|
|
අතීත අභිමානය සොයා සටන් වදින තරුණයෙක්‘කල්පාන්තේ සිහිනයක්’ අතර චන්න පෙරේරාගේ අලුත්ම චිත්‍රපටය
රථයෙන් බැස්සේ මනබඳින රූ සපුවකින් යුත් තරුණයෙකි. වරක් දුටුවකු තවත් වරක් හැරී බලන තරම් කඩවසම් රූ සපුවක් හිමි හේ සිය නවාතැන දෙස බලා සිටියේ දිගු කලකින් මුණ ගැසුණු හිතවතකු දෙස නෙත් හෙළන්නා සේය. කල්ප මහත්තයා යමු’ ඔහු අසලට පැමිණි අයෙකු හඬ නඟා පැවසූයෙන් තරුණයාගේ සිතුවිලි දාමය බිඳිණි. ‘හ්ම්’ යන ශබ්දයෙන් පිළිතුරක් සැපයූ කල්ප සිය සේවකයා දෙස බලා පිළිතුරු සිනාවක් පළ කරන්නට ද අමතක නොකළේය.
තුරුලතාවලින් ගහන අවට පරිසරය එතැනට පැමිණෙන කාගේ වුව ද සිත් ගනියි. ඒ නිසා අවට
පරිසරයේ වූයේ සිසිල් බවකි.
ඒ සිසිල වඩාත් අර්ථවත් වූයේ තුරුලතා පිස හමන මදනල නිසාය. සීතල මදනලෙහි පහස විඳිමින් සිටි කල්පගේ නෙත රැඳුණේ තම නවාතැන්පොළ අසලින් ගලා යන නදිය දෙසටය. අවට සුන්දරත්වය තීව්‍ර කරමින් ගලා යන නදියට කල්ප කවදත් ප්‍රිය කළේය. කාලයකට පෙර මෙහි මේ නවාතැන ඉදිවීමට හේතු වූයේ ද මේ සුන්දර මනස්කාන්ත පරිසරය බැව් කල්පට සිහිපත් වූයේ සැනෙනි. ඔහු නවාතැන ඇතුළට ගියේ සිය ගතේ මහන්සිය දුරලනු සඳහා තේ කෝප්පයක් පානය කිරීමටය. නවාතැනෙහි අවට ඇති පරසරය නිර්මාණවලට කදිම තෝතැන්නකි. එහි වූ හාන්සි පුටුවෙහි ඈදි ගත් ඔහු දෙනෙත් පියා ගත්තේ සුසුමක් ද හෙළමිනි. නදිය ගලා බසිනා හඬට සවන් යොමු කළ ඔහුට එහි අපූරු සංගීතයක් මුසු වී ඇතැයි සිතුණි. වන ගොමුවෙන් නැඟෙන රැහැයියන්ගේ හඬ ඒ සොඳුරු සංගීතයට තරමක් බාධාවක් බව සැබෑවකි. ඒ බාධාවට යළිත් වරක් එකතු වූ ජල චක්‍රය කැරැකෙන ශබ්දය ඔහු සතු තාක්ෂණික දැනුම කියාපාන්නකි. ඒ මඟින් නවාතැනට සපයා ගත් විදුලිය තව නොබෝ වෙලාවකින් මුළු පෙදෙසම ආලෝකවත් කරනු ඇත. ‘දඬුමොනරය හැදුව තාක්ෂණය සොයා ගත්තොත්’
‘කවදා හරි ලෝකෙන් තුරන් වන තෙල් සම්පතට ඒක අපූරු පිළිතුරක් වේවි’ තවදුරටත් ඒ සිතුවිලිවලම එල්බ ගෙන සිටි මේ තරුණයාගේ සිතෙහි ඇඳුණේ ඇගේ රුවයි. සොඳුරු ගම්මානය තවත් සුන්දර කරන මේනකාගේ රුව ඔහුගේ හදවත බැඳුණේ ඈ හදිසියේම දුටු මොහොතෙහිමය. ඇගේ සොඳුරු රුව නෙතට රසඳුනකි. ‘ඈව ආයෙත් මුණ ගැහෙන්න ඕන’ කල්පගේ උවන මත නැඟුණු හසරැල්ලේ කතා බොහොමයක් ගැබ් වී තිබිණි. ‘මේනකාවත් මගේ වැඩේට සම්බන්ධ කර ගන්න පුළුවන්’ ඔහු නෙත් විවර කළේ තමා කියූ කාරණය කිසිවකුටත් ඇසුණාදැයි දැනගනු සඳහාය.
රාවණාගේ උරුමය ඇති පරපුරකින් පැවැත එන මේනකා සිටියේ ද තමාට අහම්බයෙන් මුණ ගැසුණු මේ
තරුණයා පිළිබඳ සිතමිනි.
ඔහු අපූරු කලාකාමී හිත හොඳ තරුණයකු වගට අටුවා ටීකා අනවශ්‍යය. දුටු මනතෙන් ඔහු කෙරෙහි තම හදවත බැඳුණද කතාබහෙන් ඒ රුව තව තවත් තම හදවත පත්ලේ තැන්පත් වූ වග නොරහසකි. ඔහු ක්‍රියාත්මක කරන්නට යන ඒ අපූරු අදහසට ඇය ද එක සිතෙන් කැමැතිය. ‘මගේ සහයෝගය එයාට තමයි’ ඈ කෙඳිරුවාය.
ඔවුන් දෙදෙනා පිළිබඳ විමසිලිමත් වන තවත් කණ්ඩායමක් වේ යැයි කල්පට කිසි විටෙක
නොසිතිණි. ඔවුන්ගේ ද අරමුණ රැදී තිබෙන්නේ මේ දඬුමොනරය වටා බව දැන් ඔහුට සක් සුදක්
සේ පැහැදිලිය. ඔවුන් සිය අරමුණ ඉටුකර ගැනීමට ඕනෑම
‘ඕක ඔතනින්ම අල්ලලා දානව’ ඉන් එකෙකුගේ තර්ජනය ඔහුට තවමත් ඇසෙන්නා සේය.
කල්පටත්, මේනකාටත් තම අදහස ඉටු කර ගත හැකි වේද? ‘අංජලිකා’ චිත්‍රපටය තුළින් ආදර කතා අතරට නවආරක් එක් කළ රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයකු වන චන්න පෙරේරාගේ අලුත් ආදර අන්දරය ‘කල්පාන්තේ සිහිනයක්’ ලෙසින් මේ මස 31 වැනිදා සිට රිද්මා හා සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාහල්වල සිත්තම්වීමට නියමිතය.
නළු නිළි පිරිස - චන්න පෙරේරා, චයිත්‍රා චන්ද්‍රනාත් (ඉන්දීය නිළි), අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, හිමාලි සයුරංගි, ගයානා නිර්මන්ති (ළමා නිළි) අධ්‍යක්ෂණය – චන්න පෙරේරා, කැමරාකරණය – පුෂ්ප කුමාර රාජගුරු, චන්දන ජයසිංහ, උපුල් ප්‍රජාත්, තිර රචනය – කපිල කුමාර කාලිංග, කලා අධ්‍යක්ෂණය – චන්දන වීරසිංහ, ශබ්ද පරිපාලනය - සෂික රුවන්, ගීත රචනය – වසන්ත කුමාර කොබවක, සුනිල් වීමලවීර, කපිල කුමාර කාලිංග, ගීත ගායනය – උරේෂා රවිහාරි, උදය වික්‍රමසිංහ, රන්ජන් සාලිය, සංගීතය - රෝහණ වීරසිංහ, නිෂ්පාදනය - ෆර්ලි විජේසිංහ, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගමඇතිගේ, වෛද්‍ය අසේල අමරසිරි
|



කහ පැහැති වොක්ස්වෑගන් රථය ගුරු පාර දිගේ ඇදී ගියේ දූවිලි වලා නංවමිනි. ගුරු පාරෙහි
ඇවිද යමින් සිටි මහලු මිනිසෙක් ඒ දෙස පුදුමයෙන් බැලුවේ තම ගමට පැමිණි මේ අලුත්
වාහනය කුමක්දැයි දැනගනු පිණිසය. ඊළඟ මොහොතේ සෙමෙන් ඇඳී ගිය රථය නතර වූයේ සුන්දර
නවතැනකය.

කල්ප කෙඳුරුවේ තමාටමය. ඒ ඔහුගේ සිතේ රජ කරන අලුත්ම අදහසයි. 
දෙයක් කරන්නට ද සූදානම් වග කල්පට
වැටහුණේ කරන ලද තර්ජනය හමුවේය.



