|
|
මුදලාලි දැන් රහස් පරීක්ෂකවරයෙක්
ලක්ෂ්මන් මානවඩු හඳුනාගත්තොත් ඔබ මා
ලක්ෂ්මන් මානවඩු ඉතිං ඊටපස්සේ ටෙලි නාට්‍යයේ මහානාමගේ චරිතය අපූරුවට නිරූපනය කරමින් ටෙලි ලොවට පෑයූ ලක්ෂ්මන් මානවඩු බොඳ මීදුම් හි මුදලාලි චරිතය අපූරුවට මවමින් තම රංගන හැකියාව ප්‍රකට කළේය. ඉන්පසුව ජනප්‍රිය රැල්ලේ ටෙලි සිතුවම් රැසක ප්‍රධාන භූමිකා කීපයක් මැවූ ඔහු සිහින පියාපත් හි නීතීඥයා ලෙස කැපී පෙනෙන චරිතයක් මැව්වේය. කලාත්මක ටෙලිනාට්‍ය තලයට පැමිණි මානවඩු මිණිපුරහටනෙහි ප්‍රේමපාලගේ චරිතය මවමින් සියලු ප්‍රේක්ෂක සිත් තමාවෙත නතු කර ගත්තේය. මුතු පලස , රන්තරු, චායා, මලී වැනි ටෙලිසිත්තම්හි ප්‍රබල චරිත නිරූපණය කළ ලක්ෂ්මන් මානවඩු මේ දිනවල රූගත වන දේවී ටෙලිනාට්‍යයෙහි ජන්තු ලෙස වෙනස්ම චරිතයකට පණ පොවමින් සිටී. මායා පටල ටෙලිනාට්‍යයේ ප්‍රධාන පොලිස් නිළධාරියාගේ චරිතය නිරූපනය කරන මානවඩු ඉදිරියේදී උතුම් පැතුම් සහ ආදර දෑසක්හි ප්‍රබල චරිත මැවීමට නියමිතය. “ඇත්තටම මෙතුවක් ආ ගමන ගැන තියෙන්නේ සන්තෝෂයක්. මම නළුවෙක් වුණේ අහම්බෙන්. ඒ වුණත් පුංචි කාලෙ ඉඳලම රංගනයට වගේම නළු නිිළියන්ටත් මං ආදරේ කළා. ගාමිණී ෆොන්සේකා මහත්මයට වගේම නිළි රැජන මාලිනියටත් මම එක ලෙස ඇලුම් කළා. ඒ වගේම චිත්‍රපට බලන්න පුංචි කාලේ ඉඳන්ම තිබුණේ පුදුම ආශාවක්. ටෙලි නාට්‍ය බලන්න ටී. වී. එකක් හම්බවෙන තැනක් තියෙන්නේ කොහෙද කියලා හිතපු කාලෙකුත් අපට තිබුණා. කොහොම හරි මම අහම්බෙන් නළුවෙක් වුණා. පළවෙනි දවසේ චකිතයක්, බියක් දෙකම එකට එකතු වෙලා මට අමුතුම හැඟීමක් දැනුණා. මං හිතුවේ නැහැ කවදාවත් මට මෙච්චර රසික පිරිසක් ආදරය කරන නළුවෙක් වෙන්න ලැබේවි කියලා. කොහොම හරි ඒ හීනය ඉටු වුණා. මේ වෙලාවේ චන්දික විජේසේන, සඳුන් රාජකරුණා, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සංජීව සමරවීර, මංජුල කරුණාරත්න, ධනංජය සිරිවර්ධන වගේම මෙතුවක් කල් මට අත හිත මෙන්ම දිරිය දුන් සියලු දෙනාව මතක් කළ යුතුමයි. මුල් කලේ ප්‍රේමනීය කතාවල ජනප්‍රිය චරිතයක් වූ නිසාම රසික රසිකාවන් මා වටේ එක් වුණා. ඉන් පස්සේ මට වෙනස්ම චරිත ලැබෙන්න පටන් ගත්තා. මං කැමැතිම ගැමි චරිත රඟපාන්න. ඒ වගේම සටන් ජවනිකා තියෙන චරිතවලටත් කැමැතියි. චිත්‍රපටයක රඟපාන්නට මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අවස්ථාව නුදුරේදීම උදා වේවි. මෙතෙක් කල් දිරිය දුන් සැමටම ස්තුතියි. ඔහු කතාව අවසන් කළේ දිගු ගමනක මං පෙත ගැන අපට ඉඟි කරමින්. සිනමාවට පිවිසීම මානවඩුගේ බලාපොරොත්තුවයි. එමෙන්ම ටෙලිනාට්‍යයන්හි ගැමි චරිත මැවීමට මානවඩුගේ පැතුමයි. ඉදිරියේදීත් කලා මං පෙතේ මානවඩු කැපී පෙනෙන චරිතයක් ලෙස අපට හමුවේවි. [email protected] විද්‍යුත් ලිපිනයෙන් සහ 077- 3779703 අංකයෙන් ඔබටත් මානවඩුට සුභපැතිය හැකිය.
|



බොඳ මීදුම්හි මුදලාලි මේ දවස්වල අතිශය කාර්යය බහුල වෙලා. මුදලාලිට රහස්පරීක්ෂක
රස්සාවක් හම්බවෙලා. මේ මුදලාලි රහස්පරීක්ෂකයෙක් වෙන්නේ මේ දවස්වල විකාශය වන සයුරි
ටෙලිනාට්‍ය හරහා. එදා මුදලාලි වෙමින් සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ සිත් ආදරයෙන් ඇඳ බැඳ
තබාගත් ඔහු මේ වන විට ජනප්‍රිය තලයේ යොවුන් නළුවකු වී හමාරයි.