වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




‘නයගරා’ එළිදැක් වූ දර්ශන

‘නයගරා’ එළිදැක් වූ දර්ශන

අනුරාධපුර තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායමෙන් කලා ලොවට පිවිසි දර්ශන ඉලංගසිංහ සිය දෙවැනි ගීත එකතුව ළඟදීම එළිදැක්වීමට සූදානමින් සිටියි. කොරියාවේ පූසාන් නගරයේ සේවයේ නිරත ඔහුගේ පළමු ගීතය ‘නයගරා’ නමින් නිකුත් කළේය.

මෙහි පදමාලාව සඳහා රදික මධුපි‍්‍රය අබේවර්ධන සහ සංගීතයෙන් කේෂාන් පෙරේරා ද දායකත්වය සපයා ඇත.

ඔහුගේ අනෙකුත් ගීත සඳහා ආරාධනා ඒකනායක, ෂෙහාන් ගලහිටියාව, කුෂාන් මහේන්ද්‍ර, රදික මධුපි‍්‍රය පද රචනයෙනුත් උදාර සමරවීර, ශලින්ද්‍ර සිල්වා, කේෂාන් පෙරේරා, විරාජ් පෙරේරා සහ ඩී. එන්. ඒ. රෙකෝඩ්ස් සංගීතයෙනුත් එක් වී තිබේ.

-යතේජා