වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මැෂිමක් එක්ක ඔට්ටුවෙන මම රංගනයෙන් ප්‍රේක්‍ෂකයන් අතරට එනවා...

මැෂිමක් එක්ක ඔට්ටුවෙන මම රංගනයෙන් ප්‍රේක්‍ෂකයන් අතරට එනවා...

විමුක්ති
 

ජාතික තරුණ සේවා සභාව හරහා රංගනයට එක්වූ විමුක්ති මධුශංක, විතානමුල්ල විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවෙකි. කෝපි කඩේ ටෙලි නාට්‍යය විජය කුවේණි, ඇහැලේපොළ කුමාරිහාමි, රාස්ස කැලේ ආදී චිත්‍රපට ඔහුගේ සිනමා රංගනයන් හි කඩඉම්ය.

තිලක් කුමාර රත්නායක, සුගත් සමරකෝන්, පි‍්‍රයන්ත ලලිත් ආදීන්ගෙන් හෙතෙම රංගනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලද්දෙකි.

නො. 18, මඩුගස් ලන්ද, නයිවල, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි විමුක්ති ලේත් මැෂින් ක්‍රියාකරුවකු ලෙස රැකියාවක ද නිරත වෙයි. 071-3563035 අංකයෙන් ඔහුට ඇමතිය හැකිය.