|
|
සිහින සක්මනේ පොඩ්ඩා
චම්පික ප්‍රියදර්ශන වර්තමාන රංගන ක්ෂේත්‍රයට පැමිණි යොවුන් රංගන ශිල්පියෙක්. පසුගිය දා විකාශය නිමා වූ සිහින සක්මන ටෙලි නිර්මාණයේ පොඩ්ඩාගේ චරිතයෙන් ඔබ හමුවට පැමිණි ඔහු රංගනයට ඇති වූ ළැදියාව ගැන සඳහන් කළේ මේ අයුරින්.
මේ විදියට ගමන් ආරම්භ කළ ඔබට ප්‍රසිද්ධ වේදිකාවට එන්න ලැබුණේ කොහොමද? මුලින්ම රංගනයෙන් දායක වුණේ අනුර චන්ද්‍රසිරි මහතාගේ දෙයියෝ සාක්කි වේදිකා නාට්‍යයෙන්. ගුණදාස මදුරසිංහ මහත්මයා තමයි මට ඒ අවස්ථාව උදා කර දුන්නේ. පුංචි තිරයට ගියේ ජයන්ත චන්ද්‍රසිරි මහතා නිර්මාණ්‍ය කළ උතුරු මිතුරු වෙළෙඳ දැන්වීමෙන්. ඒක දැකලා තමයි ගෙදර අයත් මං කලාවට යොමු වෙලා කියලා දැනගත්තේ. ඒ විස්තර මම ගෙදර කාටවත් කියලා තිබුණේ නැහැ. ඊට පසුව නිර්මාණ රැසකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. සරත් විජේසිංහ මහතාගේ සෙමෙට්‍රියේ භූතයෙක් වේදිකා නාට්‍යයත් සොඳුරු ගිම්හානය, සත්කුළු පව්ව, සසර සක්මන, සුළිය, විණාවී, සුරවිමන ටෙලි නිර්මාණ සඳහා දායක වුණා. තවත් වෙළෙඳ දැන්වීම්වලටත් දායක වුණා. ඒ අතර අඹ පේර ඇඩ් එකෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. නර්තනයෙන් දස්කම් දක්වන ඔබ එම අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැද්ද? දැනටමත් නර්තනයට ගොඩක් ආරාධනා ලැබෙනවා. මම නර්තනයත් හදාරලා තියෙන්නේ. ඒ වුණත් වෙලාවක් නොමැති වීම තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉදිරියේදී කාලය වෙන් කරලා නර්තනයටත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි මට ගායනයටත් ආරාධනා ලැබෙනවා. ඒ වුණාට මට තියෙන්නේ රඟපෑමේ උණක් නේ. රංගනයේ උණ සනීප කර ගන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණ සහයෝගය මොන වගේද? මම දායක වුණු නිර්මාණවල සිටි ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම අධ්‍යක්ෂවරුන්ගෙනුත් හොඳ සහයෝගයක් මට ලැබුණා. ඒ හැම අවස්ථාවකදීම මමත් ඔවුන්ව අධ්‍යයනය කළා. කලා ක්ෂේත්‍රය කියන්නේ හොයන්න හොයන්න අලුත් දේ හමුවෙන තැනක්. රංගනය විතරක් නෙවෙයි කැමරා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය වැනි හැම දෙයක් ගැනම ඉගෙන ගන්න පුළුවන්. ඒ හා අදාළ වූ අයගෙනුත් ලැබුණු සහාය විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. පවුලේ සාමාජිකයන් ඔබ රංගනයට පැමිණීම ගැන මොකද හිතන්නේ? මගේ පවුලේ අම්මයි තාත්තයි අයියලා තුන් දෙනයි ඉන්නවා. මුලදී මේ කලා ක්ෂේත්‍රයට එනවට කැමැත්තක් තිබුණේ නැහැ. දැන් නම් ගොඩක් උදව් කරනවා. ක්ෂේත්‍රයට පැමිණි කාලයත් සමඟ රංගන ශිල්පියෙක් විදියට මොකද හිතෙන්නේ? කලාවට දායක වෙන්න මුලින්ම කොළඹට ඇවිත් පිටකොටුවේදී මට යන්න ඕනෑ බස් එක හොයා ගන්න බැරුව හැම තැනකම ඇවිද්දා. අන්තිමට පොලිස් නිලධාරියෙකුගෙන් තමයි තැන අහ ගත්තේ. එතකොට මට වයස අවුරුදු දහසයක්. නාට්‍ය වැඩමුළුවකදී හඳුනා ගත්ත සඳුන් කියලා අයියා කෙනෙක් හමු වෙන්න ආවේ. සඳුන් අයියා එහිදී මට උපදෙස් දුන්නේ උසස් පෙළ ලියලා ඇවිත් මේ ගමන යන්න සූදානම් වෙන්න කියලයි. විභාගය ලියලා ආයෙමත් මම ආවා. දැන් මම මේ ඒ ගමන යන ගමන්. දැනට එයට අවුරුදු හයක් ගත වෙලා. ඒ කාලය පුරා ඇති වුණ දේවල් වගේම නැති වුණු දේවලුත් තියෙනවා. නැති වුණු දේවල් ගැන කවදාවත් පසු තැවෙන්නේ නැහැ. කලාවට මම ආදරෙයි. රැකියාවකුත් කරමින් ෆාර්ට් ටයිම් විදියට මෙහි නියැළෙන්න අදහසක් නැහැ. පුළුවන් තරම් කාලයක් කලාව වෙනුවෙන් කැප වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. එදා අනුරාධපුරයේ ඉඳලා කොළඹ ආපු මට සමාජය බොහෝ දේ ඉගැන්නුවා. ඒ වගේම බෝඩිං ජීවිතය මගේ ජීවිතය තවත් ලස්සන කළා. මේ හැම දේමත් එක්ක මේ දක්වා පැමිණි දුර සාර්ථකයි කියලා හිතෙනවා. ඉදිරියටත් එය වර්ධනය කර ගන්න තමයි මගේ බලාපොරොත්තුªªව. මේ දක්වා ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න අත දුන්, උපදෙස් දුන් හැමෝටමත් ස්තුතියි.
|



‘මගේ ගම අනුරාධපුරය. අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් මම අධ්‍යාපනය ලැබුවේ.
පාසලේදී පාපන්දු ක්‍රීඩා කළා. නර්තනය හැදෑරුවා. මම නිතරම ටෙලි නාට්‍ය, චිත්‍රපට
බලන්න ලොකු උනන්දුවක් දැක්වූවා. ඒ කාලයේ රඟපාන්න ලොකු ආසාවක් නැති වුණත් එතැන
වෙන්නේ මොකක්ද? කොහොමද මේක කරන්නේ කියලා දැනගන්න මට ඕනෑ වුණා. ඒ නිසාම මම විවිධ
නාට්‍ය මැඩමුළුවලට සහභාගි වුණා. සමහර ඒවට මම ගියේ පංතිත් කට් කරලා.