වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

0752805047 ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10. හෝ [email protected]   ප්‍රතිචාර දැක් විය හැකියි.

ඔබේ මතකය සුවඳයි

රෙබේකා නිර්මලී
මුවපුරා සිනාපා
වෙද හාමිනේ වී ඇවිත්
අප ආලින්දයේ සුන්දර
මතකයන්
අප හදවත් තුළ රඳවා තබා
සැමගෙන්ම වෙන් වී
අකාලයේ පර වී ගියත්
ඔබේ මතකය සදා සුවඳයි
අමරණීයයි
නිවන් දකින තුරා
මතු යම් භවයක
රැජනක් වී කලා ලොව
එළිය කරන්නට
මේ ලක් දෙරනෙහිම
ඔබ
යළි ඉපදේවා

සුමනා

ටෙලියක එන්න

එකල රිදී තිරය ඔපවත් කළ සුමනා අමරසිංහ නමැති කලා ශිල්පිනිය ටෙලි නාට්‍යකින් දැකගන්නට ලැබේ නම් සතුටකි.

අයලීන් සෝවිස්

රාගම

සතාට ඇන්ද සිංහල චිත්‍රපට

සතුන්ගේ නම් යොදා නම් තැබූ චිත්‍රපට

හස්ති වියරුව
කොටි වළිගය
හිම වලස්සු
රණ්දෙනිගල සිංහයා
ගිජු ලිහිණියෝ
රජගෙදර පරවියෝ
කෝකිලියෝ
මිනිසා සහ කපුටා
මී හරකා
වන බඹරා
රෑණ ගිරව්
සිංහ පැටව්
හංස විලක්
මී මැස්සෝ
සමනළ කුමරියෝ

උකුසු ඇස්

අපිට ලියා එව්වේ

හික්කඩුව

ඊ. දයානන්ද ද සිල්වා

කාන්ති ලංකා දැක්කම සතුටුයි

එදා සුජීවා තුළින් ලස්සන රංගනයක් ඉදිරිපත් කොට අප සිනමාවේ දීප්තිමත්ම තාරකාවක වූ කාන්ති ලංකා ඔබ ටෙලි නාට්‍ය තුළින් දක්නට ලැබීම සතුටුයි. දිගටම පුංචි තිරයේ නිර්මාණවලට දායකවන්න.

සරත් සේනාධීර

ජාඇල

කොපි චැට් විනෝදජනකයි

හිරු නාලිකාවෙන් විකාශය වන කොපි චැට් වැඩසටහන බලා ඉන්න හරිම ආසයි. විනෝදජනකයි.

මැණිකේ විල්වල

කෑගල්ල

ප්‍රවෘත්ති රසවත්

රාත්‍රී අටට ලයිවි@ 8 වැඩසටහන හරහා අප ආලින්දයට ගොඩ වදින මධුශාන් ද සිල්වා සහ චවිකා ගුණසේකර රසවත්ව ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා.

රෝහිණී දයාරත්න

කඩවත

දේව දරුවෝ ආයේ දෙන්න

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ දේව දරුවෝ ටෙලි සිතුවම යළි ප්‍රදර්ශනය කරන්න.

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වයානි ගුණවර්ධන

ඇඩ් නම් නොතේරේ

ටෙලි නාට්‍ය අතරතුර වෙළෙඳ දැන්වීම් නිසා අපේ රසාස්වාදයට බාධාවකි. පැය භාගයක ටෙලියක් අතරතුර විනාඩි විස්සක් පමණ ඇඩ් සඳහා වෙන් කිරීමෙන් එම නාලිකා අපේක්ෂා කරන්නේ කුමක්දැයි අපට නම් නොවැටහේ.

උදයන්ත සිරිසේන

රුවන්වැල්ල

 

මතක ගී පොත
මගේ හොඳම විශේෂාංගයයි

ගේය පද රචකයකු විසින් තම මිතු ගේය පද රචකයින් රචනා කළා වූ හොඳ අර්ථවත් රසවත් ගී විචාරය කරමින් මතක ගී පොත මඟින් පාඨක අපට උසස් රස වින්දනයක් ගෙන එනවා පමණක් නොව ගීයක් විග්‍රහ කිරීම සම්බන්ධයෙන් වටිනා අදහස් ද ඉගෙන ගන්නෙමු. මේ වැදගත් ලිපිය නොකඩවාම දිගටම කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි.


ඩිල්රුක්ෂි ගෝමස්
මොරටුව
 

S.M.S

ප්‍රියන්ත සෙනෙවිරත්න රඟපානවා බලාගෙන ඉන්න ආසයි.

හේවා

අංගොඩ

කළු අරලියා ටෙලි නාට්‍යයේ උද්දික ප්‍රේමරත්න රඟපානවා සිත් ගන්නා සුළුයි. ගායකයකු විදිහට ඇරැඹූ ඔහුගේ කලා ජීවිතය අද තියෙන තැන ගැන ඇත්තටම සතුටුයි.

ඉඳුනිල්

පානකඩුව

ඩිමංක වේල්ලාලගේ අයියාගේ අලුත් සිංදුව ලස්සනයි. ඒ වුණාට මං ආස ඔහුගේ නිදුකින් ඉනු මැන ගීතයට.

නිලුකා ප්‍රියදර්ශනී

නාත්තණ්ඩිය

ආසම නිළියක් තමයි රුවන්ගී රත්නායක කියන්නේ. ඇය ඉන්න ටෙලි නාට්‍ය පමණයි මා බලන්නේ. මං හිතනවා ඇයගේ අනාගතය පැහැබර එකක් වේවි කියලා. රුවන්ගි රඟපෑ ටෙලි නාට්‍ය එනකම් මා බලාගෙන ඉන්නවා.

දර්ශන

මාතර

බේබි ශානිකා හෙවත් ශානිකා වනිගසේකර ප්‍රසංග වේදිකාවේ අප පිනවන අයුරු හරිම අපූරුයි. ඇය තරම් ප්‍රසංග වේදිකාවේ අපව රසගන්වන කෙනෙක් නැති තරම්.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොළ

රොෂාන් වටවල ඔබේ නිහතමානීකම අගයමි. මා සේවය කරන පුත්තලම රෝයල් හොටෙල් එකට ඔබ පැමිණි වේලාවේ මා සමඟ කතාබහ කළ අයුරු සැමදා මතකයේ රැඳී තියේවි. මා සිතා සිටියේ ඔබ ආඩම්බර අයකු කියාය. ඒ සිතුවිල්ල එදා මසිතින් ඉවත් වූයේ ඔබේ කරුණාවන්තකම හමුවේය.

සුපවේදී සුමිත්

බණ්ඩාරවෙල

දෙරණ ඩ්‍රීම් ස්ටාර්වලින් එම්. ජී. අයියා පළමුවැනියා වුණාට විස්මිත අයියා කියපු සිංදු තමයි අපිට නම් ලස්සන.

අනුත්තරා

බෙලිඅත්ත

සිරස නාලිකවේ විකාශය වන සුජාතා ඩ්‍රාමා එක ගොඩක් ලස්සනයි. එහි සුජාතා ලෙස රඟන සහේලි දුවගේ සුරතල් සිනහව නිසා මුළු නාට්‍යම ආලීකවත් වෙනවා. පුංචි වුණත් ඇයගේ රංගන හැකියාව හරිම තාත්ත්විකයි.

මධුශික සෙව්වන්දි

කඩුවෙල

විජය කුමාරතුංග නිෂ්පාදනය කළ ‘සමාව’ චිත්‍රපටය කෙසේ හෝ තිරගත කරන්න. අපට එය නරඹන්න ඕනෑ.

හර්ෂ

පුස්වැලිතැන්න

ශ්‍යාමි ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි. ඒ ඔබේ ජනප්‍රිය ගීත එකතු කර සංයුක්ත තැටියක් ඉදිරිපත් කරන්න කියන එකයි.

ජේසන් ජේ.

එප්පාවල

ආදරණීය ලෝචනා

ඔබ රඟපාන ලොක්කි නාට්‍ය මං මේ දිනවල නරඹනවා. එහි ඔබ අනෙකුත් ප්‍රවීණ නළු නිළියන් හා සමානව රංගනයේ යෙදෙනවා. ඒ වගේම ඔබේ තියුණු කටහඬ ඔබේ රංගන ජීවිතයට ආභරණයක්.

ශාන්ත

බොරලැස්ගමුව

අනෙනකුත් නාට්‍ය අපිට එපා. ඕනෑ ඉස්සර ගිය ප්‍රවීණා නාට්‍යය.

චලනි

අවිස්සාවේල්ල

සිංහල සිනමාවට පෑයූ සුපුන් සඳ ඔබමයි. මට රිදී තිරය ගැන ආදරයක් ඇති වුණේ ඔබේ සුන්දර රුවින් ඔපවත් වූ චිත්‍රපට අහම්බෙන් නැරැඹීමෙන් පසුවයි.

දිල්හානි අශෝකමාලා

ඔබටයි අපේ නොවෙනස් ආදරය.

නිෂාන්

හොරණ

අපට සුභාවිත ගීත කලාවක් තිබුණා. නමුත් දැන් එය යටපත් වෙලා ගිහින් හරසුන් පද මාලා සහිත ගීතවලින් අපේ ගී කෙත පිරිලා. අනේ මේවා කාට කියන්නද?

මහින්ද අල්විස්

ගන්නොරුව

පරපුර ටිකක් හොඳයි. ඇහැළේපොළ කුමාරිහාමි හොඳයි. කොස්තාපල් පුඤ්ඤසෝම හොඳායි.

අයන්ති

මතුගම

පාසල් විෂය නිර්දේශයට තවත් සාහිත්‍ය කෘති එකතු කරන්න. එතකොටවත් අනාගතයේදී රසඥතාවයක් ඇති පිරිසක් බිහි වේවි.

වසන්ති

අනුරාධපුර

වසන්ත කුමාරවිල කියන්නේ සටන් නළුවකුට වඩා හොඳ රංගන ශිල්පියෙක්. ඔහු රන්ජා චිත්‍රපටයේ කළ හරඹ දැකලයි මට එහෙම හිතුණේ.

අනිල් විජිත

කොළඹ 14

රූකාන්ත ගුණතිලක වැනි අය සුපර්ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ ඉඳලා දුන්නු කමෝට් නිසා ඇතැම් අයගේ හිත රිදුණා. නමුත් ඔහු කිව්වේ ඇත්ත. අද රියලිටි තරගවල ඉන්න විනිසුරුවන් තරගකරුවන්ව නලවනවා. ඒකයි නියම දක්ෂතා ඇති අය එළියට නොඑන්නේ.

චන්දන

අවිස්සාවේල්ල

නිහාල් නෙල්සන් යනු වයසට වඩා තරුණ කටහඬක් ඇති ගායකයෙකි. ඔහු බයිලා කියන විට දෙපා නැට වෙන්නේ ඉබේටමය.

සුනිල්

මධුරංකුලිය

හිරු ගුවන් විදුලි නාලිකාව හැමදාම අලුත් දේ ගේනවා. හිරු තමයි අංක එක.

ලක්මාලි

වරකපොළ