්ෂණය වෙලා. ඒ විතරක් නෙවෙයි මටත් දහසකුත්
දෙනා කතා කරනවා. මට ආදරේ ප්‍රකාශ කරලත් තියෙනවා බොහෝ දෙනෙක්. නමුත් මං දන්නවා මට මේ
අය ළෙංගතු වෙන්නේ ගීතය නිසා කියලා. ඒ හින්දා නුවන පාවිච්චි කරලා වැඩ කරනවා.
දිමංකගේ නවතම ගීතයත් පසුගිය දිනෙක නිකුත් කළා. එහි නම පාර කියන තාරුකාවි.
එය ද මේ දිනවල ඇහෙන්නට පටන් ගෙන තිබෙනවා. එහිද වීඩියෝව සැකසුවා. මේ බලාගෙන ඉන්නේ
එහි ප්‍රතිචාර ලැබෙනකම්.
දිමංකගේ ඉදිරි බලාපොරොත්තු සංගීතයෙන්ම ඉදිරියට යෑම?
මං සංගීතය ගැන හදාරනවා. ඊට පස්සේ තව තව නිර්මාණකරණයේ යෙදෙනවා. මේ වෙලාවේ මගේ
මව්පියන් මෙන්ම හික්කඩුව ශ්‍රී සුමංගල පාසල මතක් කළ යුතුමයි. විශේෂයෙන් රාජ්ට තුති
පුදනවා. ඔහු නැත්නම් දිමංක වෙල්ලාලගේ කියන නම වැලලී යන්න ඉඩ තිබුණා.
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා
මම විඳින දුක වෙන කෙනෙකු වෙත යළිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා
දිනෙක ආයෙත් ළං වෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා
මාගේ සිත පුරා
රණ්ඩු කරගෙන යාළු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි
තිස්සෙම කඳුලැල් දෑසේ රැඳුණේ ඉන්න බැරි තැනමයි
දිනෙක ආයෙත් ළං වෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා
මාගේ සිත් පුරා
ළංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
ංග ගෙන තව ඉන්න බෑ මට ඔබට ගැති සිත අසරණයි
කොච්චර සතුටන් ඉන්න තිබුණත් ඉන්න බැරි අපටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි
සටහන – ප්‍රසාද් සමරතුංග
ඡායාරූපය – මාලන් කරුණාරත්න
|