|
|
සිනමා සක්විති සමරමු
කලතා රැඟුම් ලොව නව නළු රස ගඟුල හර්ෂනාථ බණ්ඩාර නිකවැරටිය
රාළහාමි ප්‍රශංසනීයයි
හිරු නාලිකාවේ පසුගිය දිනයක විකාකශය වූ තෙවන ඇස හි රාළහාමිගේ චරිතයට පණ දුන් නවක
නළුවා කවුරු වුණත් ඔහුගේ රඟපෑම ඉතා ප්‍රශංසනීයයි. නිලුෂි බැලුම්මහර
චූටිමල්ලි - පොඩිමල්ලි ලස්සනයි
දෙරණ ගුවන් විදුලියෙන් විකාශය වන චූටි මල්ලි සහ පොඩි මල්ලිගේ වැඩසටහන ඔවුන් දෙදෙනා
ඉතාම ලස්සනට කරනවා. නන්දා ලියනගේ මහවැව
ඇඩ් අඩු වුණා දැන් හොඳයි
පසුගිය කාලයේ පුංචි තිරයේ නාට්‍ය විකාශය වන විට ඇඩ් නිමක් නැතුව ප්‍රචාරය විය.
නමුත් ප්‍රේක්ෂක අපේ බලපෑම නිසාම එය යම්තාක් දුරට අඩු වී තිබේ. මේ ගැන අවධානය යොමු
කළ නිලධාරීනට මාගේ විශේෂ ස්තුතිය. පාලක සසමන් පෙරේරා හැඳල
අනෝජා පුරකලණි වෙලා
අනෝජා වීරසේකර රඟන පුරකලණි නාට්‍ය ඉතා හොඳයි. වියානි ගුණවර්දන ශීලා වැන්ඩරලන් වෙන්නප්පුව
බොදු ගී නැහැ
වැසි කාලෙට හතු පිපෙන්නා සේ ගීත ලෝකයට දිනපතා ගායක ගායිකාවන් එක් වුව ද ඔවුන් අතර
බොදු ගීත ගයන අයකු නොවීම කණගාටුවකි. එල්. එම්. ප්‍රේම සේන පෙරේරා කළුබෝවිල
දුලීකා ඉස්කෝලයක්
අපට රංගන පාසලක් නැතැයි කන්කෙඳිරි ගාන නවක නළු නිළියන්ට දුලීකා මාරපන විශිෂ්ට රංගන
පාසලක් බව කිව යුතුමය. නාහෙන් නොහඬා දුලීකාගෙන් රංගනය ඉගෙන ගන්නා ලෙස නවක නළු
නිළියන්ට ආරාධනා කරමු. උදයන්ත සිරිසේන රුවන්වැල්ල
ජෝති හඬ යට කොට
එච්. ආර්. ජෝතිපාල ගැයූ අසපූර්ණ ගීත අද ඇතැම් ගුවන් විදුලි නාලිකා තුළින් ප්‍රචාරය
කෙරෙන්නේ වෙනත් ගායකයකුගේ හඬිනි. ජෝති හඬ යටපත් කරන්නට වෙර දරන එම ගුවන් විදුලි
නාලිකාවලට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු. රවීන්ද්‍රලාල් අතුකෝරල පිටකෝට්ටේ
පෙම් ගීතයන්
පෙම් පහන නිවී පෙම් මල පර වී මේ පෙම් ගීත ලියා එව්වේ වත්තල හේකිත්තේ ලක්ස්මන් රණසිංහ
තීරථ තරණය හොඳයිතීර්ථ තරණයේ වැන්දඹු මව උස් මහත් වූ දීග දෙන වයසේ සිටින තම දූවරුන් තිදෙනා සමග දුෂ්කරව ජීවත් වන්නීය. තම අසල්වාසී අයියා පමණි ඇයට පිහිටට සිටින්නේ. ඇයගේ බලවත් පෙරැත්තය මත අයියා නංගීගේ නිවසේම පදිංචි වෙයි.
මහප්පාගේ පැමිණීමෙන් පසු ගරා
වැටෙමින් තිබූ එම පවුල දියුනු වෙයි. මාධනී මල්වත්තගේ රගපෑම ඉතා හොඳයි. ලාල් කුලරත්න
රගමින් නිෂ්පාදනයට එක් වෙයි. කපිල පූගල ආරච්චිගේ සංගීතය ඉහළ මට්ටමක තිබේ. තීර්ථ
තරණය පවුලේ සැමට සුදුසු කතාවකි. ඩඩ්ලි ගෝමස් මොරටුව
කලාවතී අමුතු මිහිරක්
කලාවතී කැඩුණු සිංහලෙන් සිංදු කියන විට දැනේනේ අමුතුම මිහිරකි. ඒ හින්දමයි ඔයා
ජනප්‍රිය වුණේ. සුනිල් චන්ද්‍රසේකර කොටුගොඩ
ඉක්මනින් සිත් දිනා
සිත් එෆ්. එම්. ආරම්භ කර මාස හයක් වැනි කෙටි කාලයක් තුලදී වැඩිම ශ්‍රාවකයන් පිරිසක්
එකතු කර ගැනීමට හැකි වීම එම ගුවන් විදුලිය ලැබූ භාග්‍යයකි. එච්. ඉන්ද්‍රපාල මුංහේන
නිපුනි විල්සන් නම් යොවුන් ශිල්පිනියට
සිංහල සිනමාවට ඔබගේ ආගමනය ඉතාමත් අගය කළ යුතුමය. අනික සිංහල සිනමාවේ රන්ජන් රාමනායක
සමඟ රනජා චිත්‍රපටය තුලින් සිනමාවට එක්වීමට හැකි වීම මාහැඟි වරමකි. සුරූපී බවින්
අගතැන්පත් ඔබ නිහතමානීකමින් හොඳ සිතින් ඉදිරියට ගමන් කරන්න. මිල්ටන් ප්‍රනාන්දු උ/මිනෙරෝ මූදුකටුව
S.M.S.
ලක්මාලි වරකපොළ
මට නම් වර්තමානයේ චිත්‍රපට කලාව ගැන පැහැදීමක් නැහැ. අමෙරිකාව වගේ රටවලත් ඉතිහාස
කතා හැදෙනවා. නමුත් අපේ වගේ රැල්ලට නෙවෙයි. අපට ඕනෑ තරම් කතා හැදුවහැකි. ඒත් කෙනෙක්
කරපු දෙයක් අල්ලා ගනිමින් අනතුරුව අනෙක් අය දිගින් දිගටම කිරීම විහිළුවක්. පෙරේරා මාතර
ටෙලි නාට්‍ය වේලාවට පැරැණි චිත්‍රපටයක් දැම්මා නම් රූපවාහිනිය හැර දමා ගිය
ප්‍රේක්ෂකයෝ ආයෙත් එය වටා එකතු වේවි. නිමන්ත ජයන්ති පුර
රියැලිටි තරගවල විනිශ්චය කටයුතු සඳහා සුදුසුකම් තියෙන අවුරුදු දහයකවත් අත්දැකීම්
ඇති අයව යොදා ගන්න. මං එහෙම කියන්නේ ඇතැම් වැඩසටහන්වල ඉන්න විනිශ්චයකරුවන් තරග
විනිශ්චයට තියා තරග බිමේ තරග වදින්නටවත් සුදුසු නැති නිසා. සුදන්ත ලක්මාලි මිරිස්ස
ප්‍රියා සූරියසේනගේ කටහඬ එදත් අදත් එක වගේමයි. ඔහුගේ ආදරබර ගීතාවලිය අහන්න අහන්න
ආසයි. ඔහුගෙන් මේ වෙලාවේ ඉල්ලීමක් කරන්න කැමැතියි. කවදාවත් ඔබේ ගීත රිගිංටෝන්වලට
දෙන්න එපා. එතකොට වෙන අය ඒවාවලින් මුදල් හොයාවි. ලක්මාලි වරකපොළ
පුංචි තිරයේ හැඩකාර විශ්ව කොඩිකාර අයියේ ඔ යාට හොඳ රංගන හැකියාවක් තියෙනවා. ඔයා
උතුම් පැතුම් නාට්‍යයේ මයන්තගේ චරිතය ඉතා හොඳෙ රඟපානවා. ටෙලි නාට්‍යහි රගපානවාත්
සමහගම චිත්‍රපටවලත් රගපාන්න උනන්දු වන්න. මධුෂිකා සඳරුවනි කඩුවෙල
ස්වාධීන රූපවාහිනියේ අමිල ජයසූරිය ඉතාමත් හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. පහන්
දොර, සූරියවිමන, මතකයේ රැඳුණ ගී වැනි වැඩ සටහන් ඔහු අපූරු ලෙස ඉදිරිපත් කරනවා. කසුන් දිගන
උබර්තො පැසියොලි හොඳ ආදර්ශ වන කතා කිහිපයක් පසුගිය සරසවිය පුවත්පත හරහා පවසා
තිබුණා. ඔහුගෙන් ගත හැකි ආදර්ශ බොහොමයක් තියෙනවා. අපේ රටේ සිනමාකරුවන් ඔහුගෙන්
දෙයක් ඉගෙන ගන්නවා නම් අනගි සිනමාපට බිහි වේවි.
වත්තේගම
කවුරුන් කෙසේ කීවත් පුංචි තිරයේ අහිංසකම අහිංසකාවිය ආශා එදිරිසිංහ තමයි මානෙල් මාතර
ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 යන අංකයට. තැපැල් හෝ සටහන් පත් මඟින් නම්
ප්‍රතිචාර, www.sarasaviya.lk හරහාද ප්‍රතිචාර දැක්විය හැකිය. |




කාංචනා මෙන්ඩිස් රට හැර ගිය එක මහත් වූ අපරාධයක්. එයාව අප රටට තමා අවශ්‍ය.
නිහාල්