වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




තිස්සට මුල් වරට සම්මානයක් කොළොම්තොට භූෂණ

තිස්සට මුල් වරට සම්මානයක් - කොළොම්තොට භූෂණ

එක් යුගයක් එකලු කළ ජනප්‍රිය රංගන ශිල්පියකු වන තිස්ස විජේසුරේන්ද්‍ර කලාවට පිවිස වසර හතලිස් හයකට පසු සිය ප්‍රථම සම්මානයෙන් පසුගියදා පිදුම් ලබයි.

ඔහුට හිමි වූ කුලුඳුල් සම්මානය වනුයේ කොළොම්තොට භූෂණ සම්මානයයි. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය අනුදැනුම යටතේ කොළඹ මහ නගර සභාවේ දිසාපති කාර්යාලය මඟින් මෙම සම්මාන උළෙල සංවිධානය කොට තිබිණ. තිස්ස චිත්‍රපට හැටකට අධික ප්‍රමාණයක සිය රංගන දායකත්වය සපයා තිබේ. ඉන් විසි තුනක්ම බොක්ස් ඔෆිස් වාර්තා තබා ඇත.