වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




පච්ච ලේඩි

පච්ච ලේඩි

ජනප්‍රිය පොප් ගායිකා ලේඩි ගාගා ගැන මේ දිනවල කතා වෙන්නේ ඇයගේ අලුත්ම ගීතයක් ගැන නම් නෙවෙයි. කවදත් කා අතරත් කතා බහට ලක්වෙන දේ කරනා ලේඩි ගාගා ඇගේ සිරුරේ කොටන ලද අලුත්ම පච්චය ගැනයි කාගේත් කතාබහ.

ඇය කවදත් මායාකාරී දේ පිළිබඳ ඇලුම් කළ බව හැමෝම දන්නා දෙයක්. ඇයගේ සිරුරේ පච්ච මෝස්තර එයට කදිම නිදසුන්. ලේඩි ගාගාගේ අලුත්ම පච්ච මෝස්තරයත් ඒ වගේම එකක්. මෙවර ඇය මායාකාරී කාන්තා අතක රූපයක් තමයි ඇයගේ පිටේ ඇඳ තිබෙන්නේ.

එරික් ගොන්සාල්වේස් නම් නිර්මාණ ශිල්පියා විසිනුයි මේ පච්චය ලේඩ් ගාගාගේ පිටේ කොටලා තියෙන්නේ. එහි ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින්නත් ගාගා අමතක කරලා නැහැ.