වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයෙන් දිගු ගමනකට සැරසෙන මේරි

රංගනයෙන් දිගු ගමනකට සැරසෙන මේරි

ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ආදරය දිනාගත් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘පබා’ ටෙලි නාට්‍යයෙන් තම කලා ගමන ඇරඹූ මේරි නිර්මලා රංගනය තම වෘත්තීය කරගත් ආධුනික රංගන ශිල්පිනියකිි. පාසල් කාලයේදී වේදිකාව හා නර්තනය පිළිබඳ අත්දැකීම් ඇති ඇය ගැහැණු ළමයි, තරු පිරි අහස, ඉස්සරහට යන්න, පබසරා යන ටෙලි නාට්‍යවලට රංගනයෙන් සහභාගි වී ඇත. ටෙලි නාට්‍යවලට පමණක් නොව සිනමාවට ද එක් වී ඇති ඇය මායාදේවි, නවරියන් හා පාට වළලු යන චිත්‍රපටවල රඟපා ඇත.

උපාලි කීර්තිසේනගේ ‘සල්ලි’ මේරි නිර්මලා රඟපෑ පළමු වේදිකා නාට්‍යයයි.

ඇය රංගනයෙන් දායක වූ ‘අකඩවාය’ ටෙලි නාට්‍ය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස තම අනාගතය ජය ගැනීමට බලාපොරොත්තු වන ඇයට තම මවගේත්, පවුලේ සැමගේත් උදව් උපකාර ලැබේ. එමෙන්ම ඇගේ කලා ගමනට උපකාර කළ උපාලි කීර්තිසේන හා තිස්ස ධම්මික යන මහත්වරුන්ට ද අනිකුත් අයට ද ඇය විශේෂ ස්තූතිය පුද කරයි.

172/ඒ, සියඹලාගහවත්ත, පැපිලියාවල යන ලිපිනයෙහි පදිංචි මේරි නිර්මලාගේ දුරකථන අංක 0774580248 හා 0718825231 වේ.