වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




රණබිමෙන් නිවසට ගෙනා සේන අප හැර යයි

රණබිමෙන් නිවසට ගෙනා සේන අප හැර යයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සහ වෙළෙඳ සේවයේ නිවේදකයකු වූ සේන වික්‍රමආරච්චි අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට වයස අවුරුදු පනස් නවයක් වූ ඒ මහතා දෙදරු පියෙකි. යුද සමයේදී පලාලි සේවයේ සිට ඔහු ඉදිරිපත් කළ රණබිමෙන් නිවසට වැඩසටහන ගෙන ආ සේන ඉන් ඉමහත් ජනප්‍රසාදයක් ලද්දේය.

අසන්නන්ගේ ඉල්ලීම්, භාරත ගී රාවය ආදී වැඩසටහන් රැසක් ඔස්සේ ඔහු ශ්‍රාවකයින්ට ආමන්ත්‍රණය කළේය. සේනගේ අවසන් කටයුතු පසුගියදා බටේපොළ පොදු සුසාන භූමියේදී සිදු විය.