වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සංස්ථාවට අලුත් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක්

සංස්ථාවට අලුත් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක්

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් එච්. ඒ. රණසිංහ මහතා පත් කොට ඇත. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් මෙම පත් කිරීම සිදු විය.

එච්. ඒ. රණසිංහ මහතා නාවලපිටිය ආසනය නියෝජනය කරමින් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණයන් උදෙසා ක්‍රියාකාරීව කටයුතු කරන ලද ප්‍රබල පාක්ෂිකයකු වෙයි.

හෙතෙම 1980 වර්ෂයේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා දුම්රිය සේවක සංගමයේ නියෝජ්‍ය සභාපති වශයෙන් කටයුතු කරන ලදී. 1991 වර්ෂයේදී නාවලපිටිය නගර සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ඒ මහතා ඉන් ජයග්‍රහණය කර නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් ද, 1999 වර්ෂයේදී මධ්‍යම පළාත් සභාවට තරග කර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් වසර 15 ක් කටයුතු කළ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කොට ඇත.