වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ලොවම ඔබටත් ආදරෙයි

ලොවම ඔබටත් ආදරෙයි

අමෙරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන එලන් පොම්පෙයෝ මේ දිනවල දරු සුරතල් බලමින් ඉන්නේ. ඇය සහ ඇයගේ සැමියා අයිවරි යළිත් දෙමාපියන් බවට පත්වුණේ කුළියට ගත් ගර්භාෂයක පිහිටෙන්. මේ අලුත් අමුත්තියගේ නම සියානා මේ අයිවරි.

එලන් මේ දිනවල කියන්නට බැරි තරම් සතුටකින් සිටින බවයි ආරංචි. සැමියා අයිවරි සහ සිඟිති දියණියගේ ඡායාරූපයක් ඇය අන්තර්ජාලයට මුදාහැරියේ “සියානා මේ අයිවරි ලෝකයට ආදරයෙන් පිළිගන්නවා. වචන වලින් කියන්නට නොහැකි තරමට අපි ඔබට ආදරෙයි” ලෙසින් සටහනක් ද සමගින්. එලන් සහ අයිවරිගේ වැඩිමහල් දියණිය ස්ටෙලා ලූනාට දැන් වයස අවුරුදු පහක්.